E   |     |  

 දිනය: 2022-09-09   පිළිතුර ලබා දී ඇත 

0673/2022: මහවැලි කලාපවල ක්‍රීඩාංගණ: සංවර්ධනය

----

අසන ලද දිනය

2022-09-09

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මහවැලි කලාප 10කි.

              (ii)      1.     බී කලාපය

                        2.     සී කලාපය

                        3.     ඩී කලාපය

                        4.     මොරගහකන්ද කලාපය

                        5.     ඊ/වික්ටෝරියා කලාපය

                        6.     එච් කලාපය

                        7.     හුරුළුවැව කලාපය (හුරුළුපෝෂිත ඇළ        කලාපය)

                        8.     එල් කලාපය

9. උඩවලව කලාපය (වලව විශේෂ බල ප්‍රදේශය)

10. රඹකැන්ඔය කලාපය

 

(iii) 18 කි.

අ:අ

කලාපය

ක්‍රීඩාංගණ සංඛ්‍යාව

 

 

මහවැලි අධිකාරිය මඟින් පරිපාලනය කරන

වෙනත් ආයතන මඟින් පරිපාලනය කරන

එකතුව

1

බී

2

-

2

2

සී

1

1

2

3

ඩී

1

-

1

4

-

-

-

5

මොරගහකන්ද

1

1

2

6

එච්

6

-

6

7

හුරුළුවැව

-

-

-

8

එල්

2

-

2

9

රඹකැන්ඔය

2

-

2

10

උඩවලව

-

1

1

             එකතුව

15

3

18

 

(iv) මහවැලි ජානපදිකයන්ගේ දූ දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යය වර්ධනය කිරීම සඳහා වාර්ෂිකව ප්‍රතිපාදන වෙන් කරමින් මහවැලි කලාප ආශ්‍රිත ක්‍රීඩාංගණවල සංවර්ධන කටයුතු සිදු කරනු ලබන අතර, 2022 වර්ෂය තුළ මහා භාණ්ඩාගාරය මඟින් අය වැය ප්‍රතිපාදන සීමා කිරීම හේතුවෙන්   මහවැලි අධිකාරිය යටතේ පවතින මෙම ක්‍රීඩාංගණවල නඩත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයෙන් හා වෙනත් ක්‍රීඩා සංගම්වලින් පෞද්ගලික අනුග්‍රහදායකයන්ගේ සහායද ලබා ගෙන අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට කටයුතු කර ඇත.

තවද, ක්‍රීඩා පිටියක් භාවිත කරන්නේ නම් විශේෂයෙන් සංවර්ධනය කිරීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන බැවින්, විධිමත් හා අඛණ්ඩ නඩත්තු කිරීම් සිදු කිරීම ප්‍රමාණවත් වේ. දිවංගත ගාමිණී දිසානායක මැතිතුමා මහවැලි කලාප සිසාරා ක්‍රීඩා පිටි නිර්මාණය කිරීමේ අභිලාෂය වූයේ මහවැලි දූ දරුවන්ගේ ක්‍රීඩා දක්ෂතා තව තවත් වැඩි දියුණු කිරීමය.

අප රටේ අධ්‍යාපනයෙන් ක්‍රීඩාවට ප්‍රමුඛස්ථානයක් ලබා නොදීම අවාසනාවන්ත කරුණකි. නමුත් ක්‍රීඩා අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත් ඒකාබද්ධව වැඩ පිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇති අතර,   පළාත් සභා හා පළාත් පාලන ආයතන සමඟ ඒකාබද්ධ  සංවර්ධන වැඩ පිළිවෙළකට අප ප්‍රවේශ වී තිබේ.

විශේෂයෙන් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනයත් අවශ්‍ය පුහුණුකරුවන් උපදේශකවරුන් ලබාදීමත් මෙම ඒකාබද්ධ යන්ත්‍රණය තුළින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමඟ සාකච්ඡා කර ක්‍රිකට් ක්‍රීඩා පිටි පමණක් නොව, සෙසු ක්‍රීඩා පිටි ද සෑම ක්‍රීඩාවක් සඳහාම භාවිත කළ හැකි පරිදි සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින අතර, විශේෂයෙන් ක්‍රීඩා පිටි විධිමත්ව නඩත්තු කිරීමේ ක්‍රමයක් මේ වන විටත් සූදානම් කර ඇත.

මහවැලි ක්‍රීඩා කවුන්සලයක් නිර්මාණය කිරීමටත්, මහවැලි කලාප මට්ටමින් ක්‍රීඩා සංචිත පිහිටුවීමටත් මේ වන විට ව්‍යාපෘති ආරම්භ කර තිබේ. ක්‍රීඩා සංචිත ස්ථාපනය කිරීමට මහවැලි නිලධාරින්ට වගකීම පවරා ඇති අතර, මෙකී ක්‍රම  ඔස්සේ මහවැලි ක්‍රීඩා පිටි නඩත්තු හා සංවර්ධනය කිරීමට ද අපේක්ෂා කෙරේ.

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-10-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks