01

E   |     |  

 දිනය: 2022-05-06   පිළිතුර ලබා දී ඇත 

2564/2022: වතු ආ‍ශ්‍රිත ප්‍රදේශවල සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකිරීම: බදුල්ල දිස්ත්‍රික්කය

----

අසන ලද දිනය

2022-05-06

අසන ලද්දේ

ගරු වඩිවේල් සුරේෂ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2019 වසරේ අනුමැතිය ලබා දුන් සංස්කෘතික මධ්‍යස්ථාන 16 පිළිබඳව ප්‍රශ්නයේ විමසා ඇතත්, 2019 වසරේ ගරු මන්ත්‍රීතුමා විසින් ඉල්ලුම් කර ඇත්තේ බහුකාර්ය මධ්‍යස්ථාන 40 පිහිටුවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදනයි. දිස්ත්‍රික් ලේකම් විසින් ප්‍රජා මධ්‍යස්ථාන 16 ඉදිකිරීම නිර්දේශ කර ඒ සඳහා ප්‍රතිපාදන ඉල්ලා ඇත. ඒ අනුව 2019 වසරේදී ප්‍රජා මධ්‍යස්ථාන 16 ඉදිකිරීමේ ව්‍යාපෘතිය අනුමත කර ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 102.75 ප්‍රතිපාදන බදුල්ල දිස්ත්‍රික් ලේකම් වෙත අනුමත කර ඇත.

(ii) සංස්කෘතික මධ්‍යස්ථාන සඳහා ඇස්තමේන්තු ඉදිරිපත් කර නැත. එහෙත් ප්‍රජා මධ්‍යස්ථාන 16ක් සඳහා ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇත.

(iii) සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක නොවුණු අතර, බදුල්ල දිස්ත්‍රික් ලේකම්ගේ 2021.03.17 ලිපිය අනුව, එවකට පැවැති ඉඩම් ගැටලුවක් හේතුවෙන් ප්‍රජා මධ්‍යස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කර නොමැත.

(ආ) (i) සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකිරීමට ප්‍රතිපාදන වෙන් කර නැත. එහෙත් ප්‍රජා මධ්‍යස්ථාන 16 ඉදිකිරීමේ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 20.55ක ප්‍රතිපාදන බදුල්ල දිස්ත්‍රික් ලේකම්‍ වෙත 2019 වර්ෂයේදී නිදහස් කර ඇති නමුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කර නොමැත.

(ii) ප්‍රතිපාදන ලබා දීමට එවැනි වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක නොවේ.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2022-06-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks