පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-09-23
අසන ලද්දේ
ගරු ජේ.සී. අලවතුවල මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) ඔව්. ශ්‍රී ලංකාවේ මේ වනවිට වාහන අමතර කොටස්වල සහ ටයර්වල හිඟයක් පවතී.
(ii) වර්තමානයේ ඇති වී ඇති විදේශ විනිමය ඌනතාවයන් හේතුවෙන් ආනයනික භාණ්ඩ මෙරට වෙළෙඳ පොළ තුළට ගෙන්වීමේදී මතුවී ඇති දුෂ්කරතා පිළිබඳව රජයට හොඳ අවබෝධයක් ඇත. එම භාණ්ඩ අතුරින් ද මූලික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවීම තුළින් පසුගිය කාලයේ සමස්ත ආර්ථිකයේම යම් පසුබෑමක් ඇති වූ බව නොරහසකි. එම නිසා රජය විසින් මූලික අත්‍යවශ්‍ය ආනයනයන් වන ඉන්ධන, ගෑස් සහ පොහොර වැනි දෑ මේ වන විට වෙළෙඳ පොළේ ගැටලුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය පරිසරය කඩිනමින් සැකසීමට ප්‍රමුඛතාව ලබා දී ඇත. එවැනි වාතාවරණයක් තුළ වාහන අමතර කොටස් සහ ටයර් වැනි ආනයන ආදේශක දේශීය වශයෙන් මුළුමනින්ම සපයාගත නොහැකි භාණ්ඩවල වෙළෙඳ පොළේ හිඟයක් ඇති වීම සහ එම හේතුවෙන් වාහන හිමිකරුවන් යම් දුෂ්කරතාවකට පත්වීම සිදුවිය හැකි තත්ත්වයකි.
(ආ) (i) ඔව්, වාහන අමතර කොටස් සහ ටයර් ආනයනය සීමා කිරීම එම හිඟයට හේතු වී තිබේ.
(ii) 2020 වසරේ මාර්තු මාසයේ සිට කොවිඩ් වසංගතය සහ එම හේතුවන් රට වසා තැබීම යන කරුණු හේතුවෙන් මෙරටට විදේශ විනිමය ගලා එන ප්‍රධාන ප්‍රභවයන් වන සංචාරක කර්මාන්තය අඩාළ වීම සහ විදේශ රැකියා මඟින් ගලා එන ප්‍රේෂණ හිඟය වැනි කරුණු හේතුවෙන් මතු වූ අර්බුදකාරී තත්ත්වයන් සැලකිල්ලට ගෙන, රජය විසින් 1969 අංක 01 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ ආනයන සීමා කිරීම් සහ 2022 අංක 07 දරන ගෙවීම් ක්‍රම සඳහා වූ ආනයන පාලන රෙගුලාසි මඟින්ද, විවිධ ආනයන බදු වර්ග සංශෝධන සිදු කිරීමෙන් ද ආනයන අධෛර්යවත් කිරීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර ඇත. මෙහිදී දේශීය වශයෙන් නිපදවන ටයර් වර්ග ආනයනය තාවකාලිකව නතර කිරීමට පියවර ගනු ලැබූ අතර, විවිධ පාර්ශ්වයන්ගෙන් කරනු ලැබූ ඉල්ලීම් මත මෙම භාණ්ඩ සම්බන්ධයෙන් වූ ආනයන සීමා ඉවත් කිරීමට ද කටයුතු කර ඇත. මේ වන විට අලුත් ටයර් ආනයනය, වාහන බැටරි ඇතුළු හඳුනාගත් වාහන අමතර කොටස් ආනයනයට සීමා පැනවීමක් සිදු කර නොමැති බව ද සඳහන් කරමි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2022-10-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks