පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-05-06
අසන ලද්දේ
ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
(අ) (i)
|
|
ඉල්ලීම |
ගෙන ඇති ක්‍රියාමාර්ග |
|
01 |
ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති, දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක, සහකාර ප්‍රවාහන අධිකාරි තනතුරු සඳහා බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම සහ දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක තනතුරට බඳවා ගැනීම සඳහා තරග විභාගය නොපැවැත්වීම සම්බන්ධව. |
ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති බඳවා ගැනීමේ පටිපාටියෙහි සංශෝධන සකසා නැවත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුනමැතියට යොමු කිරීමට කටයුතු කරමින් පවතී. දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක තනතුර සඳහා බඳවා ගැනීම සම්බන්ධයෙන් කැඳවීම් නිවේදන හා බඳවා ගැනීමේදී අදාළ වන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට අදාළව ලකුණු ලබා දීමේ ක්‍රියා පටිපාටිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කර ඇත. සහකාර ප්‍රවාහන අධිකාරි තනතුරට අදාළ බඳවා ගැනීමේ පටිපාටිය අනුමතව ඇත. එහි බඳවා ගැනීමේ පටිපාටියේ සංශෝධනයක් නොමැති අතර මේ වන විට එම තනතුරට අදාළව පවතින පුරප්පාඩුවලින් විවෘත බඳවා ගැනීම් 02ක් සහ සීමිත බඳවා ගැනීම් 01ක් වේ. |
|
02 |
ජ්‍යෙෂ්ඨතාව අනුව ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති උසස්වීම ලබාදීම ප්‍රමාද කිරීම සහ කුසලතාව මත ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති තරග විභාගය නොපැවැත්වීම සම්බන්ධව. |
උසස්වීම් ලබා දීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා අදාළ උපලේඛන, නිරීක්ෂණ හා නිර්දේශ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යැවූ නමුත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අදාළ සම්මුඛ පරීක්ෂණය අවලංගු කර ඇත. නැවත අයදුම්පත් කැඳවීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇත. |
|
|
ඉල්ලීම |
ගෙන ඇති ක්‍රියාමාර්ග |
|
03 |
දුම්රිය ස්ථානාධිපති අධිපන්තියේ සීමිත (තරග විභාගය) පදනම මත උසස්වීම් ලබා දීම ප්‍රමාදවීම. |
ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති බඳවා ගැනීමේ පටිපාටියෙහි සංශෝධන සකසා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යොමු කිරීමට කටයුතු කරමින් පවතී. අධි පන්තියේ බඳවා ගැනීමේ පටිපාටිය අනුමත වූ පසු ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපේක්ෂිතය. |
|
04 |
III වන ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් II වන ශ්‍රේණියට උසස්වීම් ලබා දීම ප්‍රමාදවීම. |
අදාළ උසස්වීම් ලබා දීම සඳහා නියෝජ්‍ය ගමනාගමන අධිකාරිවරුන් වෙත අයදුම්පත් යොමුකර ඇත. |
|
05 |
I වන ශ්‍රේණියට උසස් කළ II වන ශ්‍රේණියේ අවුරුදු 10ක් සම්පූර්ණ කළ 2005/2006 කණ්ඩායමේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම නැවත රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සංශෝධනය කරන ලෙස දන්වා තිබීම. |
මේ සම්බන්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් උපදෙස් ඉල්ලා ඇත. ලැබෙන උපදෙස් අනුව එය කඩිනමින් විසඳන්න අපි ක්‍රියා කරනවා. |
|
06 |
දුම්රිය ස්ථානාධිපති III සීමිත තරග විභාගය. |
අදාළ තරග විභාගය 2019.08.24වන දින පවත්වලා තිබෙනවා. 2020.03.02වන දින අයදුම්කරුවන් 21දෙනෙක් බඳවා ගෙන ඇත. |
|
07 |
අනිවාර්ය ස්ථාන මාරුවීම් හිමි නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම. |
ස්ථාන මාරුවීම් නියමිත පරිදි ක්‍රියාත්මක කර අවසන් කර ඇත. |
|
08 |
2021.01.01වන දින සිට ක්‍රියාත්මක වර්ගීකරණය මෙතෙක් අනුමත නොකිරීම. |
අදාළ වර්ගීකරණ වාර්තා අනුමැතිය 2020.03.28වන දින කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. මුදල් අමාත්‍යාංශය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් එය අනුමත කළ යුතුව තිබෙනවා. |
|
09 |
පුහුණු පාසලේ, පුහුණු අවසාන පරීක්ෂණය අසමත් වීම අනුව සහනයක් ලබා දෙන ඉල්ලීම් කළ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලුවට මෙතෙක් විසඳුම් ලබා නොදීම. |
මෙම කරුණට අදාළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විමසා ඇති කරුණු සම්බන්ධයෙන් 2022.04.29වන දින පිළිතුරු යොමු කර ඇත. |
|
|
ඉල්ලීම |
ගෙන ඇති ක්‍රියාමාර්ග |
|
10 |
දුම්රිය ස්ථානාධිපති බඳවා ගැනීමේ පටිපාටියේ සුදුසුකම උපාධියක් දක්වා සංශෝධනය කර අනුමත කිරීමට අවශ්‍ය කටයුතු සිදු නොකිරීම. |
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේදී 2022.02.08වන දින පැවති සාකච්ඡාවේදී දුම්රිය ස්ථානාධිපතිවරු බඳවා ගැනීමේ පටිපාටියේ බඳවා ගැනීමේ සුදුසුකම උපාධිය දක්වා සංශෝධනය කිරීම යෝග්‍ය නොවන බවට නිරීක්ෂණය කර ඇත. |
|
11 |
දෙවන භාෂා ප්‍රවීණතාවයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහනයක් ලබා දීමට කටයුතු නොකිරීම. |
රා.ප.ච. 18/2020 චක්‍රලේඛයට පටහැනිව වෙනත් ආකාරයකට දුම්රිය ස්ථානාධිපතිවරුන් රාජ්‍ය භාෂා ප්‍රවීණතාවෙන් නිදහස් කළ නොහැකි බව ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් දන්වා ඇත. |
|
12 |
දුම්රිය ස්ථානාධිපතිවරුන් හා නියාමකවරුන් සඳහා එකම ක්‍රමවේදයක් අනුව අතිකාල දීමනා නොගෙවීම. |
මෙම කරුණට අදාළව පත්කරන ලද කමිටු වාර්තාව ලද පසු ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇත. |
|
13 |
2018 වර්ෂයේ දී වෘත්තීය සමිති සන්ධානය සමඟ කළ වෘත්තීය අරගළයේදී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පමණක් වැටුප් රහිත නිවාඩු ලෙස සලකා වැටුපෙන් මුදල් කපා හැරීම. |
වැඩ වර්ජකයින්ගේ නොපැමිණි දින ගණන් ඔවුන්ගේ හිමි නිවාඩුවලින් ආවරණය කිරීමටත්, හිමි නිවාඩු අවසන්ව ඇත්නම් වැටුප් රහිත නිවාඩු සේ සලකා කටයුතු කිරීම සඳහා වන මාගේ නිර්දේශ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කර ඇත. |
|
14 |
කුරුණෑගල දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා කාර්ය මණ්ඩලවල නිල නිවාස වෙනත් පාර්ශ්වයන් වෙත ලබා දීම හා ඔවුන්ට ඒ වෙනුවෙන් නව නිවාස ලබා නොදීම. |
නව ක්ෂේත්‍ර නිවාසයක් ඉදිකරන තෙක් තාවකාලික පදනමින් කුරුණෑගල දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අයත් ක්ෂේත්‍ර නිවාස දෙකක් දුම්රිය නියාමක සහ දුම්රිය රියැදුරන් වෙත ලබා දී ඇත. නව ක්ෂේත්‍ර නිවාසයක් ඉදිකිරීමෙන් පසු, දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අයත් ක්ෂේත්‍ර නිවාස දෙක ආපසු ලබාදීමට කටයුතු කෙරේ. |
|
15 |
මහව - ඕමන්ත දුම්රිය ව්‍යාපෘතිය හරහා පවතින මාර්ගය ඉවත් නොකොට එම මාර්ගය ද සහිතව ද්විත්ව මාර්ගයක් ලෙස සකස් කර මගී ජනතාවට පහසුකම් ලබා නොදීම. |
මහව - ඕමන්ත දුම්රිය ව්‍යාපෘතියට අදාළ කාර්යයන් මේ වන විට ආරම්භ කර ඇත. සමහර කාර්යයන් සඳහා මුදල් ගෙවීම් ද කර ඇත.එම ව්‍යාපෘතිය නවතා එම මාර්ගය ද සහිතව ද්විත්ව මාර්ගයක් ලෙස පහසුකම් සැලසීමට ව්‍යාපෘති ගිවිසුම් අනුව හැකියාවක් නොමැත. |
|
|
ඉල්ලීම |
ගෙන ඇති ක්‍රියාමාර්ග |
|
|
|
එසේම, දැනට මහව - ඕමන්ත දක්වා ධාවනය වන දුම්රිය ප්‍රමාණය සඳහා ද්විත්ව මාර්ගයක් අවශ්‍ය නොවන අතර එහි කාර්යක්ෂමතාව වැඩිකිරීම නවීන සංඥා පද්ධතියක් ස්ථාපනයෙන් සිදුකළ හැක. |
|
16 |
දුම්රිය ස්ථානාධිපති සේවය සඳහා ලබා දෙනු ලබන දීමනා පිළිබඳ විශ්ලේෂණ හා දීමනා ඉහළ නොදැමීම. (නිල ඇඳුම් දීමනාව) |
මේ සම්බන්ධයෙන් මිල කමිටුව රැස් වී තීරණ ලබා දිය යුතුව ඇතත්, පැවති වාතාවරණය හමුවේ එම කටයුතු ප්‍රමාද වී ඇත. මේ වන විටත් මිල දීමනා ලබාගැනීමට උප කමිටුවක් පත් කර ඇති අතර පවතින වෙළඳ පොළ වාතාවරණය අනුව මිල ගණන් ලබාගැනීමේදී දුෂ්කරතාවන් ද පවතී. කෙසේ වෙතත් අදාළ මිල ගණන් ලැබුණු පසු මිල කමිටුව රැස්කර, මිල ගණන් තීරණය කර අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමට කටයුතු කරනු ඇත. |
|
17 |
වසර තුනකට අධික කාලයක් දුම්රිය පුහුණුව සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන් යොමු නොකිරීම. |
නව පත්වීම් ලද දුම්රිය ස්ථානාධිපති III වන ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන පුහුණු පාඨමාලාවක් 2022.06.06 වන දින ආරම්භ කිරීමට නියමිතව ඇත. |
|
18 |
සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන් වෙත නිදහස් ගමන් අවසර ලබා නොදීම. |
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) වෙතින් කැඳවූ වාර්තාවල නිර්දේශ මේ වන විට සලකා බලමින් පවතී. |
|
19 |
දුම්රිය ස්ථාන සීමාව තුළ දුම්රිය ඉඩම් ගොඩනැඟිලි බදු දීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් නොකිරීම සහ අදාළ ඉඩම් බදු දීමේ දී දුම්රිය ස්ථානාධිපතිගේ අදහස් හා නිර්දේශ ලබා නොගැනීම. |
ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කළ දුම්රිය රක්ෂිත චක්‍රලේඛය අනුව දුම්රිය ස්ථාන සීමාව ද ඇතුළත්ව දුම්රිය රක්ෂිත තුළ පිහිටි ඉඩම් බදුදීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ඇත. දුම්රිය රක්ෂිත බදුදීමේ කාර්යය සඳහා පිහිටුවා ඇති බදු කමිටු මගින් අදාළ නිර්දේශ ලබාගැනීම සිදුකරන අතර එම බදු කමිටුවේ සභාපති අදාළ කොට්ඨාසයේ ප්‍රවාහන අධිකාරි හෝ සහකාර ප්‍රවාහන අධිකාරි වේ. ඒ අනුව, දුම්රිය ස්ථාන සීමාවේ ඉඩම් සඳහා ප්‍රවාහන අධිකාරි හෝ සහකාර ප්‍රවාහන අධිකාරිගේ අභිමතය පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ නිර්දේශ ලබාගැනීමට කටයුතු කරයි. |
|
|
ඉල්ලීම |
ගෙන ඇති ක්‍රියාමාර්ග |
|
20 |
අනුරාධපුරයෙන් ඔබ්බට කන්කසන්තුරය - මන්නාරම් මාර්ගයේ අනාරක්ෂිත සංඥා ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීම හරහා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ රාජකාරි ව්‍යාකූල කිරීම. |
අනුරාධපුරයෙන් ඔබ්බට කන්කසන්තුරය - මන්නාරම් මාර්ගයේ ආරක්ෂිත සංඥා ක්‍රමවේදයක් ස්ථාපිත කර ඇති අතර මේ අතරින් පහත ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීමට කටයුතු කර ඇත. 1. විදුලි කප්පාදු කාලසීමාව තුළ බැටරි ධාරිතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සංඥා ක්‍රියාකාරිත්වය අවහිර වීම. · තාවකාලික පිළියමක් ලෙස හඳුනාගත් ස්ථාන සඳහා වඩා වැඩි ධාරිතාවයෙන් යුත් බැටරි ලබා දී ඇති අතර නව බැටරි ලබා ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇත. 2. මන්නාරම් මාර්ගයේ බ්ලොක් සංඥා පද්ධතිවල ක්‍රියාවිරහිත වීම. · අමතර කොටස්වල හිඟතාව මත බ්ලොක් සංඥා පද්ධතිවල අලුත්වැඩියාවන් පමාවෙමින් පවතී. අදාළ අමතර කොටස් සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇතත්, පවතින ඩොලර් හිඟතාව මත ණයවර ලිපි නිකුත් කිරීම ඇනහිට ඇත. |
|
21 |
පුහුණු පාසලේ, පුහුණුව අවසන් පරීක්ෂණය අසමත්වීම අනුව සහනයක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලුවට තවම විසඳුම් ලබා නොදීම |
මේ සම්බන්ධව ක්‍රියා කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කරුණු ඉදිරිපත් කර ඇත. |
(ii) ඔව්. හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එරෙහිව පියවර ගැනීමේ හැකියාවක් පවතී.
දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් සිදු කරන හදිසි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවකට පත් වූ අතර, මගීන් විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අංශයේ ප්‍රධානියා වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) වෙත කළ පැමිණිලි අනුව, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) විසින් මේ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පැමිණිල්ලට අදාළව හිටපු ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමා විසින් අදාළ හදිසි වැඩ වර්ජනයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඉදිරියේදී මෙවැනි විධිමත් දැනුම්දීමකින් තොරව යම් වෘත්තීය සමිතියක් මහ ජනතාව අපහසුතාවට පත් වන ආකාරයට හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වන අවස්ථාවලදී ඉහත සඳහන් පරිදි කටයුතු සිදු කරන බව දැනුම් දෙන්නට කැමැතියි.
ගරු කථානායකතුමනි, අපි වෘත්තීය සමිති, ඒවායේ නායකත්වයන්, ස්ථානාධිපතිවරුන් සහ සේවක කාරකාදින් කැඳවලා නායකත්වයට දැනුම් දුන්නා, මේ රටේ මගී ජනතාව මේ ආර්ථික අර්බුදය සහ ඉන්ධන අර්බුදය හමුවේ ඉතාම දුෂ්කර තත්ත්වයකට පත් වෙලා තිබෙන නිසා රට ගැන සහ රටේ ජනතාව ගැන හිතලා මොනම හේතුවක් නිසාවත් එවැනි වර්ජන කරන්න එපා, තිබෙන ඕනෑම ඉල්ලීමක් ඉදිරිපත් කරන්න, අපි ඒවා සාකච්ඡා කරලා, සාකච්ඡා සහ සම්මන්ත්‍රණ තුළින් විසඳුම් ලබා දෙනවා කියලා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-06-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks