පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-12-09
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) කලා වැව මඟින් පෝෂණය වන මහවැලි 'එච්' කලාපයේ මහ වැව් 06ක්, මධ්‍යම වැව් 10ක්, කුඩා වැව් 112ක් පිහිටා ඇති අතර, සම්පූර්ණ වැව් සංඛ්‍යාව 128කි.
(ආ) (i) "වාරි සෞභාග්‍යා" වැඩසටහන යටතේ වැව් 36ක ජලජ ශාක ඉවත් කර ඇති අතර, තවත් වැව් 32ක ජලජ ශාක ඉවත් කිරීම සිදු කළ යුතුව ඇත.
(ii) ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ 2020 වර්ෂයේ මහවැලි 'එච්' කලාපයේ වැව් 03ක්, 2021 වර්ෂයේ වැව් 37ක් සහ 2022 වර්ෂයේ වැව් 21ක් ලෙස වැව් 61ක් විධිමත් පරිදි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සම්පූර්ණ කර ඇත.
(iii) 'එච්' කලාපයේ පිහිටි වැව් 128 අතරින් වැව් 35ක් ධීවර කටයුතු සඳහා ද භාවිත කරනු ලැබේ. මෙම වැව් 35 අතරින් වැව් 07ක ජලජ ශාක ඉවත් කර ඇති අතර, තවත් වැව් 08ක ජලජ ශාක ඉවත් කිරීම සිදු කළ යුතුව ඇත.
(ඇ) ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ 'එච්' කලාපයේ 2020 වර්ෂයේ වැව් 03ක්, 2021 වර්ෂයේ වැව් 37ක් සහ 2022 වර්ෂයේ වැව් 21ක් ලෙස වැව් 61ක විධිමත් පරිදි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සම්පූර්ණ කර ඇත. තවද, ඉදිරි වර්ෂ තුළදී ප්‍රතිපාදන ලැබෙන පරිදි ඉතිරි වැව්වල නඩත්තු සහ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-12-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks