පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-09-23
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) කලාවැව - පැන්නුම රජයේ රෝහල මහවැලි ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර සිට ආරම්භ කරන ලද රෝහලකි.
(ii) මේ වන විට එම රෝහලේ අබලන් තත්ත්වයේ පවතින ගොඩනැඟිලි වන්නේ, භාවිතයේ නොමැති නිල නිවාස 03ක් සහ පැරණි ගිලන් රථ ගරාජය පමණි.
(ආ) (i) ඔව්.
(ii) පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන මඟින් කලාවැව - පැන්නුම රජයේ රෝහල සඳහා පහත සඳහන් ඉදිකිරීම් දැනටමත් සිදු කර ඇත.
• 2017 වර්ෂයේ රුපියල් මිලියන 15ක වියදමින් භාවිතයේ පවතින බාහිර රෝගී අංශය සඳහා නව ගොඩනැඟිල්ල ඉදිකිරීම.
• 2021 වර්ෂයේ රුපියල් මිලියන 3.5ක වියදමින් භාවිතයේ පවතින ජල ටැංකිය ඉදිකිරීම.
• 2018 වර්ෂයේ රුපියල් මිලියන 2.5ක වියදමින් භාවිතයේ පවතින ගිලන් රථ ගරාජය ඉදිකිරීම.
මීට අමතරව, 2021 වර්ෂයේ ප්‍රාථමික සෞඛ්‍ය සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ කලාවැව ප්‍රාදේශීය රෝහලේ සුළු අලුත්වැඩියා සඳහා මුදල් වෙන් කර ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2022-10-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks