01

E   |     |  

 දිනය: 2022-09-09   පිළිතුර ලබා දී ඇත 

1513/2022: කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර තනතුර: පුරප්පාඩු

----

අසන ලද දිනය

2022-09-09

අසන ලද්දේ

ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2022.08.31 දිනට සේවය කරන නිලධාරින් සංඛ්‍යාව - 8,054

              (ii)      කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් සඳහා අදාළ වන්නේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර වසම් වන අතර කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර වසමක් සඳහා එක් නිලධාරියෙකු බැගින් අනුයුක්ත කර ඇත.

             (iii)      2,346යි.

(iv) කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර තනතුරේ පුරප්පාඩු සඳහා නිලධාරින් 1,057ක් බඳවා ගැනීමට අදාළ විවෘත තරග විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, විභාග දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ය.

(v) 2022.08.31 දින වන විට උතුරු පළාතෙහි දිස්ත්‍රික්කයන්හි රාජකාරි සඳහා අනුයුක්ත කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් සංඛ්‍යාව පහත පරිදි වේ.

දිස්ත්‍රික්කය

අනුයුක්ත කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි සංඛ්‍යාව

යාපනය

13

වව්නියාව

8

කිළිනොච්චිය

4

මුලතිව්

5

මන්නාරම

25

  (vi) කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර තනතුරේ පුරප්පාඩු සඳහා නිලධාරින් 1,057ක් බඳවා ගැනීමට අදාළ විවෘත තරග විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, විභාග දෙපාර්තමේන්තුව මඟින් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. එහිදී දිස්ත්‍රික් මට්ටමින් පවතින පුරප්පාඩු අනුව බඳවා ගැනීම සිදු කෙරේ.‍

(ආ) (i) ඔව්.

(ii) නැත. සේවා ව්‍යවස්ථාවක් මඟින් ආවරණය වන සියලු කරුණු බඳවා ගැනීමේ පටිපාටිය තුළ අඩංගු වන බැවින් සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර තනතුර සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්ගේ අංක PSC/ET/4/1/51/1/1 සහ 2013.07.25 දිනැතිව අනුමත වූ බඳවා ගැනීමේ පරිපාටියක් පවතින බැවින් සේවා ව්‍යවස්ථාවක අවශ්‍යතාවක් පැන නොනඟී.

(iii) අදාළ නොවේ.

 (ඇ) (i) ඔව්.

(ii) කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින්ගේ විශ්‍රාම වැටුප ගණනයේදී ගොවිසෙවන නියාමක සහ සමෘද්ධි නියාමක ලෙස කටයුතු කර ඇති බව සනාථ කිරීමට ලේඛන පෞද්ගලික ලිපි ගොනුවෙහි අඩංගු වී ඇත්නම් එම සේවා කාලය විශ්‍රාම වැටුප ගණනය කිරීම සඳහා යොදාගෙන ඇත. පෙර සේවා කාලය සනාථ කිරීම සඳහා ලේඛන අදාළ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින්ගේ පෞද්ගලික ලිපි ගොනුවල අඩංගු වී නොමැති අවස්ථාවලදී අදාළ නිලධාරින් හා සමකාලීනව සේවයට බැඳුණු නිලධාරි තොරතුරු අනුව විශ්‍රාම වැටුපට පූර්ව සේවා කාලයන් එකතු කිරීම සඳහා 1978.06.14 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 121 හි 5.4 වගන්තිය ප්‍රකාරව මාණ්ඩලික නිලධාරින් දෙදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත් කර එමඟින් අදාළ නිලධාරින්ගේ පූර්ව සේවා කාලයන් එකතු කිරීමට කටයුතු කර ඇත. මෙම ක්‍රම දෙක යටතේම ගොවිසෙවන නියාමක හා සමෘද්ධි නියාමක ලෙස සේවය කළා යැයි තොරතුරු සනාථ කිරීමට අපොහොසත් වූ ඉතා සුළු පිරිසක් පමණක් සිටින අතර එම නිලධාරින්ගේ තොරතුරු ගොවිජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් 2022.04.20 දින සිට ලබා ගැනීමට කටයුතු කරමින් පවතී. එසේ හෙයින්, 2022.12.31 දින වන විට එම තොරතුරු ලබා දිය හැකිය.

(iii) සමෘද්ධි නියාමක සහ ගොවිසෙවන නියාමක තනතුරේ පත්වීම් ලද දිනය අනුව විශ්‍රාම වැටුප ගණනය සඳහා එය අදාළ කර ගැනේ.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-10-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks