01

E   |     |  

 දිනය: 2022-12-09   පිළිතුර ලබා දී ඇත 

0300/2022: මහවැලි ගඟේ වැලි ගොඩ දැමීම: ගන්නෝරුව සහ ගැට‍ඹේ වැලි නිධි

----

අසන ලද දිනය

2022-12-09

අසන ලද්දේ

ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මහවැලි ගඟ ආශ්‍රිතව වැලි ගොඩ දැමීම හේතුවෙන් එම ගංගාවේ සාමාන්‍ය ගමන් මාර්ගයට අවහිර වීමක් සිදු වී නැත.

              (ii)      සමහර ස්ථානවල පමණක් ගඟ දෙපස ඉවුරුවල වැලි ගොඩගැසීම් සිදු කළ ද එසේ සිදු කරන්නේ තාවකාලිකවයි. එබැවින්, සාමාන්‍යයෙන් වර්ෂා කාලයට පෙර ඒවා ඉවත් කිරීම සිදු වේ. එම නිසා ගඟ දෙපස ඉවුරුවල වැලි ගොඩවල් ගොඩ ගැසීම හේතුවෙන් සාමාන්‍ය වර්ෂාවකදී ගංවතුර ඇතිවීමේ ප්‍රවණතාවක් දැනට හඳුනාගෙන නැත.

(iii) පේරාදෙණිය - ගන්නෝරුව අසල වැලි නිධියේ පරිමාව දැනට ගණනය කර ඇති අතර, එම ප්‍රදේශය පාරිසරික සංවේදී කලාපයක් ලෙස හඳුනාගෙන ඇති නිසා එය ඉවත් කිරීමට අනෙකුත් රේඛීය ආයතන සමඟ සාකච්ඡා කටයුතු සිදු කරමින් පවතී. තවදුරටත් හඳුනාගත් හා හඳුනා නොගත් ස්ථාන ද මහවැලි ග‍ඟේ ඇති නිසා ඉදිරියේදී ක්ෂේත්‍ර චාරිකා මඟින් ඒ පිළිබඳව අධ්‍යයනය කොට‍ තොග ගණනය කිරීමටත් අපේක්ෂා කෙරේ.

තවද, ගැටඹේ දිය කපන තොටුපොළ අසල රැස් වී ඇති වැලි නිධිය ප්‍රයෝජනයට ගත නොහැකි වී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය - RDA - මගින් දැනට ක්‍රියාත්මක කරන නිර්දේශයක් වන පාලමකට මීටර් 500ක් පහළින් සහ මීටර් 500ක් ඉහළින් වැලි කැණීම් සිදු කිරීමට හැකියාවක් නොමැති බැවිනි. නමුත් මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රේඛීය ආයතන විසින් සලකා බලන නිර්ණායකවලට යටත්ව මේ කටයුතු ඉදිරි‍යේදී සිදු කිරීමට බලාපොරොත්තු වේ.

(ආ) (i) මෙයට පිළිතුර ඉහත (අ) (iii) හි සඳහන් වේ. එහි සඳහන් කළ ආකාරයට ආර්ථිකමය කටයුත්තක් සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන්.

(ii) ඔව්.

මෙයට පිළිතුර (අ) (iii) පිළිතුරෙහි පැහැදිලි කර ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks