01

E   |     |  

 දිනය: 2022-09-23   පිළිතුර ලබා දී ඇත 

1514/2022: ක්ෂේත්‍ර නිලධාරින් පළාත් පාලන මැතිවරණවලට තරග කිරීම : සීමා පැනවීම

----

අසන ලද දිනය

2022-09-23

අසන ලද්දේ

ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      274කි.

              (ii)      ඇමුණුමෙහි දෙවන තීරුවෙහි දක්වා ඇත.

             (iii)      සභාපති                              - 40

                        උප සභාපති                        - 21 

                        නගරාධිපති                        - නැත

                        නියෝජ්‍ය  නගරාධිපති       - නැත

             ඇමුණුමෙහි දෙවන තීරුවේ දක්වා ඇත.

             ඇමුණුම සභාගත* කරමි.

(iv) සමෘද්ධි සංවර්ධන නිලධාරින්          - 138

කෘෂි පර්යේෂණ නිලධාරින්          - 39

නිෂ්පාදන සහකාර නිලධාරින් සංඛ්‍යාව  - 10  

(v) සමෘද්ධි සංවර්ධන නිලධාරින්

සභාපති - 22

උප සභාපති - 21 

නගරාධිපති - නැත

නියෝජ්‍ය නගරාධිපති - 03 

කෘෂි පර්යේෂණ නිලධාරින්

සභාපති - 08

උප සභාපති - 03

නගරාධිපති - නැත

නියෝජ්‍ය නගරාධිපති - 01

නිෂ්පාදන සහකාර නිලධාරින්

සභාපති - 01

උප සභාපති - 02

නගරාධිපති - නැත

නියෝජ්‍ය නගරාධිපති - නැත

(ආ) (i) 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මඟින් ක්ෂේත්‍ර නිලධාරින්ට මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් කර නැත.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඒ කියන්නේ ඔහු ඡන්දය ඉල්ලන ප්‍රාදේශීය සභා සීමාවේ ක්ෂේත්‍ර නිලධාරියකු හැටියට කටයුතු කරනවා නම් ඔහුට එම ප්‍රාදේශීය සභාව තුළ ඡන්දය ඉල්ලන්න බැහැ.  ඒ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිට ක්ෂේත්‍ර නිලධාරියකු හැටියට සේවය කරනවා නම් ඔහුට ඡන්දය ඉල්ලන්න පුළුවන්.  

(ii) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (සංශෝධන) පනතේ 9 වගන්තියේ (1) (ඈ) උප වගන්තියේ (iv) (අ) ඡේදයෙහි සංශෝධනයක් මඟින් පවත්නා සීමා කිරීම් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමැතිය ඉල්ලා ඇත.

(iii) අංක PA/PCLG/-08/19/2022 සහ 2022.08.26 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමප/22/1321/605/009 හා 2022.09.12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම පිණිස 2022.11.28 වන දින අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙත යොමු කර ඇත.

(iv) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජානක වක්කුඹුර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks