පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-12-09
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) 09යි. (දැනට හඳුනාගත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතට අයත්)
(ii) ඇමුණුමෙහි දක්වා ඇත. (ග්‍රාම නිලධාරි වසම් අනුව දක්වා ඇත. අතිරහාපිටිය, පහළඕවල, හිඹලියාකඩ, බෝගහවැව, රදුන්න, සෝනුත්ත, කරව්ගහ වැව, නාගලවැව, වෑවලවැව)
(iii) ඇමුණුමෙහි දක්වා ඇත.
ඇමුණුම සභාගත* කරමි.
අතිරහාපිටිය, ගමවෙලයාය- ව්‍යාපාරයට අවශ්‍ය ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම ගම්මානයට ඍජු ජල සැපයුමක් නොමැත. මෙම ගැටලුවට විසඳුම් ලෙස දඹේයාය වැව ඉදිකිරීමට යෝජනා කර ඇත.
පහළඕවල, කැන්දගොල්ලයාය- ව්‍යාපාරයට අවශ්‍ය ජලය ප්‍රමාණවත් නොවීම. මෙම ගැටලුවට විසඳුම් ලෙස වගා ළිඳක් ඉදිකිරීමට යෝජනා කර ඇත.
හිඹිලියාකඩ, වත්තේගෙදර වැව ව්‍යාපෘතිය වාර්මාර්ග දෙපාර්තමේන්තුව විසින් ඉදිකරයි.
බෝගහවැව, වාරි ජල හිඟතාවක් තිබෙනවා. ලෝක බැංකු ආධාර යටතේ දේශගුණික අව බලපෑම් අවම කිරීමේ බහු කාර්ය වැඩසටහන යටතට එම ව්‍යාපෘතිය ඇතුළත් කරලා තිබෙනවා. ලබන අවුරුද්දේ ආරම්භ කරන්න පුළුවන්. රදුන්න සහ කරව්ගහ වැව කියන දෙකේම ඇළ මාර්ග අබලන්ව පවතිනවා. ඒ ඇළ මාර්ග සකස් කිරීම සඳහා අපි ලෝක බැංකු ආධාර යටතේ ඇති ව්‍යාපෘතියට යොමු කරලා තිබෙනවා. සෝනුත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ ඇළ මාර්ග අබලන්ව තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් 2023 වර්ෂයේ ප්‍රතිපාදනවලින් කිරීමට යෝජනා කරලා තිබෙනවා. අපි මේ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙනවා. නාගලවැව සහ වෑවලවැව යන මේ වැව් දෙකම වර්ෂා ජලයෙන් පෝෂණය වන බැවින් වැවේ ජල ධාරිතාව එක් කන්නයකට පමණක් සීමා වේ. යල කන්නයේ පෝෂක ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනයට අනුව වගා කටයුතු සිදු කරනු ලබයි. ජල ගැටලු විසඳීම සඳහා ප්‍රායෝගික නොවන අධික පිරිවැයක් යන බැවින්, ඒ පිළිබඳව මීළඟ විකල්පයට යාම සඳහා අධ්‍යයන කටයුතු කරමින් පවතිනවා. දඹගොල්ලෑව ග්‍රාම නිලධාරි වසමේ ගොඩිගමුව ගම්මානයේ ජල ගැටලුව විසඳීමට වැවක් ඉදිකිරීම සඳහා යෝජනා වෙලා තිබෙනවා. ඒ කටයුත්ත කරනවා.
(ආ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-12-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks