බලන්න

04

E   |     |  

 දිනය: 2022-05-06   පිළිතුර ලබා දී ඇත 

2260/2022: ජාතික පාසල් සහ පළාත් පාසල්: ගුරු පුරප්පාඩු

----

අසන ලද දිනය

2022-05-06

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර තිබූ ජාතික පාසල් සංඛ්‍යාව 374කි. පාසල් 1,000 සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පළාත් පාසල් 22ක් ජාතික පාසල් ලෙස උසස් කරන ලදී. ඒ අනුව මේ වන විට ලංකාවේ ස්ථාපිත කර ඇති ජාතික පාසල් සංඛ්‍යාව 396කි.

 

                        එසේම පළාත් පාසල් සංඛ්‍යාව 9,590කි. 

              (ii)      ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු

01/2016 චක්‍රලේඛයට අනුව ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පහත පරිදි වේ.

 

 

අනුමත ගුරු සංඛ්‍යාව

තත්‍ය ගුරු  සංඛ්‍යාව

අතිරික්ත ගුරු  සංඛ්‍යාව

ඌන ගුරු  සංඛ්‍යාව

සිංහල මාධ්‍ය

27,994

29,277

1,283

-

දෙමළ මාධ්‍ය

7,488

7,371

-

117

ඉංග්‍රීසි මාධ්‍ය

2,602

2,812

210

-

එකතුව

38,084

39,460

1,493

117

 

06/2021 චක්‍ර‍ලේඛයට අනුව ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පහත පරිදි වේ.

 

 

අනුමත ගුරු සංඛ්‍යාව

තත්‍ය ගුරු සංඛ්‍යාව

ඌන ගුරු සංඛ්‍යාව

සිංහල මාධ්‍ය

31,370

29,277

2,093

දෙමළ මාධ්‍ය

8,229

7,371

858

ඉංග්‍රීසි මාධ්‍ය

3,431

2,812

619

එකතුව

43,030

39,460

3,570

 

(06/2021 චක්‍රලේඛයට අනුව ජාතික පාසල්වලට අවශ්‍ය ගුරු සංඛ්‍යාව සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් අනුමැතිය මේ දක්වා ලැබී නොමැති අතර, අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද ගුරු සංඛ්‍යා මත පදනම්ව මෙම ගණනය කිරීම් සිදු කර ඇත.)

 

පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු

01/2016 චක්‍රලේඛයට  අනුව  පළාත් පාසලවල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පහත පරිදි වේ.

පළාත

අනුමත ගුරු සංඛ්‍යාව

තත්‍ය ගුරු සංඛ්‍යාව

අතිරික්ත ගුරු සංඛ්‍යාව

ඌන ගුරු සංඛ්‍යාව

වයඹ

 

01/2016 චක්‍රලේඛය අනුව ගුරුවරුන් 25,998ක්  සඳහා අනුමැතිය ඉල්ලා තිබුණ ද එය අනුමත වී නොමැත. 01/2014 චක්‍රලේඛය අනුව අනුමත වූ ගුරු සංඛ්‍යා  දැනට භාවිත වේ. ඒ අනුව අනුමත ගුරු සංඛ්‍යාව 25,551කි. තත්‍ය සංඛ්‍යාව 24,555ක් වන අතර, ඌන ගුරු සංඛ්‍යාව 1,996කි.

දකුණ

22,104

25,525

421

-

සබරගමුව

21,169

21,393

224

-

මධ්‍යම

27,714

27,828

114

-

උතුරු මැද

16,470

14,287

200

2,383

උතුර

18,286

16,726

-

1,560

බස්නාහිර

35,147

33,959

-

1,188

ඌව

17,668

16,768

-

   900

නැ‍ඟෙනහිර

21,261

18,643

-

2,618

මේ අනුව  8,000කට ආසන්න සංඛ්‍යාවක ගුරු පුරප්පාඩු තිබෙනවා. එක එක පළාත අනුව මට තවදුරටත් විස්තර ටික දෙන්න පුළුවන්. ඒ විස්තර ඇතුළත් විශාල සටහනක් තිබෙනවා. එහි සාරාංශය තමයි මම කිව්වේ.

 

 

           06/2021 චක්‍රලේඛයට අනුව පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පහත පරිදි වේ.

පළාත

අනුමත ගුරු සංඛ්‍යාව

තත්‍ය ගුරු සංඛ්‍යාව

අතිරික්ත ගුරු සංඛ්‍යාව

ඌන ගුරු සංඛ්‍යාව

වයඹ

29,551

24,555

-

4,996

දකුණ

26,352

22,525

-

3,827

සබරගමුව

24,529

21,393

-

3,136

මධ්‍යම

ගුරුවරුන් 33,125ක් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන්  අනුමැතිය ඉල්ලා ඇත.  මෙතෙක්  අනුමැතිය ලැබී නොමැත.

උතුරු මැද

17,776

14,287

204

3,696

උතුර

19,359

16,726

-

2,633

බස්නාහිර

06/2021 චක්‍රලේඛය සඳහා මෙතෙක්  කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ  අනුමැතිය ලැබී නැත.

ඌව

19,362

16,768

-

2,594

නැ‍ඟෙනහිර

22,834

18,643

-

4,191

(iii) 2018-2019 හා 2020 උපාධිධාරි යෝජනා ක්‍රමය යට‍තේ දැනට රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇති අවුරුදු 35ට අඩු  උපාධිධාරින්ගෙන් අයදුම්පත් කැඳවා ගුරු පුරප්පාඩු 22,000ක් සඳහා බඳවා ගැනීමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව බඳවා ගැනීම සඳහා කටයුතු කරන අතර, සුදුසු නිලධාරින් තෝරාගෙන පුහුණු කර අදාළ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-06-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks