පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-09-09
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) 2020 වර්ෂයේදී දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ලෝහ ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ සමීක්ෂණයක් සිදු කරන ලදී.
(ii) දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා කර්මාන්තකරුවන් 914දෙනෙකු සම්බන්ධයෙන් සිදු කළ මෙම සමීක්ෂණයේදී සියලු ග්‍රාම සේවා වසම් ආවරණය වී නොමැත. මෙම සමීක්ෂණයේ අරමුණු වූයේ ඒ ඒ ප්‍රදේශයන්හි ලෝහමය අබලි ද්‍රව්‍ය ඍජුවම භාවිතයට ගනු ලබන සහ ක්‍රියාවලියේ යෙදවිය හැකි සුළු, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතා මට්ටම් සොයා ගැනීම වේ.
(iii) ලෝහ ආශ්‍රිත කර්මාන්තකරුවන් -අබලි ද්‍රව්‍ය ක්‍රියාවලියට සම්බන්ධ කර ගත හැකි- පවුල් 449ක් සමීක්ෂණයේ දත්ත මත හඳුනාගත හැකි විය.
රන් හා රිදී කර්මාන්ත ගම්මාන පිළිබඳ විස්තරයක් ඇමුණුම 1 ලෙස ඉදිරිපත් කරමි.
(ආ) (i) ඔව්.
(ii) • ප්‍රමාණවත් පරිදි අමුද්‍රව්‍ය ලබා ගැනීමට අපහසු වීම.
• මිල ගණන් අධික වීම.
• නව යන්ත්‍රෝපකරණ භාවිත නොවීම.
• නව තාක්ෂණික ක්‍රමවලට අනුගත වීමට මැළි වීම.
• නිෂ්පාදන පිරිවැය ඉහළ යාම.
• අළෙවි අපහසුතාව.
• සාම්ප්‍රදායික භාණ්ඩ පමණක් නිෂ්පාදනය හා තත්ත්වය පිළිබඳ සැලකිලිමත් නොවීම.
(iii) ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ ස්ථාපිත කර ඇති වාත්තු හා විද්‍යුත් ලෝහාලේපන අංශයේදී කර්මාන්තකරුවන් සඳහා නව තාක්ෂණය හා නව යන්ත්‍රෝපකරණ භාවිත කිරීමට අවශ්‍ය දැනුම හා ප්‍රායෝගික පුහුණුවීම් ලබා දීම සිදු කරනු ලැබේ.
මීට අමතරව, ප්‍රාදේශීය වශයෙන් පවතින කර්මාන්ත වෙත ගොස් ඔවුන්ගේ ප්‍රායෝගික ගැටලු විසඳා ගැනීම සඳහා මණ්ඩලයේ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරින් සහ තාක්ෂණ නිලධාරින් කටයුතු කරනු ලබයි.
(iv) වෙළෙඳපොළ සොයා දීමක් සිදු නොකරන අතර, අළෙවිය වැඩිකර ගැනීම සඳහා අවශ්‍ය අළෙවිකරණ දැනුම ලබා දීමේ පුහුණු වැඩසටහන් ඔවුන් සඳහා ඇත. මීට අමතරව, ප්‍රාදේශීය කාර්යාල මඟින් පවත්වනු ලබන අළෙවි සල්පිල් මඟින් ඔවුන්ගේ නිෂ්පාදන අළෙවි කර ගැනීමට අවස්ථාව ලබා දී ඇත. මීට අමතරව, ආනයන ආදේශන භාණ්ඩ නිෂ්පාදනය සඳහා ද කර්මාන්තකරුවන් යොමු කෙරේ. තවද, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මඟින් සිදු කරනු ලබන Made in Sri Lanka Trade Portal හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට දේශීය හා විදේශීය වෙළෙඳපොළට අවතීර්ණ වීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. (madeinsrilanka.org යන සබැඳිය හරහා පිවිසිය හැකිය.)
(v) නැත.
(vi) මේ පිළිබඳ අධ්‍යයනය කරමින් පවතී.
(ඇ) (i) ඔව්.
(ii) යන්ත්‍ර, අමතර කොටස්, වාත්තු කරන ලද කොටස් පිලිපීනය, ඉන්දුනීසියාව, මියන්මාරය, බංග්ලාදේශය, මාලදිවයින ආදී ආසියාතික රටවලටත්, ඩුබායි, කටාර් ආදී මැද පෙරදිග රටවලටත්, අප්‍රිකාව හා යුරෝපා රටවල්වලටත් අපනයනය කෙරේ. රන්, රිදී හා යකඩ 2015 හා 2016 වර්ෂවලදී අපනයනය කළ ප්‍රධාන රටවල් පිළිබඳ විස්තරයක් ඇමුණුම 2 ලෙස ඉදිරිපත් කරමි.
(iii) 2015 වර්ෂයේ රන් හා රිදී ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ආදායම ඇ.ඩො. මිලියන 15.88ක් වන අතර, 2016 වර්ෂයේදී ඇ.ඩො. මිලියන 15.19ක් වේ. 2015 වර්ෂයේ යකඩ ආශ්‍රිත නිෂ්පාදනවල අපනයන ආදායම ඇ.ඩො. මිලියන 55.81ක් වන අතර, 2016 වර්ෂයේදී ඇ.ඩො. මිලියන 89.59ක් වේ. රන්, රිදී හා යකඩ අපනයනයෙන් 2015 හා 2016 යන වර්ෂවලදී ලද ආදායම පිළිබඳ විස්තර ඉහත සඳහන් කරන ලද ඇමුණුම 2හි දැක්ව්. මේ සම්බන්ධයෙන් විස්තරාත්මක තොරතුරු අපනයනය සංවර්ධන මණ්ඩලයෙන් හා රේගු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකිය.
(ඈ) අදාළ නොවේ.
ඇමුණුම 1 සහ 2 සභාගත* කරමි.
පිළිතුරු දුන් දිනය
2022-10-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks