පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-12-09
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) දැනට පවතින බුද්ධිමය දේපොළ නීතිය සංශෝධනය කිරීමට පමණක් කටයුතු කර ඇති අතර, නව බුද්ධිමය දේපොළ නීති සම්පාදනය සඳහා කටයුතු කර නැත.
(ii) 2003 අංක 36 දරන දැනට බලාත්මක බුද්ධිමය දේපොළ පනත සංශෝධනය කිරීමට පහත පරිදි කටයුතු කර ඇත.
1. 2022.03.16 දින 2022 අංක 8 දරන භූගෝලීය දර්ශක ලියාපදිංචි කිරීම සඳහා පහසුකම් සැපයීමට අදාළ විධිවිධාන ඇතුළත් කිරීම.
2. 2021 අංක 8 දරන සංශෝධන පනත මඟින් දෘශ්‍යාබාධිත හෝ වෙනත් දුබලතා සහිත පුද්ගලයන්ට මුද්‍රිත කෘති සඳහා ප්‍රවේශවීම පිළිබඳව සහ ඒ අනුව ප්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් බලපවතිනු ලබන විධිවිධාන සංශෝධනය 2021.01.18 දින ඇතුළත් කිරීම.
3. මැඩ්රිඩ් සන්ධාන පත්‍රය යටතේ ගොනු කෙරෙන දේශීය හා විදේශීය අයදුම්පත් මඟින් සහ විදේශීය ආයෝජන ප්‍රවර්ධනය මඟින් ජාතික ආදායම් වර්ධනය සඳහා දායක විය හැකි වන ලෙස මූලික පනතට අදාළව සිදු කරන ලද සංශෝධන ඇතුළත් කෙටුම්පත දැනටමත් නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇත.
(iii) නිර්මාණකරුවන්ට අත්වන වාසි හා ආරක්ෂාව වෙන් වෙන් වශයෙන් ඇමුණුමෙහි දක්වා ඇත.
ඇමුණුම සභාගත* කරමි.
(ආ) (i) සංඛ්‍යාත්මක දත්ත වාර්තා බුද්ධිමය දේපළ කාර්යාලය සතුව නොමැති අතර දැනට පවත්නා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතට අනුව බුද්ධිමය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් සිවිල් හා අපරාධ වගකීම් බලාත්මක කිරීම සඳහා බලතල බුද්ධිමය දේපළ අධ්‍යක්ෂ ජනරාල් වෙත පවරා දී නොමැත.
එසේ වුවද බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැවැති නඩුකර සඳහා සාක්ෂිකරුවෙකු වශයෙන් පමණක් බුද්ධිමය දේපළ අධ්‍යක්ෂ ජනරාල්ව නම් කරනු ලබයි.
ඒ වාගේම සිවිල් නඩුකර සඳහා කොළඹ මහාධිකරණයේ පැවරෙන බුද්ධිමය දේපළ විෂයට අදාළ නඩුකරවලදී දෙවන වගඋත්තරකරු ලෙස ලේඛන හා නිරීක්ෂණ සැපයීම සඳහා බුද්ධිමය දේපළ අධ්‍යක්ෂ ජනරාල් නම් කරනු ලබයි. බුද්ධිමය දේපළ අධ්‍යක්ෂ ජනරාල් වෙනුවෙන් ගරු නීතිපතිවරයා අධිකරණයේ පෙනී සිටිනු ලබයි.
(ii) ඉහත (ආ) (i) අනුව පැන නොනඟී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-12-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks