01

E   |     |  

 දිනය: 2023-01-19   පිළිතුර ලබා දී ඇත 

2045/2023: වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය: විස්තර

----

අසන ලද දිනය

2023-01-19

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)       ඔව්.

                (ii)         2018 අංක 32 දරන වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පනතේ 7 වන වගන්තිය අනුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සංඛ්‍යාව 13කි.

  • අධිකාරිය අයත්වන අමාත්‍යාංශයේ අමාත්‍යවරයා විසින් පත් කළ සංඛ්‍යාව 06කි. එම පත් කළ සාමාජිකයන් අතුරින් කෙනෙකු සභාපති ලෙස සහ එක් සාමාජිකයකු උප සභාපති ලෙස අමාත්‍යවරයා විසින් පත් කරනු ලබයි.
  • නිල බලයෙන් පත්වන සංඛ්‍යාව 7කි.

රේඛීය අමාත්‍යාංශය

01

මුදල් අමාත්‍යාංශය

01

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

01

පොදු ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය

01

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

01

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය

01

ඉඩම් අමාත්‍යාංශය

01

එකතුව

07

 

 

 

 

 

 

 

 

 

අදාළ අමාත්‍යාංශයේ ලේකම් විසින් එම අමාත්‍යාංශයේ නිලධරයකු පත් කරනු ලබයි.  

  • කාර්ය මණ්ඩලයේ අනුමත තනතුරු සංඛ්‍යාව 28කි. එය පහත පරිදි වේ.

1.

අධ්‍යක්ෂ ජනරාල්

01

2.

අධ්‍යක්ෂ

02

3.

ප්‍රාදේශීය අධ්‍යක්ෂ

01

4.

නියෝජ්‍ය/සහකාර අධ්‍යක්ෂ

02

5.

ගණකාධිකාරි

01

6.

අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්/නීති නිලධාරි

01

7.

පරිපාලන නිලධාරි

01

8.

තාක්ෂණ නිලධාරි

02

9.

භාෂා පරිවර්තක

02

10.

ගිණුම් සහකාර

01

11.

සංවර්ධන නිලධාරි

02

12.

කළමනාකරණ සහකාර

03

13.

රියැදුරු

04

14.

කාර්යාල කාර්ය සහායක

05

එකතුව

28

(iii) 2021 වසරේ ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත අත්‍යවශ්‍ය තනතුරු 12ක් සඳහා කොන්ත්‍රාත් හා වැඩ බැලීමේ පදනම මත නිලධාරින්  පත් කර ඇත.

 

1.  ටී.ඩී. බංගමුව මිය - අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ)

2.  පී. ශක්තියවේලු මයා - අධ්‍යක්ෂ (පාලන) (වැ.බ)

3.  ආර්.ජී.ඩී. ප්‍රියදර්ශනී මිය - ගණකාධිකාරි (වැ.බ)

4. එස්. ගොබිනාත් මයා - තාක්ෂණික නිලධාරි (වැ.බ)

5. ආර්.ඩී. දිවාරත්න මයා - සංවර්ධන නිලධාරි (වැ.බ)

6. එස්. රූබදර්ශන් මයා - ප්‍රාදේශීය අධ්‍යක් (කොන්ත්‍රාත්)

7. වෛද්‍ය පී.ඒ.ඒ. ගුණවර්ධන මයා - නියෝජ්‍ය අධ්‍යක්ෂ (සංවර්ධන) (කොන්ත්‍රාත්)

8. එන්. කරඳන‍ගොඩ මිය - පරිපාලන නිලධාරි (කොන්ත්‍රාත්)

9. පී. රමේෂ් මයා - රියැදුරු (කොන්ත්‍රාත්)

10. ටි.පී. පුෂ්පකුමාර මයා - රියැදුරු (කොන්ත්‍රාත්)

11. අයි.සී.කේ. කහටපිටිය මයා - රියැදුරු (කොන්ත්‍රාත්)

12. එස්. මුනියප්පන් මයා - කාර්යාල කාර්ය සහායක   (කොන්ත්‍රාත්)

 

(iv) වැඩ බලන පත්වීම් - අමාත්‍යාංශයේ වතු නිවාස අංශයේ නිලධාරින් අතුරින් අධිකාරියේ බඳවා ගැනීමේ පටිපාටියට අනුව අදාළ අවම සුදුසුකම් සපුරා ඇති නිලධාරින් පත් කර ඇත.

තනතුර

බඳවා ගැනීමේ  පටිපාටිය අනුව අවම සුදුසුකම්

දැනට තනතුර දරන  නිලධාරියාගේ  සුදුසුකම්

අධ්‍යක්ෂ ජනරාල්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක ප්‍රථම උපාධිය සහ විද්‍යාපති උපාධිය සමඟ තනතුරට අදාළ අවම අවුරුදු 18ක පළපුරුද්ද

1. විද්‍යාවේදී උපාධිය (ජීව විද්‍යා ප්‍රථම උපාධිය)  2. විද්‍යාපති උපාධිය (MSc) (ආහාර හා පෝෂණය පිළිබඳ) 3. වසර 24ක රාජ්‍ය සේවා පළපුරුද්ද

අධ්‍යක්ෂ (පාලන)

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත්  විශ්වවිද්‍යාලයක ප්‍රථම උපාධිය සහ විද්‍යාවේදී/විද්‍යාපති උපාධිය සමඟ තනතුරට අදාළ අවම අවුරුදු 15ක පළපුරුද්ද

1. ව්‍යාපාර පරිපාලන උපාධිය ලබා ඇත.  2. විද්‍යාවේදී උපාධිය (ව්‍යාපාර පරිපාලනය පිළිබඳ/MBA)   3. අවුරුදු 12ක පළපුරුද්ද

තාක්ෂණික නිලධාරි

තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත්  කාර්මික විද්‍යාලයක NVQ Level 07ට නොඅඩු සහතික පත් සිවිල් ඉංජිනේරු පාඨමාලාව සම්පූර්ණ කර තිබීම සහ අවුරුදු 05ක අවම පළපුරුද්ද

කාර්මික විද්‍යාල ඉදිකිරීම් ඩිප්ලෝමා පාඨමාලාව හා සිවිල් ඉංජි‍නේරු  සහතික පත්‍ර පාඨමාලා සම්පූර්ණ කිරීම සහ අවුරුදු 15ක පළපුරුද්ද

ගණකාධිකාරි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත්  විශ්වවිද්‍යාලයක ප්‍රථම උපාධිය සහ තනතුරට අදාළ අවම අවුරුද්දක පළපුරුද්ද

1. වාණිජවේදී උපාධිය  2. විද්‍යාවේදී උපාධිය  3. වසර 29ක රාජ්‍ය සේවා පළපුරුද්ද

සංවර්ධන නිලධාරි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක ප්‍රථම උපාධිය

රාජ්‍ය කළමනාකරණ උපාධිය (විශේෂ) හා අවුරුදු 05ක පළපුරුද්ද

 

 

 

 

 

 

 

 

 

 

 

 

කොන්ත්‍රාත්  පදනම මත පත්වීම් - අධිකාරියේ අනුමත බඳවා ගැනීමේ පටිපාටියට අනුව අදාළ අවම සුදුසුකම් සපුරා ඇති නිලධාරින් පත් කර ඇත.

තනතුර

බඳවා ගැනීමේ පටිපාටිය අනුව අවම සුදුසුකම්

දැනට තනතුර දරන නිලධාරියාගේ සුදුසුකම්

ප්‍රාදේශීය අධ්‍යක්ෂ

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක ප්‍රථම උපාධිය සහ තනතුරට අදාළ අවම අවුරුදු 03ක පළපුරුද්ද

මූල්‍ය කළමනාකරණය පිළිබඳ ප්‍රථම උපාධිය සමඟ අවුරුදු 03ක පළපුරුද්ද

සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන)

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක ප්‍රථම උපාධිය සහ තනතුරට අදාළ අවම අවුරුද්දක පළපුරුද්ද

වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය සමඟ අවුරුදු 04ක පළපුරුද්ද

පරිපාලන නිලධාරි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක ප්‍රථම උපාධිය

කළමනාකරණය පිළිබඳ ප්‍රථම උපාධිය සමඟ අවුරුදු 02ක පළපුරුද්ද

රියදුරු

දෙවරකට නොවැඩි වාර ගණනකදී අ.පො.ස. සාමාන්‍ය පෙළ අවම සම්මාන 02ක් සහිතව විෂයන් 06ක් සමත් වීම සහ බර වාහන රියදුරු බලපත්‍රය සහ බලපත්‍ර ලබා ගැනීමෙන් පසුව අවම අවුරුදු 03ක පළපුරුද්ද

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සම්මාන 03ක් සමඟ විෂයන් 07ක් සමත්වීම සහ සැහැල්ලු රියැදුරු බලපත්‍රය සමඟ අවුරුදු 06ක පළපුරුද්ද

රියදුරු

 

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සම්මාන 03ක් සමඟ විෂයන් 07ක් සමත්වීම සහ බර වාහන රියැදුරු බලපත්‍රය ලබා ගෙන ඇත. පළපුරුද්ද අවුරුදු 05කි.

රියදුරු

 

බර වාහන පුහුණුව (NVQ Level 3) ලබාගෙන ඇත. බර වාහන රියදුරු බලපත්‍රය සමඟ අවුරුදු 15ක පළපුරුද්ද

කාර්යාල කාර්ය සහායක

දෙවරකට නොවැඩි වාර ගණනකදී අ.පො.ස. සාමාන්‍ය පෙළ අවම සම්මාන 02ක් සහිතව විෂයන් 06ක් සමත් වීම

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සම්මාන 03ක් සමඟ  විෂයන් 06ක් සමත්වීම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ආ) (i) 2018 අංක 32 දරන වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පනතේ 4වන වගන්තිය අනුව,

1. වැවිලි කලාපයේ සමාජ, ආර්ථික, සංස්කෘතික හා යටිතල පහසුකම් සංවර්ධනය තුළින් හඳුනාගත් ප්‍රදේශවල වැවිලි ප්‍රජාව ප්‍රධාන සමාජ ධාරාවට ඇතුළත් කිරීම සහතික කිරීම.

2. නම් කළ ප්‍රදේශවල වැවිලි ප්‍රජාව, ඔවුනට ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායක විය හැකි වන පරිදි සමාජමය හා ආර්ථිකමය වශයෙන් සවිබලගැන්වීම.

(ii) 2018 අංක 32 දරන වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පනතේ 6වන වගන්තිය අනුව,

1.  අමාත්‍යවරයා විමසා නම් කළ නව ගම්මාන සංවර්ධනය කිරීම, ආණ්ඩුවේ සැලසුම්, වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

2. අධිකාරි‍යේ අරමුණු ඉටු කර ගැනීම උදෙසා ක්‍රියා කිරීමේදී වැවිලි කලාපයේ අනෙකුත් ජාතික, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික්ක මට්ටමේ ක්‍රියාත්මක කිරීමේ   නියෝජිත ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීම.

3.   නව ගම්මාන සංවර්ධනය සඳහා වූ ආණ්ඩුවේ සැලසුම්, වැඩසටහන් සහ ව්‍යාපෘති සෑදීමේදී සහ නම් කළ ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමේදී වැවිලි කලාපයේ  ප්‍රජා මූල සංවිධානවල සහභාගිත්වය සහතික කිරීම.

4.  නම් කළ ප්‍රදේශවල වතුවල ඇති නිවාසවල නීත්‍යනුකූල පදිංචිකරුවන්ට එම නිවාසවල අයිතිය ප්‍රදානය කිරීම සඳහා එම පදිංචිකරුවන්ට හිමිකම් ඔප්පු නිකුත් කිරීම පහසු කරලීම.

5.  නම් කළ ප්‍රදේශවල වතු අංශයේ සිටින තරුණ ප්‍රජාවට ඔවුන්ගේ අධ්‍යාපනික සංවර්ධනය සඳහා තෘතීයික හා උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත් වීම  සඳහා සහාය සැලසීම.

6.  නම් කළ ප්‍රදේශවල ප්‍රජාවට අත්‍යවශ්‍ය සේවා සැපයීම පහසු කරලීම සඳහා පළාත් සභා අමාත්‍යාංශ හා අනෙකුත් රාජ්‍ය අමාත්‍යාංශවල ප්‍රාදේශීය මට්ටමේ කාර්යාල සමඟ කටයුතු කිරීම.

7. නම් කළ ප්‍රදේශවල වතු ප්‍රජාව සඳහා විකල්ප ජීවනෝපාය අවස්ථා ප්‍රවර්ධනය කිරීම හා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මඟ පෙන්වීම හා යෙදවුම් සැපයීම.

8. තම ජීවනෝපාය මාර්ග නඟා සිටුවීම සඳහා කාන්තාවන්, ළමුන්, වැඩිහිටියන් හා විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ද ඇතුළු වතු අංශයේ විවිධ ප්‍රජා කණ්ඩායම්  සවිබල ගැන්වීම.

9.  නම් කළ ප්‍රදේශවල වතුවල පිහිටි නිවාසවල නීත්‍යනුකූල පදිංචිකරුවන්ගෙන් පැවතෙන්නන්ටද එම නීත්‍යනුකූල පදිංචිකරුවන් විසින් භුක්ති විඳිනු ලබන  සියලු පහසුකම් සලසනු ලබන බවට තහවුරු කිරීම.

10. නම් කළ ප්‍රදේශවල භූමි සහ ජල මූලාශ්‍රවල භෞතික පහත වැටීම් අවම කිරීමේ සහ පරිසර දූෂණය තුරන් කිරීමේ අරමුණින් නිවාරක ප්‍රතිකර්මය යන  දෙයාකාරයෙන්ම වූ සංරක්ෂණ පියවර සියලු මට්ටම්වලදී ශක්තිමත් කිරීම.

11. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය හා ව්‍යසන කළමනාකරණ මධ්‍යස්ථානය විමසා නම් කළ ප්‍රදේශවල උවදුරු සහිත ප්‍රදේශ හඳුනා ගැනීම හා නේවාසික කාර්ය සඳහා  නීති විරෝධී ලෙස පදිංචිවීම්වලින් ආරක්ෂා කර ගනිමින් ඒවා විකල්ප ඵලදායී භාවිතයට හැරවීම.

12. නම් කළ ප්‍රදේශවල ප්‍රමාණවත් සමාජ සේවා සහ ප්‍රමාණවත් තිරසාර යටිතල පහසුකම් සැලසීම ප්‍රවර්ධනය කිරීම.

(iii) ඔව්.

(iv) රටේ පවතින වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් කළ හැකි ප්‍රතිපාදන සීමිත බැවින්, විදේශීය ආධාර යටතේ වතු ප්‍රජාව  වෙනුවෙන් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අධිකාරිය කටයුතු කරමින් පවතී.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) යටතේ ක්‍රියාත්මක කිරීමේ පාර්ශ්වයක් ලෙස අධිකාරිය කටයුතු කරනු ලබන අතර, ඒ අනුව (UNFPA) ආයතනය මඟින් පහත සඳහන් සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

 

  • ලිංගිකත්වය මත පදනම් වූ හිංසනය ළමා අපචාර හා කාන්තා හිංසනය වැළැක්වීම සඳහා වැඩසටහන් වතු ප්‍රදේශයන්හි ක්‍රියාත්මක කිරීම.
  • තරුණියන් සඳහා සනීපාරක්ෂක කට්ටල සහ ගර්භිණී තත්වයේ පසුවන කාන්තාවන් සඳහා දරු ප්‍රසූතියට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් සනීපාරක්ෂක
  • කට්ටල බෙදා දීම.
  • "Save the Children" ආයතනය සමඟ සම්බන්ධ වී වතුකරයේ ජීවත්වන ගර්භිණී මවුවරුන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා ගර්භිණී කාලය
  • තුළ අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට මුදල් වවුචර ලබා දීම.
  • වතු ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි කරනු ලබන පුද්ගලයන්ගේ සනීපාරක්ෂක පහසුකම් සඳහා තාවකාලික වැසිකිළි සකසා දීම.
  • වැවිලි ප්‍රජාව සමඟ ඍජුව සම්බන්ධ වන ක්ෂේත්‍ර නිලධාරින් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • "Good Neighbours International (Pvt.) Ltd." ආයතනයේ හා තායිවාන් රජයේ ආධාර යටතේ වතු පාසල් දරුවන් සඳහා (Type 3) සහල් සහනාධාර
  • වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
  • "Good Neighbours International (Pvt.) Ltd." ආයතනය හා එක්ව වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා සත්ව පාලන හා
  • ගෙවතු වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  • වතුකරයේ වෙසෙන තරුණ ප්‍රජාවට වෘත්තීය පුහුණු අවස්ථා සලසා දීම සඳහා කොරියානු රජය හා එක්ව (KOICA) වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • සඳහා  සාකච්ඡා කරමින් පවතී.
  • වතුකරයේ ස්ථාපිත කර ඇති පුස්තකාල සඳහා "British Council" ආයතනය හා එක්ව පොත් ලබා දීම.

 

වතුකරයේ තරුණ ප්‍රජාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා විවිධ රැකියා අවස්ථා හඳුන්වා දීම, ඒ අනුව ඉවතලන ද්‍රව්‍ය නැවත භාවිතයෙන්

අත්කම් භාණ්ඩ නිපදවීම සහ ඒ ‍සඳහා වෙළෙඳ පොළ සොයා දීමට පෞද්ගලික ආයතන හා එක්ව කටයුතු කිරීම, මේ සම්බන්ධයෙන් දැනටමත් 

"Sustainability (Pvt.) Ltd." ආයතනය හරහා කටයුතු සිදු කරනු ලබයි.

 

  • වතු ප්‍රජාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ආහාර සහනාධාරයක් ලබා දීමට ලෝක ආහාර සංවිධානය සමඟ සාකච්ඡා කිරීම.
  • වතු ජනතාව උදෙසා විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමට හැකිවන පරිදි පෞද්ගලික අංශ සමඟ එක්ව "ඔන්ලයින්" (Online) තාක්ෂණය ඔස්සේ වෛද්‍ය පහසුකම් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කිරීම. (මෙහි ප්‍රථම පියවර ලෙස oDoc (Pvt.) Ltd. ආයතනය සමඟ එක්ව ඉදල්ගස්හින්න වත්තේ පවුල් 300ක් සඳහා අදාළ පහසුකම් ලබා දී ඇත.)

 

 

(ඇ) ඉහත (ආ) i සිට iv දක්වා පිළිතුරු ලබා දී ඇත.

 

පිළිතුරු දුන් දිනය

2023-01-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks