පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2023-01-18
අසන ලද්දේ
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) දිළිඳු බවේ රේඛාව ගණනය කරන ලද්දේ 2002 වර්ෂයේදීය. 1995 වර්ෂය වන විට දිළිඳු බවේ ප්‍රතිශතය 28.8කි. එය 2019 වර්ෂය වන විට සියයට 3.2ක් දක්වා අඩු වී ඇත. (ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව)
(ii) සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා ගැනීම සඳහා ප්‍රථමයෙන් පවුල් ඒකකයක් හඳුනා ගත යුතුය. එහිදී මව පියා ඇතුළු අවිවාහක දරුවන් පවුල ලෙස හැඳින්වේ. එම පවුල් ඒකකයක් තුළ පහත සඳහන් නිර්ණායක සලකා බලා සමෘද්ධි සහනාධාර ලබා දීමට සුදුසු ප්‍රතිලාභීන් තෝරා ගැනීම ග්‍රාමීය කමිටුවක් විසින් සිදු කරනු ලබයි.
* පවුලේ සාමාජිකයන්ගේ අධ්‍යාපන මට්ටම
* පවුලේ ආර්ථික මට්ටම
* පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය
* වත්කම්
* නිවාසවල ස්වභාවය
* පවුලේ ජන විකාශනය
(iii) ඒක පුද්ගල මාසික ආදායම රු. 6,000ට අඩු විය යුතුය.
(iv) 2023 ජනවාරි 01 දිනට මුළු සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව 1,722,826කි. එය සහනාධාර වර්ගීකරණය අනුව පහත පරිදි වේ.
|
වර්ගීකරණය |
පවුල් සංඛ්‍යාව |
|
රු. 420.00 |
60,080 → සවිබලගැන්වූ පිරිසකි. |
|
රු. 1,900.00 |
687,157 |
|
රු. 3,200.00 |
331,877 |
|
රු. 4,500.00 |
643,712 |
|
එකතුව |
1,722,826 |
(v) 2022 වර්ෂය සඳහා රුපියල් බිලියන 55ක ප්‍රතිපාදන අනුමත වී තිබුණි.
2022 වර්ෂයේදී සහනාධාර සඳහා දරන ලද වියදම පහත පරිදි වේ.
|
භාණ්ඩාගාරය මඟින් දරන ලද මුදල (රු.) |
ආසියානු සංවර්ධන බැංකුව විසින් දරන ලද මුදල (ඔක්තෝබර්, නොවැම්බර් සඳහා) |
ලෝක බැංකුව විිසින් දරන ලද මුදල (ජුනි, ජූලි මාස සඳහා) |
|
42,206,336,860.00 |
10,625,929,668.00 |
10,778,295,020.00 |
2023 වර්ෂය සඳහා රුපියල් බිලියන 66ක ප්‍රතිපාදන අනුමතව ඇත.
(vi) දළ වශයෙන් වසරකට සමෘද්ධි ප්‍රතිලාභීන් 44,000ක් පමණ සමෘද්ධි ව්‍යාපාරයෙන් ඉවත්වන අතර, එය 2022 වර්ෂයේදී 44,670කි.
(ආ) (i) සමෘද්ධි සහනාධාරය ලැබී නොමැති අඩු ආදායම්ලාභීන් විශාල සංඛ්‍යාවක් සිටින බව පිළිගෙන ඇත.
(ii) මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති සමාජ ප්‍රතිලාභ මණ්ඩලය මඟින් කිසියම් සහනාධාරයක් හිමි විය යුතු නිවැරදි පවුල් හඳුනා ගැනීම සඳහා දීප ව්‍යාප්ත සමීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇත. එම සමීක්ෂණය මඟින් ලබා ගන්නා ලද ප්‍රතිඵල මත පදනම්ව මේ වන විටත් කුමන හෝ සහනාධාරයක් ලැබුවද, ඔවුන් එම සහනාධාර ලැබීමට සුදුසු නොවේ නම් එවැනි පවුල් සංශෝධනය කිරීමටත්, කුමන හෝ සහනාධාරයක් ලබා ගැනීමට සුදුසු පවුල් වේ නම් ඔවුන්ට එම අවස්ථාව සලසා දීමටත් අපේක්ෂා කෙරේ.
එහි දෙවන අදියර වන නිලධාරින් මට්ටමෙන් සමීක්ෂණය කිරීම දැන් ආරම්භ කර තිබෙනවා.
(ඇ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-01-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුප පස්කුවල් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks