පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1579/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— තැපැල් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කලුතර දිස්ත්‍රික්කයේ, කලුතර ප්‍රධාන තැපැල් කාර්යාලයේ පිහිටි නිලධාරීන්ගේ නේවාසිකාගාරය දැඩිසේ අබලන් වී ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එසේ නම්, මෙම ගොඩනැගිල්ල කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන්නේද;
(ii) ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේද;
(iii) එසේ නම්, එම මුදල කොපමණද;
(iv) එම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-03-08
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
තැපැල් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)
ගරු කථානායකතුමනි, මම තැපැල් සේවා අමාත්‍යතුමා වෙනුවෙන් එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) ඔව්.
(ආ) (i) කළුතර නගර සභා ක්‍රීඩාංගණය ද හා බස් නැවතුම ද, දුම්රිය ස්ථානය ද මායිම්ව කළුතර නගර මධ්‍යයේ පිහිටි මෙම නේවාසිකාගාරය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් වරිපනම් බදු ගෙවීම සිදු කළ ද, එකී ඉඩමේ අයිතිය කළුතර නාගරික සංවර්ධන අධිකාරිය සතුව පවතී.
කළුතර නගර සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් සහ ඇස්තමේන්තු සකස් කර ඇති බව දන්වා ඇත. නමුත් මෙය නගර මධ්‍යයේ තිබීම නාගරික සංවර්ධන සැලසුම්වලට අනුකූල නොවන බවට ද, අදහස් ඉදිරිපත් වී ඇති බැවින් ඊට විකල්පයක් ලෙස කළුතර නගර සභා භූමිය තුළ මෙම නේවාසිකාගාරයට ඉඩකඩ වෙන් කර දිය හැකි බව ද දන්වා ඇත.
(ii) ඒ සඳහා ප්‍රතිපාදනවෙන් කිරීමක් සිදු කර නොමැත.
(iii) අදාළ නොවේ.
(iv) දිනයක් තීරණය කර නැත. ගරු තැපැල් සේවා අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව කළුතර නාගරික සංවර්ධන අධිකාරිය දන්වා ඇත.
(ඇ) ඉඩමේ අයිතිය තැපැල් දෙපාර්තමේන්තුවට නැත. එබැවින් තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන වෙනත් ආයතනයක කටයුතුවලට වියදම් කිරීමේ හැකියාවක් නැත. ඉහත පරිදි තීරණයක් ගැනීමට නියමිතය.
පිළිතුරු දුන් දිනය
2012-11-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks