පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-09-09
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) මඩකලපුව දිස්ත්‍රික්කයේ 2022 සැප්තැම්බර් 01වන දිනට සමෘද්ධි සහනාධාර ලබන මුළු ප්‍රතිලාභීන් සංඛ්‍යාව 98,773කි.
එම ප්‍රතිලාභීන් පහත සඳහන් පරිදි වර්ගීකරණය වේ.
|
සහනාධාර වටිනාකම |
පවුල් සංඛ්‍යාව |
|
රුපියල් 420 |
8,871 |
|
රුපියල් 1,900 |
34,072 |
|
රුපියල් 3,200 |
18,254 |
|
රුපියල් 4,500 |
37,576 |
|
එකතුව |
98,773 |
ඊට අමතරව, විශේෂ දීමනාවක් ලෙස අපි පසුගිය කාලය තුළ මේ අයට රුපියල් 3,100, 3,000 බැගින් එකතු කළා, ගරු මන්ත්‍රීතුමනි.
(ආ) (i) සම්පූර්ණ අයට ලබා දීලා නැහැ.
(ii) පසුගිය වසර කිහිපය තුළ ඇතිවූ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දී මෙන්ම, වර්තමානයේ රට තුළ උද්ගතවී ඇති අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්ක තුළ ද මෙලෙස ආර්ථිකමය ලෙස ජීවන තත්ත්වය පහළ ගොස් ආර්ථික දුෂ්කරතා මැද ජීවිත ගෙවන ජන කොටස් දැකගත හැකි වේ.
(iii) 2019 වසරේ නව සහනාධාර නිකුත් කිරීමේ දී මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා 26,957ට, ඒ කියන්නේ පොරොත්තු ලේඛනයේ ඉන්න අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 72,336,500ක මුදලක් ලබා දෙන ලදී. නමුත් සමෘද්ධිලාභී සියලු දෙනාට, දරිද්‍රතා ලේඛනයේ පහළ සිටින සියලුදෙනාටම එය දුන්නේ නැහැ කියන එක පිළිගත යුතු කරුණක්. ඊට හේතුව තමයි, මේ සමෘද්ධි ලේඛනයේ සුදුසු, නුසුදුසු දෙපිරිසම ඉන්නවා කියලා සමාජ කතිකාවක් ගොඩනැඟී තිබීම. ඒ කියන්නේ, සමෘද්ධි දීමනා ලබාදීමට සුදුසු අයත් ඉන්නවා; නැති අයත් ඉන්නවා.
මේ සඳහා විසඳුමක් ලෙස මේ පිළිබඳව අවබෝධයකින් යුතුව කටයුතු කරන අතර, එයට කෙටිකාලීන ක්ෂණික විසඳුම් ලෙස මෙම වසරේ මැයි, ජුනි, ජූලි මාස 03 සඳහා ලෝක බැංකු ආධාර යටතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පොරොත්තු ලේඛනගත අඩු ආදායම්ලාභින් සඳහා, එනම් සමෘද්ධි සහනාධාර ලබා ගැනීම සඳහා බලාපොරොත්තු වන පවුල් 42,644කට සහ වැඩිහිටි දීමනා ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනගත වූ පවුල් 698කට අතිරේක දීමනා මෙන්ම, ආබාධිත අය වෙනුවෙන් ගෙවන දීමනා ලබා ගැනීමට බලාපොරොත්තු වන පවුල් 245ක් හා නිදන්ගත වකුගඩු රෝගී දීමනා ලබා ගැනීමට පොරොත්තු ලේඛනයේ සිටින 08දෙනෙක් සඳහා රුපියල් 5,000 බැගින් ලබා දුන්නා. ඉදිරියටත් සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් කියන මාසවලටත් ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර ක්‍රමය යටතේ රුපියල් 5,000 බැගින් ලබා දෙන්න නියමිතයි.
එමෙන්ම ලෝක බැංකු ආධාර මඟින් මුදල් අමාත්‍යංශය යටතේ ජාතික සමාජ ආරක්ෂණ ජාල ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය, -Welfare Benefits Board - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ආදී ආයතනවල සහභාගිත්වයෙන් දීපව්‍යාප්ත සමීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන අතර, මෙම වසර අවසන් කිරීමට ප්‍රථම වඩාත් සුදුසු ප්‍රතිලාභීන් හඳුනාගෙන සමෘද්ධි සහනාධාර වැඩසටහන සංශෝධනය කිරීමට කටයුතු කරනු ඇත.
ඒ වාගේම මේ ලේඛන අක්‍රමවත්. විවිධ රජයන් යටතේ විවිධාකාර විධියට තමයි මේ ලේඛනය සකස් කර තිබෙන්නේ. මේ ලේඛනය සකස් කළ ආකාරය අනුව තමයි දීමනාව දීගෙන යන්නේ. දිගින් දිගටම මේ අක්‍රමවත් ක්‍රමය පවත්වාගෙන යන්නේ නැතිව, ගරු ජනාධිපතිතුමා දීලා තිබෙන උපදෙස් අනුව, සමාජ සුබසාධන මණ්ඩලය විසින් ඉතාම විනිවිදභාවයෙන් යුක්ත ක්‍රමයක් සඳහා මේ දිනවල ඉල්ලුම් පත්‍ර කැඳවමින් සකස් කරනවා, Z - score එක වාගේ ක්‍රමයකට. දැන් මේ සඳහා ලකුණු දීමේ ක්‍රමයක් තිබෙනවා, ඒක ගැසට් කරලා තිබෙනවා. ඒ වාගේම මේ මාසයේ 15වෙනි දා වෙනකම් ඉල්ලුම් පත්‍ර කැඳවනවා. අඩු ආදායම්ලාභී, දුෂ්කරතා තිබෙන ඕනෑම පවුලක කෙනෙකුට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න පුළුවන්, ග්‍රාම නිලධාරි හෝ සමෘද්ධි සංවර්ධන නිලධාරි හරහා. එහෙම නැත්නම් සංවර්ධන නිලධාරි හරහා ප්‍රාදේශීය ලේකම්ට. ඒ ඉල්ලුම් පත්‍ර ලැබුණාට පස්සේ පරීක්ෂණයක් පවත්වනවා, අදාළ නිලධාරින්. ඒ සඳහා ගැසට් කරපු ලකුණු ක්‍රමයක් තිබෙනවා. ඒ ලකුණු ක්‍රමය අනුව ලකුණු දීලා සමීකරණයකට අනුව අදාළ ලකුණු මට්ටම බලලා එක් එක් දිස්ත්‍රික්කයට cut-off marks සකස් කරලා, ඊට වඩා ඉහළින් ලකුණු තිබෙන අයට සමෘද්ධි ප්‍රතිලාභ දෙන්න අවශ්‍ය කටයුතු කරනවා. දැන් මේ ප්‍රශ්නයට පිළිතුරු දීලා අවසන් වුණු ගමන්ම වාගේ ඒ පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් සමාජ සුබසාධන මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැත්වෙනවා, ගරු මන්ත්‍රීතුමනි. ඒ රැස්වීමට සියලුදෙනාටම, කැමැති අයට, අවශ්‍ය අයට සහභාගි වෙන්න පුළුවන්. මේ වසර තුළ අපි ඒ ක්‍රමය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ 15වෙනි දාටයි ඒ ඉල්ලුම් පත්‍ර කැඳවීමේ closing date එක තිබෙන්නේ. ඊට පස්සේ පරීක්ෂණය යනවා, ඊට පස්සේ තෝරා ගැනීම කරනවා, ඊට පස්සේ තෝරා ගත් අයගේ ලේඛනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රදර්ශනය කරනවා. ඒ ලේඛනය තුළ නුසුදුසු අය හිටියොත් ඒ නුසුදුසු අයට විරුද්ධව පෙත්සම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ පෙත්සම් පරීක්ෂා කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවට ස්වේච්ඡා සංවිධානවල දෙන්නෙකුටත් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ අනුව විනිවිද පෙනෙන ආකාරයකින් අපි ඒ තේරීම කරන්න පටන් ගන්නවා, ඉතාම ඉක්මනින්.
(ඇ) ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-10-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුප පස්කුවල් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks