01

E   |     |  

 දිනය: 2022-05-06   පිළිතුර ලබා දී ඇත 

2568/2022: විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා අනුමත පර්යේෂණ ප්‍රතිපාදන: භාවිතයට ගැනීම

----

අසන ලද දිනය

2022-05-06

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වර්ෂ 2015 සිට මේ දක්වා පර්යේෂණ කටයුතු කිරීම සඳහා ප්‍රතිපාදන අනුමත කර ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සංඛ්‍යාව 2,501කි.

 

              (ii)      ඔව්.

                          2015 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා පර්යේෂණ කටයුතු කිරීම සඳහා ප්‍රතිපාදන අනුමත කර ඇති එක් එක් ආචාර්යවරයාගේ නම හා සේවා ස්ථානය ඇමුණුම් 01 සිට 07 දක්වා සඳහන් කර ඇත.

(ආ) (i)

වර්ෂය

අනුමත කරන ලද ප්‍රතිපාදනය (රු.)

2015

236,589,989.00

2016

502,596,490.00

2017

395,208,197.00

2018

404,091,502.00

2019

326,300,825.00

2020

164,527,617.00

2021

403,357,832.00

 

 

 

 

 

 

 

(ii)

 වර්ෂය

අනුමත කරන ලද ප්‍රතිපාදනයෙන් පර්යේෂණ කටයුතු කිරීම සඳහා මේ දක්වා භාවිත කරන ලද මුදල (රු.)

2015

194,203,123.00

2016

395,981,238.00

2017

303,180,964.00

2018

274,908,140.00

2019

187,374,038.00

2020

  55,977,755.00

2021

  90,381,307.00

 

(iii)

 වර්ෂය අනුමත කරන ලද ප්‍රතිපාදනයෙන් භාවිත නොකරන ලද ප්‍රතිපාදනය (රු.)

 

2015

 43,133,735.00

2016

108,378,551.00

2017

 91,685,502.00

2018

129,487,766.00

2019

139,100,732.00

2020

108,676,876.00

2021

313,377,257.00

 

 

 

 

 

(ඇ) ඔව්.

අනුමත කළ ද භාවිත නොකරන ලද මුදල් වශයෙන් ඇත්තේ පවතින පර්යේෂණ ව්‍යාපෘතිවල ඉතිරි අරමුදල්, සම්පූර්ණ කරන ලද පර්යේෂණ ව්‍යාපෘතිවල භාවිතයට නොගත් අරමුදල් සහ ප්‍රදාන රඳවා ගැනීම්ය.

පවතින පර්යේෂණවල ඉතිරි මුදල් අනෙකුත් පර්යේෂණ ගිණුම් වෙත මාරු කර ඇත.

එක් එක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙත පර්යේෂණ සඳහා අනුමත කරන ලද ප්‍රතිපාදන භාවිත නොකිරීම පිළිබඳ තොරතුරු වෙන වෙනම  01 සිට 07 දක්වා වන ඇමුණුම්වල සඳහන් කර ඇත. එම ඇමුණුම් සභාගත* කරමි.

ගරු මන්ත්‍රීතුමියනි, ඒ සම්බන්ධයෙන් මා උදාහරණයක් කියන්නම්. මා ඉදිරිපත් කළ ඇමුණුම 01හි පළමු තීරුවේ  සඳහන්වෙලා තිබෙනවා, “University/Institute" යටතේ University of Colombo.  ඊළඟ තීරුවේ, "Faculty" ‍යටතේ Faculty of Medicine කියා සඳහන්වෙලා තිබෙනවා. ඊළඟ තීරුවේ සඳහන්වෙලා තිබෙන්නේ නම්. මා ඒක කියවන්නේ නැහැ. නම් රාශියක් තිබෙනවා. ඊළඟට, තනතුර යටතේ මහාචාර්ය - Professor - ලෙස  සඳහන් කරලා තිබෙනවා. ඊළඟට, "Title of the Project/Research" යටතේ "Clinical and Molecular Genetic Studies in a Cohort of Sri Lankan Patients with Inherited Cancer Syndromes” කියා සඳහන් වෙනවා.  ඒ සඳහා  රුපියල් මිලියන 3ක් -රුපියල් ලක්ෂ 30ක්- වෙන්වෙලා තිබෙනවා. ඒ මුදලින් එතුමා භාවිත කරලා තිබෙන්නේ රුපියල් 2,049,257.67යි. ඉතුරු මුදල රුපියල් 9,50,742.33ක් තිබෙනවා. ඊළඟ තීරුවේ "Remark" යටතේ  සඳහන් වෙනවා, "Balance money of the granted amount was transferred to the other research expenditure accounts" කියලා. ඒ කියන්නේ, මෙවැනි  පර්යේෂණ සඳහා වෙන් කළ මුදල් ඉතුරු වුණාම වෙනත් පර්යේෂණ වියදම් ගිණුමකට මාරු කරනවා. ඒ මුදල් වෙනත් පර්යේෂණ සඳහා නැවත භාවිත කරන්න පුළුවන්, වෙන පර්යේෂකයන්ට. මේ ඇමුණුම් සියල්ලම තිබෙන්නේ ඒ විධියටයි. මේ ඇමුණුම් ඔබතුමාට පරිශීලනය කරන්න පුළුවන්.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-06-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks