පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1849/’11
ගරු රවී කරුණානායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2004 වර්ෂයේ සිට මේ දක්වා වූ කාලය තුළ එක් එක් වර්ෂයේදී රජය විසින් ඉතාලිය සහ මැලේසියාව යන රටවලට රැකියා සඳහා යවන ලද ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව කොපමණද;
(ii) ඉතාලියට සහ මැලේසියාවට පුද්ගලයන් යැවීමේදී ඒ සඳහා පාදක කරගත් නිර්ණායකය කවරේද;
(iii) එම රටවල රැකියාවක් ලබාදීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් අයකරගත් මුදල කොපමණද;
(iv) ඉහත කී රටවලට රජය විසින් යවන ලද පුද්ගලයෙකුගේ රැකියාවට අදාළ ගිවිසුමේ කාලසීමාව කොපමණද;
(v) එම රටවල රැකියාවක නියුතු පුද්ගලයෙකුගේ සාමාන්‍ය වැටුප කොපමණද;
යන්න එතුමා ප්‍රකාශ කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-07-06
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ඩිලාන් පෙරේරා මහතා
(மாண்புமிகு டிலான் பெரேரா )
(The Hon. Dilan Perera)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i)
|
වසර |
මැලේසියාවේ රැකියා සඳහා පිටත් වූ ලාංකිකයින් සංඛ්‍යාව |
ඉතාලියේ රැකියා සඳහා පිටත් වූ ලාංකිකයින් සංඛ්‍යාව |
||||||
|
|
ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය මඟින් |
වෙනත් ඒජන්සි ආයතන මඟින් |
ස්වයං ලියා පදිංචි මඟින් |
එකතුව |
ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය මඟින් |
වෙනත් ඒජන්සි ආයතන මඟින් |
ස්වයං ලියා පදිංචි මඟින් |
එකතුව |
|
2004 |
0 |
153 |
82 |
235 |
4 |
0 |
12 |
16 |
|
2005 |
0 |
1021 |
147 |
1168 |
0 |
0 |
64 |
64 |
|
2006 |
0 |
3421 |
163 |
3584 |
0 |
0 |
7 |
7 |
|
2007 |
0 |
817 |
226 |
1043 |
0 |
0 |
24 |
24 |
|
2008 |
0 |
857 |
436 |
1293 |
0 |
0 |
17 |
17 |
|
2009 |
11 |
544 |
495 |
1050 |
0 |
0 |
22 |
22 |
|
2010 |
60 |
3021 |
609 |
3690 |
0 |
0 |
15 |
15 |
|
2011 |
28 |
1843 |
590 |
2461 |
0 |
0 |
15 |
15 |
|
එකතුව |
99 |
11677 |
2748 |
14524 |
4 |
0 |
176 |
180 |
(ii) 1. තානාපති කාර්යාලවලින් පරීක්ෂා කර සහතික කරන ලද රැකියා ඇණවුමක් ලබා තිබීම;
2. දේශීය රැකියා නියෝජිත ආයතනවල ඇති වලංගුභාවය පරීක්ෂා කිරීම;
3. විදේශ රැකියා ඇණවුමෙහි ඇති සේවා හා කොන්දේසි කාර්යාංශයේ නීති රීතිවලට අනුකූල වීම;
4. දේශීය රැකියා නියෝජිත ආයතනවල ඇති පෙර පැමිණිලි පරීක්ෂා කර බැලීම;
5. විදේශ රැකියා ඒජන්ත අසාදු ලේඛනගත වී ඇති දැයි පරීක්ෂා කිරීම;
6. විදේශ රැකියා ඇණවුමෙහි වැටුප් කාර්යාංශයේ අනුමත වැටුප්වලට වඩා අඩු නොවීම.
(iii) ඉතාලි රට සඳහා 2004 සහ 2009 වසර සඳහා පමණක් ඒජන්සි ආයතනවලින් අනුමැතිය ලබා ඇති අතර එම කාල වකවානුවෙහි ඒජන්සි ආයතන සඳහා අනුමත අය කිරීමක් කාර්යාංශයෙන් ලබා දී නොමැත.
මැලේසියා රටට ගෘහ සේවිකා සඳහා අය කිරීමක් නොමැත. අනෙකුත් රැකියාවන් සඳහා ඔවුන්ගේ වැටුප, කොන්ත්‍රාත් කාලය, විනිමය අනුපාතය සලකා බලා එම අගයෙන් සියයට 10ක ප්‍රමාණය ඔවුන්ගේ අනුමත අය කිරීම ලෙස සැලකේ.
(iv) ඉතාලි රට සඳහා රජය විසින් යවන ලද පුද්ගලයෙකුගේ රැකියාවට අදාළ ගිවිසුමේ කාල සීමාව වසර 02ක් පමණ වේ.
මැලේසියා රට සඳහා රජය විසින් යවන ලද පුද්ගලයෙකුගේ රැකියාවට අදාළ ගිවිසුමේ කාල සීමාව වසර 02ත්, 03ත් පමණ වේ.
(v) ඉතාලි රටෙහි රැකියාවක නියුතු පුද්ගලයෙකුගේ සාමාන්‍ය වැටුප යූරෝ 375ක් පමණ ද,
මැලේසියානු රටෙහි රැකියාවක නියුතු පුද්ගලයෙකුගේ සාමාන්‍ය වැටුප මැලේසියානු රිගිට් 850ක් පමණ වේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-01-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩිලාන් පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks