01

E   |     |  

 දිනය: 2022-09-09   පිළිතුර ලබා දී ඇත 

1105/2022: පළාත් පාලන ආයතන විසින් නිර්මාණය කරන ලද කුණු කඳු: පරිසර පද්ධතියට හානි

----

අසන ලද දිනය

2022-09-09

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      19කි.

              (ii)      පහත දක්වා ඇති පරිදි වේ.

 අනු අංකය

 පළාත

 දිස්ත්‍රික්කය

 පළාත් පාලන ආයතනය

 කුණු කඳු පවතින ස්ථානය

01

සබරගමුව

කෑගල්ල  රත්නපුර

මාවනැල්ල ප්‍රා.ස.  රත්නපුර ම.න.ස. බලංගොඩ න.ස. ඇඹිලිපිටිය ප්‍රා.ස.    ඇහැලියගොඩ ප්‍රා.ස.

1. රන්දිවෙල හින්නවත්ත                       2. කණාදොල                     3. බැංකියවත්ත ඝන අපද්‍රව්‍ය        මධ්‍යස්ථානය                     4. කදුරුගස්ආර කඩදාසි කම්හල      අසල අක්කර 05ක් සහිත        ඇත්හොඬගල ඉඩම      5. බේරුවාන කසළ  අංගණය

 

 

අනු අංකය

 පළාත

 දිස්ත්‍රික්කය

 පළාත් පාලන ආයතනය

 කුණු කඳු පවතින ස්ථානය

02

දකුණ

ගාල්ල          මාතර

ගාල්ල ම.න.ස.      රත්ගම ප්‍රා.ස.        මාතර ම.න.ස.

6. හීන්පැන්දල (අලුතින් කසළ    එකතු නොකරන අතර               පූර්වයේදී ගොඩගසන ලද  කුණු කන්දකි)      7. මොන්රොවියාවත්ත ඝන  අපද්‍රව්‍ය මධ්‍යස්ථානය     

8.  කොටවිල ඝන අපද්‍රව්‍ය              මධ්‍යස්ථානය

03

උතුර

 

යාපනය ම.න.ස.

9.  කල්ලුන්ඩායි

04

බස්නාහිර

කොළඹ            ගම්පහ

දෙහිවල ගල්කිස්ස ම.න.ස.   සීතාවක නගර සභාව කොළොන්නාව න.ස.  අත්තනගල්ල ප්‍රා.ස.

සීදූව න.ස.  පෑලියගොඩ න.ස.

10. කරදියාන              11. උක්වත්ත              12. මීතොටමුල්ල   

13. දඹුවත්ත                     14. අම්බලමුල්ල               15. දුටුගැමුණු මාවත

05

මධ්‍යම

මහනුවර    නුවරඑළිය

මහනුවර ම.න.ස.    මස්කෙළිය ප්‍රා.ස.

16. ගොහාගොඩ තේක්කවත්ත  

17. රිකාර්ටන් කසළ අංගණය

06

ඌව

බදුල්ල    මොණරාගල

බණ්ඩාරවෙල ම.න.ස.  මොණරාගල ප්‍රා.ස. වැල්ලවාය ප්‍රා.ස.

18. කලමඩුගස්තැන්න   19. හොරොම්බුව, සුදු වතුර ආර                 ආනපල්ලම

 අනු අංකය

 පළාත

 දිස්ත්‍රික්කය

 පළාත් පාලන ආයතනය

 කුණු කඳු පවතින ස්ථානය

02

දකුණ

ගාල්ල          මාතර

ගාල්ල ම.න.ස.      රත්ගම ප්‍රා.ස.        මාතර ම.න.ස.

6. හීන්පැන්දල (අලුතින් කසළ    එකතු නොකරන අතර               පූර්වයේදී ගොඩගසන ලද  කුණු කන්දකි)      7. මොන්රොවියාවත්ත ඝන  අපද්‍රව්‍ය මධ්‍යස්ථානය     

8.  කොටවිල ඝන අපද්‍රව්‍ය              මධ්‍යස්ථානය

03

උතුර

 

යාපනය ම.න.ස.

9.  කල්ලුන්ඩායි

04

බස්නාහිර

කොළඹ            ගම්පහ

දෙහිවල ගල්කිස්ස ම.න.ස.   සීතාවක නගර සභාව කොළොන්නාව න.ස.  අත්තනගල්ල ප්‍රා.ස.

සීදූව න.ස.  පෑලියගොඩ න.ස.

10. කරදියාන              11. උක්වත්ත              12. මීතොටමුල්ල   

13. දඹුවත්ත                     14. අම්බලමුල්ල               15. දුටුගැමුණු මාවත

05

මධ්‍යම

මහනුවර    නුවරඑළිය

මහනුවර ම.න.ස.    මස්කෙළිය ප්‍රා.ස.

16. ගොහාගොඩ තේක්කවත්ත  

17. රිකාර්ටන් කසළ අංගණය

06

ඌව

බදුල්ල    මොණරාගල

බණ්ඩාරවෙල ම.න.ස.  මොණරාගල ප්‍රා.ස. වැල්ලවාය ප්‍රා.ස.

18. කලමඩුගස්තැන්න   19. හොරොම්බුව, සුදු වතුර ආර                 ආනපල්ලම

 

 

(iii)     04යි.

             (iv)      ඔව්.

              (v)      කුණු කඳු සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු පිළිබඳව මෙම අමාත්‍යාංශයේ ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානය මඟින් මෙන්ම අනෙකුත් වග කිව යුතු ආයතන මඟින්ද පසුගිය කාලය තුළ පහත සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත.

• නාගරික කසළ ගැටලුවට දිගු කාලීන විසඳුමක් ලබා දීමේ අරමුණින් යුතුව අපද්‍රව්‍ය, බලශක්තිය බවට - waste to energy- පරිවර්තනය කිරීමේ ලංකාවේ ප්‍රථම විදුලි බලාගාරය කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකර මේ වන විට මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත.

• විවෘත කසළ බැහැර කිරීම් අවම කිරීමට අවශ්‍ය උපදෙස් හා ඉදිරි ක්‍රියාමාර්ග ගෙන ඇත.

• පළාත් පාලන ආයතන වෙතින් එකතු කරනු ලබන කසළ දිරන හා නොදිරන ලෙස වෙන්කර, දිරන කසළ මඟින් කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම හා ඊට අදාළ මඟ පෙන්වීමේ පහසුකම් සපයා දීම සඳහා ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානය විසින් 2021/2022 වර්ෂ තුළදී පමණක් ව්‍යාපෘති 108ක ප්‍රමාණයක් ක්‍රියාත්මක කර ඇත.

• නොදිරන කසළ කළමනාකරණය සඳහා 3R සංකල්පය භාවිත කිරීමට පළාත් පාලන ආයතන හා ජනතාව දැනුවත් කිරීම් සිදු කර ඇත. (3R සංකල්පය යනුවෙන් හඳුන්වන්නේ, භාවිතය අවම කිරීම - Reduce, නැවත භාවිත කිරීම - Reuse,  ප්‍රතිචක්‍රීකරණය කිරීම - Recycle - යන අංග 03 වේ.)

• නොදිරන කසළ අතර ඇති ප්ලාස්ටික්/වීදුරු බෝතල්, යකඩ, කාඩ්බෝඩ්, දැව කඳන් ආදිය නැවත ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කිරීම සඳහා බේල් මැෂින්, ඇඹරුම් යන්ත්‍ර ආදිය  ලබා දීම් සිදු කර ඇත. 

• නැවත භාවිත කළ නොහැකි නොදිරන කසළ හොල්සිම් වැනි ආයතන වෙත ලබා දීම.

• ඇතැම් කසළ කඳු පස් දමා සනීපාරක්ෂක ලෙස වසා දැමීම හා සනීපාරක්ෂක බිම් පිරවුම් මඟින් ඉවත් කිරීමට කටයුතු කිරීම.

• ඇතැම් විවෘත කසළ බැහැර කිරීමේ අංගණ පරිසර සංවේදී කලාපවල පවතින බැවින් ඒ සඳහා පළාත් පාලන ආයතන කිහිපයක් ඒකාබද්ධ කරමින් මහා පරිමාණ යාන්ත්‍රික කොම්‍පෝස්ට් නිෂ්පාදන අංගණ 09ක් -කවෂිමා - ක්‍රියාත්මක කිරීම. (මහා පරිමාණයෙන් යාන්ත්‍රිකව කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන යන්ත්‍රයක් සහිත අංගණයක් වේ.)

• මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය, වනජීවී හා වන සම්පත් අමාත්‍යාංශය හා ජයිකා ආයතනය විසින් පළාත් පාලන දෙපාර්තමේන්තු සම්බන්ධීකරණය කරමින් දේශීය විදේශීය ප්‍රතිපාදන යටතේ කසළ කඳු හා විවෘත කසළ බැහැර කිරීම අවම කිරීමට කටයුතු කිරීම. උදාහරණ වශයෙන් ඌව සහ උතුරු පළාත් කේන්ද්‍ර කර ගනිමින් විදේශ ආධාර මත කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

• මීට අමතරව කසළ කළමනාකරණය              විධිමත් කිරීම සඳහා පළාත් පාලන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පළාත් සභා මට්ටමින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2022-10-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජානක වක්කුඹුර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks