පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-09-09
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i)
|
නිලය |
සේවා කාලය වසර 20ක් සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව |
සේවා කාලය වසර 10ක් සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව |
|
පොලිස් කොස්තාපල් |
414 |
16022 |
|
කාන්තා පොලිස් කොස්තාපල් |
- |
2542 |
|
එකතුව |
414 |
18564 |
(ii)
|
පොලිස් සැරයන් |
5033 |
|
කාන්තා පොලිස් සැරයන් |
630 |
|
එකතුව |
5663 |
(ආ) (i) ශ්‍රී ලංකා පොලීසියේ අනුමත කරන ලද බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටීන් අනුව සපුරාලිය යුතු සුදුසුකම් පිළිබඳව වාර්තාව ඇමුණුම මඟින් දක්වා ඇත. ඒ අනුව සුදුසුකම් සපුරනු ලබන නිලධරයන් උසස්වීම් සඳහා හිමිකම් ලබයි.
ඇමුණුම සභාගත* කරමි.
(ii) උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමේ පටිපාටිය දෝෂසහගත බව සඳහන් කර ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අනුව, අවසන් නියෝගයක් නිකුත් කරන තෙක් එම තනතුරේ කුසලතාව මත සහ සීමිත තරග විභාග පදනම මත උසස්වීම් ලබාදීම අත්හිටුවන ලෙසටත්, ජ්‍යෙෂ්ඨතා පදනම මත උසස්වීම් ලබාදීමට බාධාවක් නොමැති බවටත් අතුරු තහනම් නියෝගයක් ලබා දී ඇත.
පොලිස් සැරයන් තනතුරේ කණ්ඩායම් කිහිපයක් විසින් පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට ජ්‍යෙෂ්ඨතාව මත උසස් කිරීම සඳහා කැඳවූ අයදුම්පත් අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයේ අභියාචනා ගොනු කිරීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨතාව මත පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම් ලබාදීම අත්හිටුවා ඇත.
අනුමත බඳවා ගැනීම් හා උසස් කිරීමේ පටිපාටීන් අනුව උසස්වීම් ලබාදීම සඳහා සුදුසුකම් ලත් නිලධරයන්ගෙන් අයදුම්පත් කැඳවා ඇතත්, ඉහත පරිදි විභාග වන පෙත්සම් සහ අභියාචනා හේතුවෙන් මේ දක්වා උසස්වීම් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත.
(iii) 2020.12.31 දිනට පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා අනුමත බඳවා ගැනීම් සහ උසස් කිරීමේ පටිපාටිය අනුව ජ්‍යෙෂ්ඨතාව සහ කුසලතාව පදනම් කරගෙන උසස්වීම් ලබා දීමේදී ඉහත අධිකරණ කටයුතු හේතුවෙන් මතුව ඇති ප්‍රායෝගික ගැටලු පිළිබඳව හා අත්හිටුවීමේ නියෝග ලබා දී නොමැති සම්මුඛ පරීක්ෂණ මණ්ඩල පැවැත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදෙස් පතා 2022.08.29 දිනැතිව ලිපියක් යොමු කර ඇත.
(iv) ඒ අනුව, 2020.12.31 හා 2021.12.31 දිනට පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉහත උපදෙස් ලද පසු හා අධිකරණ කටයුතු අවසන් වූ පසු කඩිනමින් කටයුතු සිදු කළ හැකිය.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2022-10-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ටිරාන් අලස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks