E   |     |  

 දිනය: 2023-01-18   පිළිතුර ලබා දී ඇත 

0680/2023: දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම්: අනවසරයෙන් අත්පත් කර ගැනීම

----

අසන ලද දිනය

2023-01-18

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                        ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් විසින් අනවසරයෙන් ඉඩම් අත්පත් කරගෙන ඇත.

              (ii)      දැනට හඳුනා ගත් සේවකයන් පිළිබඳ විස්තර ඇතුළත් ලැයිස්තුව ඇමුණුම මඟින් දක්වා ඇත.

                        ඒ යටතේ 394දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. එයින් සේවකයන් කොටසක් විශ්‍රාම ගොස් තිබෙනවා. කොටසක් මිය ගොස් තිබෙනවා. දැනට කිහිප දෙනෙක් පමණයි සේවා නියුක්තව සිටින්නේ.

 ඇමුණුම සභාගත* කරමි.

(iii) දෙපාර්තමේන්තුව සතු ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීම් පිළිබඳව ඒ ඒ ප්‍රදේශයට අදාළ අධීක්ෂණ කළමනාකරු (ස්ථිර මාර්ග) විසින් දිස්ත්‍රික් ඉංජිනේරු මඟින් අධිකාරි (දුම්රිය ආරක්ෂක සේවය) හා දුම්රිය දෙපාර්තමේන්තුවේ නීති අංශය වෙත නීතිමය පියවර ගැනීම සඳහා යොමු කිරීම සිදු කරනු ලබයි. ඉන් පසු ඉදිරි පියවර ලෙස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) සහ නීති අංශය එක්ව නීත්‍යනුකූල පියවර ගෙන අනවසරයෙන් පරිහරණය කරනු ලබන ඉඩම් පවරා ගැනීමට කටයුතු කරනු ලැබේ.

එසේම අමප/18/0098/709/004 හා 2018.02.15වන දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය සහ අමප/20/1471/312/003 සහ 2020.10.20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව පත්කළ අමාත්‍ය අනුකමිටුවල පැවති රැස්වීම්වලදී එළඹ ඇති තීරණ පරිදි අදාළ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් සිදු කරමින් පවතී.

මම මේ විෂයට අදාළ අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් පසුව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුව ගරු නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යතුමාගේ සභාපතිත්වයෙන් යුතුව මේ සම්බන්ධයෙන් අනු කමිටුවක් පත් කළා. එහි වාර්තාව සකස් කර අවසන් නැහැ. ඒ වාර්තාව සකස් කර අවසන් වුණු වහාම 2018 සිට පැවති විවිධ කමිටුවල වාර්තාත් සලකා බලා මේ ඉඩම් සම්බන්ධයෙන් යම් කිසි ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹෙනවා.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-01-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks