පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-11-09
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් - MCC - ගිවිසුම යටතේ අපේක්ෂා කරන ලද ක්‍රියාකාරකම් පහත පරිදි විය.
කොළඹ මෙට්‍රොපොලිටන් කලාපයේ බස් ප්‍රවාහන සේවාව නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය.
කොළඹ මෙට්‍රොපොලිටන් කලාපයේ රථ වාහන හැසිරවීමේ නවීන ක්‍රමවේදය.
මධ්‍යම වටරවුම් මාර්ග ජාලය යටතේ අවිස්සාවේල්ල - රත්නපුර පාර, බේරුවල - වැල්ලවාය පාර, දඹුල්ල සිට නාඋල පාර, දඹුල්ල සිට පළාත් සීමාව (NCP/CP) මාර්ගය සහ රත්නපුර - පැල්මඩුල්ල මාර්ගය (කි.මී. 131) වැඩිදියුණු කිරීම.
කොළඹ - ත්‍රිකුණාමලය ආර්ථික කොරිඩෝවට ඇතුළත් දිස්ත්‍රික්ක හතක් සඳහා Parcel Fabric Map සහ රජයේ ඉඩම් ලේඛන සැකසීම.
ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට කඩදාසි මත තම වාර්තා තබා ගැනීම වෙනුවට ඩිජිටල් ආකෘතියකට යොමු වීම සඳහා උපකාරි වන ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමේ අවශ්‍ය වැඩිදියුණු කිරීම් සිදු කිරීම.
ඉඩම් තක්සේරු කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම.
හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රමය තුළ දීමනා පත්‍ර සහ පරිවර්තනය කරන ලද ඔප්පු ලියාපදිංචි කිරීම.
ඉඩම් ප්‍රතිපත්තිය සහ නෛතික පාලනය වැඩිදියුණු කිරීම.
(iii) බොහෝ මූල්‍ය සම්පාදන කටයුතු සිදු වන අයුරින්, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු එම යෝජනාව ඉදිරියට ගෙන ගොස් ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද පරිදි, මූලික වශයෙන් පහත සඳහන් ආයතනවල අදාළ නිලධාරින් මෙම සාකච්ඡා සඳහා සහභාගි විය.
එවකට අග්‍රාමාත්‍ය කාර්යාලය සහ එවකට මුදල්, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු, මහාමාර්ග සහ මාර්ග සංවර්ධන, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ, මහනගර සහ බස්නාහිර සංවර්ධන, සහ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා යන අමාත්‍යාංශ සාකච්ඡාවලට සම්බන්ධ වූ අතර ඉහතකී අමාත්‍යාංශවල නිලධාරින්ට අමතරව සම්මුති සාකච්ඡාවලදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද ඊට සහභාගි වූහ.
(iv) අමාත්‍ය මණ්ඩලය විසින් යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් - MCC - සංයුක්ත ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කරන ලද අතර, එම කමිටුවේ 'අවසන් වාර්තාව' 2020.06.29 දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. 2020 දෙසැම්බර් මසදී, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් - MCC - ගිවිසුමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා රජය සමඟ ගිවිසුම සම්බන්ධව ඉදිරි කටයුතු අත්හිටුවන ලදී - discontinued.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2022-11-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks