01

E   |     |  

 දිනය: 2022-12-09   පිළිතුර ලබා දී ඇත 

0347/2022: සේලයින් නිෂ්පාදනය: විස්තර

----

අසන ලද දිනය

2022-12-09

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)            (i)        ශ්‍රී ලංකාවේ රජයේ  හා පෞද්ගලික රෝහල්වල වාර්ෂික සේලයින් අවශ්‍යතාව වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.

              (ii)       ඔව්.

                          දේශීය නිෂ්පාදකයෙකු වන කෙලුන් ලයිෆ්සයන්සස් පුද්ගලික සමාගම (Kelun Lifesciences (Pvt.) Limited) නමින් සේලයින් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇත.

              (iii)        වාර්ෂික සේලයින් අවශ්‍යතාව ශ්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කරනු ලබන බැවින් සේලයින් ආනයනය සඳහා මුදල් වැය නොවේ.

(ආ) (i) වාර්ෂික සේලයින් අවශ්‍යතාවෙන් 100%ම ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබයි.

      (ii) ශ්‍රී ලංකාවේ මුළු සේලයින් අවශ්‍යතාව මෙන් තුන් ගුණයක නිෂ්පාදන ධාරිතාවක් කෙලුන් ලයිෆ්සයන්සස් පුද්ගලික සමාගම සතුව මේ වන විටත් පවතී.

     (iii) පැන නොනඟී.

     (iv) පැන නොනඟී.

     (v) පැන නොනඟී.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2023-01-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks