01

E   |     |  

 දිනය: 2022-10-06   පිළිතුර ලබා දී ඇත 

1527/2022: විදුලි උත්පාදනය: පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතය

----

අසන ලද දිනය

2022-10-06

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2022 වර්ෂයේ අගෝස්තු 30වන දින තෙක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් යටතේ උත්පාදනය කළ විදුලි ඒකක ප්‍රමාණය ගි.වො.පැ. 4,922.38කි.

                        ඒ අනුව දිනකට සාමාන්‍ය වශයෙන් ගිගවොට් පැය 20.34ක් උත්පාදනය කරනු ලබයි.

              (ii)      2022 වර්ෂයේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් යටතේ උත්පාදනය කිරීමට අපේක්ෂිත විදුලිය ඒකක ප්‍රමාණය ගි.වො.පැ.  8,064.85කි.

(iii) 2022 වර්ෂයේ අගෝස්තු 30වන දින තෙක් සූර්ය බලශක්තිය යටතේ උත්පාදනය කරනු ලබන විදුලි ඒකක ප්‍රමාණය ගි.වො.පැ. 462.53කි.

ඒ අනුව දිනකට සාමාන්‍ය වශයෙන් ගිගවොට් පැය 1.91ක් උත්පාදනය කරනු ලබයි.

(iv) 2022 වර්ෂයේදී සූර්ය බලශක්තියට අමතරව වෙනත් පුනර්ජනනීය ප්‍රභවයන් යටතේ උත්පාදනය කිරීමට අපේක්ෂිත විදුලි ඒකක ප්‍රමාණය පහත පරිදි වේ.

මහා පරිමාණ ජල විදුලි බලාගාර = ගි.වො.පැ 5,353.00

කුඩා ජල විදුලි බලාගාර = ගි.වො.පැ 1,568.15

සුළං විදුලි බලාගාර = ගි.වො.පැ 327.46

දැව හා ජෛව ස්කන්ධ බලාගාර = ගි.වො.පැ 92.84

නාගරික ඝන අපද්‍රව්‍ය බලාගාර = ගි.වො.පැ 70.01

(ආ) (i) හෙලියස් තිරප්පනේ බයෝ පවර් (පුද්.) සමාගමට අයත් කොට්ට මුරිච්චාන දැව භාවිතයෙන් විදුලිය උත්පාදනය කරනු ලබන බලාගාරයෙන් බලශක්ති මිලදී ගැනීම සඳහා වූ ගිවිසුමකට (SPPA)  2010 දෙසැම්බර් 22 දින එළඹී ඇති අතර, එමඟින් නිෂ්පාදිත විදුලිය 2011 සැප්තැම්බර් මස 05 දින ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇත.

(ii) එම බලාගාරයේ 2014 වර්ෂයේ ඇති වූ තාක්ෂණික දෝෂ හේතුවෙන් සහ පැන නැඟී ඇති යම් යම් පරිපාලනමය ගැටලු හේතුවෙන් බලාගාරය අක්‍රිය තත්ත්වයේ පවතින බව හෙලියස් තිරප්පනේ බයෝ පවර් (පුද්.) සමාගම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.

(ඇ) මෙම විදුලි බලාගාරය අයත් සමාගම පෞද්ගලික සමාගමක් වන බැවින්, එහි පරිපාලන කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකියාවක් නොමැති බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. තවද, එම සමාගම වෙතින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් වන ගිවිසුම මේ දක්වා වලංගු තත්ත්වයේ පවතින අතර, තවදුරටත් එම සමාගම විසින් නිපදවනු ලබන විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය වෙත සැපයීමට කිසිදු බාධාවක් නොමැත. මෙම සමාගම මඟින් නිපදවනු ලැබූ විදුලිය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමෙන් පසු 2014 මැයි දක්වා බලශක්ති උත්පාදනයට අදාළ ඉන්වොයිස් ඉදිරිපත් කර ඇත. ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් ගෙවීම් ද සිදු කර ඇතත්, ඉන් අනතුරුව කිසිදු ඉන්වොයිස් එකක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත මේ දක්වා ඉදිරිපත් කර නොමැත. 

(ඈ) අදාළ නොවේ. 

පිළිතුරු දුන් දිනය

2022-10-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කංචන විජේසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks