E   |     |  

 දිනය: 2022-11-09   පිළිතුර ලබා දී ඇත 

0679/2022: දම්මින්න මහා විද්‍යාලය: සංවර්ධනය

----

අසන ලද දිනය

2022-11-09

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්. උතුරු මැද පළාත් සභාවේ පාසලකි.

              (ii)      ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව        - 406

                        සේවය කරන ගුරුවරු සංඛ්‍යාව        - 26

                        පාසලේ නම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, දිඹුලාගල අධ්‍යාපන කලාපයේ, දම්මින්න මහා විද්‍යාලය.

             (iii)      ඔව්, වාර්තා කර ඇත.

            (iv)       2022 වර්ෂයේදී ද්විතීයික පාසල් ගොඩනැඟිලි අලුත්වැඩියාව සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම පාසලේ ගොඩනැඟිලි අලුත්වැඩියා කිරීම කළ නොහැකි විය.

2022 වර්ෂය ආරම්භයේදී බාහිර පාර්ශ්වයක් විසින් මෙම පාසලේ ගොඩනැඟිලි අලුත්වැඩියා කටයුතු සිදු කර දීමට කැමැත්ත ප්‍රකාශ කර තිබූ අතර,               ඒ සඳහා උතුරු-මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ද ලබා දී තිබුණි. නමුත්, එවකට රටෙහි පැවැති වාතාවරණය සහ ඉන්ධන ගැටලුව හේතුවෙන් එම අලුත්වැඩියා කටයුතු සිදු කර නොමැත.

කෙසේ නමුත්, 2023 වර්ෂයේදී ද්විතීයික අංශ ගොඩනැඟිලි අලුත්වැඩියාවට රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන අවශ්‍යතාව සඳහා ඉල්ලීම් සිදු කර ඇති අතර, එම ප්‍රතිපාදන ලැබුණු පසු මෙම විද්‍යාලය සඳහා ප්‍රමුඛතාව ලබා දී අදාළ අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට නියමිතය.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-11-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks