පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-09-23
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) පරීක්ෂණ කොමිෂන් සභා පනතෙහි (393 වන අධිකාරය) 2 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව 2015.02.01 දින සිට 2016.03.31 දින දක්වා වූ කාල සීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම හා වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව 2017.01.27 දිනැති අංක 2003/41 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් පත් කර ඇත.
(ii) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 36 (ඊ) ප්‍රකාර අධිකරණයක විනිශ්චයට භාජන වෙමින් පවතින යම් කාරණයක් හෝ අධිකරණ තීරණයක් ලබා දීමට නියමිත යම් කාරණයක් සම්බන්ධයෙන් වූ තොරතුරු ලබා දීමේ හැකියාවක් නොමැත.
(iii) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 36 ඊ ප්‍රකාර, අධිකරණයක විනිශ්චයට භාජන වෙමින් පවතින යම් කාරණයක් හෝ අධිකරණ තීරණයක් ලබා දීමට නියමිත යම් කාරණයක් සම්බන්ධයෙන් වූ තොරතුරු ලබාදීමේ හැකියාවක් නොමැත.
(iv) එම පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ 33වන පරිච්ඡේදය මඟින් නිර්දේශ 30ක් ලබා දී ඇති අතර, එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ගරු නීතිපති, මහ බැංකු අධිපති හා පොලිස්පති ඇතුළු අදාළ ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇත. ඒ අනුව ගරු නීතිපතිවරයා හා පොලිස්පතිවරයා විසින් එවා ඇති වාර්තා අනුව මහාධිකරණය ඉදිරියේ අංක PTB/01/05/2020, TAB/2445/1/2021 හා TAB/2446/1/2021 යන නඩු 03ද, දිසා අධිකරණයේ අංක: DMR 1764/2018, DMR 1976/2018, DMR 1547/2018, DMR 2247/2018, DMR 2325/2018 හා DMR 00560/19 යන නඩු 06ද, මහෙස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩු කිහිපයක් ද ගොනු කර ඇත. මෙම නඩුවලට අදාළව ප්‍රගතිය පිළිබඳව නැවත වරක් ගරු නීතිපතිවරයාගෙන් විමසීමට කටයුතු කර ඇත. එසේම මෙම පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ ඇතුළත් ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ නිර්දේශ අතරින් ඇතැම් නිර්දේශ දැනටමත් ක්‍රියාත්මක කර ඇති අතර, ඉතිරි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා දැනුම් දී ඇත.
(ආ) භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ පදනම් කරගෙන අධිකරණ කිහිපයක නඩු ගණනාවක් පවරා ඇති බැවින්, අංක 1107/2022 දරන මෙම ප්‍රශ්නයට අදාළ වැඩිදුර තොරතුරු මේ අවස්ථාවේදී ලබාදීමට හැකියාවක් නොමැති බව කාරුණිකව දන්වා සිටිමි.
පිළිතුරු දුන් දිනය
2022-12-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks