පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-10-04
අසන ලද්දේ
ගරු තවරාජා කලෙයි අරසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) 2,340ක් වූ මුළු පවුල් සංඛ්‍යාව අතරින් ජල හිඟයට මුහුණ දී සිටින සංඛ්‍යාව 1,940කි. සවිස්තර පිළිතුර පහත සඳහන් වේ.
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ග්‍රාමය |
මුළු පවුල් සංඛ්‍යාව |
ජල හිඟයට මුහුණ දී සිටින පවුල් සංඛ්‍යාව |
|
නාවිදන්වෙලි |
සොරික්කල්මුනයි-2 |
620 |
260 |
|
සම්මන්තුරෙයි |
මයිලෙයිතිවු |
70 |
70 |
|
ආලයඩිවේම්බු |
පනන්කාඩු |
600 |
600 |
|
|
කන්නගිකිරාමම් |
730 |
730 |
|
|
අලිගම්බේ |
320 |
320 |
(iii) එම ගම්මානවල පවතින පානීය ජල ගැටලුව විසඳීම සඳහා පහත ක්‍රියාමාර්ග ගනු ලැබේ.
සොරික්කල්මුනයි-2
මේ ගම්මානයේ කොටසක් සඳහා මේ වන විට නළ ජල පහසුකම් ලබා දී ඇත. ඉතිරි නළ මාර්ග දීර්ඝ කිරීම් හා පොම්පාගාර ඉදිකිරීම් කටයුතුවලට අදාළ ටෙන්ඩර් කැඳවීම සඳහා යොමු කරක ඇත. "සැමට ජලය" ව්‍යාපෘතියේ ප්‍රතිපාදන නොමැතිකම නිසා මේ වන විට එය තාවකාලිකව අත්හිටුවා ඇත.
මයිලෙයිතිවු ග්‍රාමය
ගම්මානයේ ජල නළ එළීම් කටයුතු මේ වන විටත් අවසන් කර ඇති අතර, එහි ජීවත් වන ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව කඩිනමින් සපුරාලිය හැක.
පනන්කාඩු
මෙම ගම්මානය තුළ ජල මූලාශ්‍රයක් නොමැති වීම හේතුවෙන් අක්කරපත්තු ජල සම්පාදන ක්‍රමයේ සිට ජලය බෙදා හැරීමේ නළ මාර්ග පද්ධතිය දීර්ඝ කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, කිලෝමීටර 15ක් පමණ ජල නළ දිගුවෙන් කිලෝමීටර 7ක පමණ මේ වන විට නළ එළීම් කටයුතු අවසන් කර ඇත. දැනට නිම කර ඇති කාර්යයන් සඳහා ගෙවීම් කිරීමට "සැමට ජලය" ව්‍යාපෘතිය යටතේ ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවා ඇත.
කන්නගිකිරාමම් සහ අලිගම්බේ
මෙම ගම්මාන තුළ නළ මාර්ග දීර්ඝ කිරීම් හා පොම්පාගාර ඉදිකිරීම් කටයුතුවලට අදාළ ටෙන්ඩර් කැඳවීම සඳහා යොමු කර ඇතත් "සැමට ජලය" ව්‍යාපෘතියේ ප්‍රතිපාදන නොමැතිකමින් මේ වන විට එම කාර්යයන් තාවකාලිකව අත්හිටුවා ඇත.
ඉහත පනන්කාඩු, සොරික්කල්මුනයි-2, කන්නගිකිරාමම්, අලිගම්බේ යන ගම්මානවල යෝජිත ජල සම්පාදන කටයුතු සඳහා "සැමට ජලය" ව්‍යාපෘතියේ ප්‍රතිපාදන නොමැතිවුවත් "Capacity Enhancement and Distribution Expansion (CEDE)" ව්‍යාපෘතිය මඟින් ප්‍රතිපාදන ලබා ගෙන මෙකී යෝජනා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
(ආ) (i) ඔව්.
මෙම ජල ටැංකිවල ඉදිකිරීම් මෙතෙක් සම්පූර්ණ කර නොමැති නිසා භාවිතයට ගත හැකි තත්ත්වයේ නොමැත. අම්පාර ප්‍රදේශයේ ජල නළ දීර්ඝ කිරීම් ව්‍යාපෘතිය (Phase III) යටතේ ජල ටැංකි 06ක් ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් ලබා දී තිබුණි. එම කොන්ත්‍රාත්තුව ලබා ගත් කොන්ත්‍රාත්කරුගේ කාර්යයේ ප්‍රගතිය දුර්වල වීම හේතුවෙන් එකී කොන්ත්‍රාත්තුව අවසන් කරන ලදී.
මේ වන විට "සැමට ජලය" ව්‍යාපෘතිය යටතේ මෙම කාර්යය සඳහා ටෙන්ඩර් කැඳවීම සිදු කර ටෙන්ඩර් ප්‍රදානය අවසන් කර ඇත. නමුත්, වැඩ ආරම්භ කිරීම සඳහා ප්‍රතිපාදන "සැමට ජලය" ව්‍යාපෘතියෙන් නොලැබීම හේතුවෙන් "Capacity Enhancement and Distribution Expansion (CEDE)" ව්‍යාපෘතිය මඟින් ප්‍රතිපාදන ලබා ගැනීමට යෝජනා කර ඇත.
(ii) මෙම ප්‍රදේශ සඳහා ජල ටැංකියක් භාවිතයකින් තොරව ප්‍රධාන නළ මාර්ගය මඟින් ඍජුවම ජලය බෙදා හැරීම සිදු කර මහජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලනු ලබයි.
(iii) මේ වනවිට "සැමට ජලය" ව්‍යාපෘතිය යටතේ මෙම කාර්යය සඳහා ටෙන්ඩර් කැඳවීම සිදු කර ටෙන්ඩර් ප්‍රදානය අවසන් කර ඇත. නමුත්, වැඩ ආරම්භ කිරීම සඳහා ප්‍රතිපාදන "සැමට ජලය" ව්‍යාපෘතියෙන් නොලැබීම හේතුවෙන් "Capacity Enhancement and Distribution Expansion (CEDE)" ව්‍යාපෘතිය මඟින් ප්‍රතිපාදන ලබා ගැනීමට යෝජනා කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-10-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks