පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-09-22
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක හා ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) ඔව්.
1. හිඟුරක්ගොඩ ප්‍රදේශය කේන්ද්‍රගත වෙමින් සුළු සහ මධ්‍ය පරිමාණයේ වගාකරුවන් හා පැළ තවාන් පවත්වාගෙන යන්නන් 500ක් පමණ සිටින අතර ඔවුන් පැළ නිෂ්පාදනය කර විවිධ ප්‍රදේශවලට සැපයීම සිදු කරයි.
2. පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ 600කට වැඩි පිරිසක් මල් වගාවේ නිරත වන අතර මෙම ප්‍රදේශයේ කුමාරගම හා යටිහල්පතාන මල් පැළ ගම්මානයක් ලෙසට ප්‍රසිද්ධය. තවද, මෙම ප්‍රදේශයේ ගෘහ ආශ්‍රිතව බෝගන්විලියා, වද, ඉක්සොරා, ක්‍රෝටන් වැනි විවිධ මල් පැළ වවනු ලබයි.
(ii) ඔව්.
1. මල් වගා කිරීමේදී පැකට් සෑදීම සඳහා මාධ්‍ය ලෙස පස් හා වැලි භාවිතා කරයි. මේ සඳහා තමන්ගේ නිවෙස්වල භූමියෙන් මෙම පස් ලබා ගත්තද දැනට එම පස් අවසන් වෙමින් පවතී. වෙනත් ස්ථානවලින්ද පස් කැපීම සඳහා අවසර නොමැති බැවින් වැඩි මුදලට පස් ලබා ගැනීමටද සිදුවී ඇත. (රුපියල් 1500.00ට පමණ තිබූ පස් කියුබ් එකක් වර්තමානයේදී රුපියල් 5000.00ක් පමණ වේ.)
2. වර්තමානයේ පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය, පොලිතීන් සහ ගෘහ ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉදිකිරීම් ද්‍රව්‍යවලද මිල ඉහළ ගොස් ඇත. තවද මේ වන විට ප්‍රවාහන වියදම් වැඩි වී තිබෙන නිසා නිෂ්පාදනය කරනු ලැබූ පැළයක මිලද වැඩි කිරීමට වගාකරුවන්ට සිදුවී ඇති බැවින් මල් සඳහා ස්ථාවර මිලක් පවත්වාගෙන යාම අපහසු වී ඇත.
(ආ) එම ගැටලු සම්බන්ධයෙන් පහත පරිදි කටයුතු කිරීමට ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් අපේක්ෂා කරයි.
1. මෙම වගාකරුවන් සඳහා අවශ්‍ය පස් ලබා ගැනීම සඳහා පරිසරයට හානියක් නොවන පරිදි සුදුසු ස්ථාන හා සුදුසු ක්‍රමවේදයක් පිළිබඳව සොයා බැලීම.
2. වගාවන් සඳහා පස් වෙනුවට භාවිත කළ හැකි වෙනත් රෝපණ මාධ්‍ය හඳුන්වා දීම. (කොහුබත්, දහයියා එකතු කර නව මාධ්‍යයක් ලෙස)
3. වගාවන් සඳහා අවශ්‍ය පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය, පොලිතීන් සහ අනෙකුත් ද්‍රව්‍ය සඳහා දැරීමට සිදුවන වියදම වැඩි බැවින් එම ද්‍රව්‍ය ලබාදීම සඳහා සහනදායී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.
4. ලංකාවේ විවිධ ප්‍රදේශවල මල් වගාකරුවන්ගේ මල් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අලෙවි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-12-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks