පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1850/’11
ගරු රවී කරුණානායක මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පසුගිය වර්ෂ පහක කාලය තුළ, එක් එක් වර්ෂයේදී, එක් එක් වරායට අදාළව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශාලතම පිරිවැය ඉහළයාම් 10 සිදුවූයේ කවර කාර්යයන් සඳහාද;
(ii) ඉහත (i) හි සඳහන් පිරිවැය තීරණය කිරීමේදී සියලුම සාධක එක්ව සැලසීම මගින් ඇතිවූ ඒකාබද්ධ සමස්ත බලපෑම කවරේද;
(iii) පිරිවැය වැඩිවීමට සමානුපාතිකව ආදායමේ වැඩිවීමක් සිදුවී තිබේද;
(iv) නොඑසේ නම්, එම මූල්‍ය හිඟය පියවාගත් ආකාරය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) පසුගිය වර්ෂ 6ක කාලය තුළ එක් එක් වර්ෂයේදී, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ එක් සේවකයෙකු වෙනුවෙන් වූ අයභාරය, පිරිවැය, ලාභය සහ අගය එකතු කිරීම කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-08-08
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කරුණාකර ඇමුණුම (I) බලන්න.
(ii) කරුණාකර ඇමුණුම (II) බලන්න.
(iii) 2008 සහ 2009 වසරවල හැර ඉකුත් වර්ෂවල වාර්ෂික ආදායම වැඩිවීම පෙන්නුම් කර ඇත. මෙයට හේතු වූයේ 2009 වසරේ සහ 2008 වසරේ අගභාගයේ දී ඇති වූ ගෝලීය ආර්ථික අවපාතයයි. ඇතැම් වර්ෂවලදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ ක්‍රියාත්මක කරන ලද ඵලදායී අභ්‍යන්තර පාලනයන් හේතුකොට ගෙන වියදම අඩු වී ඇත. ඇතැම් වියදම් අපගේ පාලනයෙන් පරිබාහිර වූ අතර (උදා. විදේශ විනිමය විචල්‍යතාවයන්) මුදල් සහ මුදල් නොවන අයිතමයන් වියදම් ලෙස සලකන ලද බව ද සඳහන් කළ යුතු වේ.
(iv) ඵලදායක අභ්‍යන්තර පිරිවැය පාලන ක්‍රියාමාර්ග භාවිතා කිරීමෙන් සහ මුදල් සහ මුදල් නොවන අයිතමයන් පිරිවැය ලෙස සැලකීම තුළින් ඇති වූ වියදම්හි අඩුවීම ඉහත සඳහන් මුල්‍යමය හිඟයට බලපා නොමැත. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ඉදිරියට ගෙන එන ලද ප්‍රමාණවත් මුල්‍ය ශේෂයන් ඇති බැවින් මුල්‍යමය හිඟතාවයන් නොතිබූ බව ද තවදුරටත් සඳහන් කළ යුතු වේ.
(ආ) කරුණාකර ඇමුණුම් (III) බලන්න.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-12-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks