01

E   |     |  

 දිනය: 2022-05-05   පිළිතුර ලබා දී ඇත 

1959/2022: 2015-2019 දක්වා වැවිලි කර්මාන්ත අමාත්‍යවරුන්ගේ උපදේශකවරුන්: විස්තර

----

අසන ලද දිනය

2022-05-05

අසන ලද්දේ

ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)     

 

ගරු අමාත්‍යතුමාගේ නම

ධුර කාලය

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා

2015.01.01 - 2015.08.16

ගරු නවීන් දිසානායක මැතිතුමා

2015.09.07 - 2018.10.26

ගරු එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා

2018.11.09 - 2018.12.15

ගරු නවීන් දිසානායක මැතිතුමා

2018.12.20 - 2019.11.22

ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා

2019.11.25 සිට මේ දක්වා

              (ii)

 

 

ගරු අමාත්‍යතුමාගේ නම

උපදේශකවරුන් සංඛ්‍යාව

කාලය

01

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා

නැත

-

02

ගරු එස්.එම්. චන්ද්‍රසේන මැතිතුමා

නැත

-

03

ගරු නවීන් දිසානායක මැතිතුමා

ලක්නා පරණවිතාන මහතා  ඒ.බී. ටයිටස් සුනිල් සිල්වා මහතා

2015.11.01-2018.10.31   2019.01.21-2019.11.20

         (iii)

 

උපදේශකවරයාගේ නම

වයස (පත්වීම් දිනට)

අධ්‍යාපන සුදුසුකම්

වෘත්තීය සුදුසුකම්

කාල සීමාව

ලක්නා පරණවිතාන  මහතා

අවුරුදු 65  1950.01.09

· ව්‍යාපාර කළමනාකරණ පශ්චාද් උපාධිය (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)  · ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විධායක ඩිප්ලෝමාව (කොළඹ විශ්වවිද්‍යාලය)  · මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පශ්චාද් සහතික පත්‍ර පාඨමාලාව  · ස්වාභාවික රබර් නිෂ්පාදන පිළිබඳ ඩිප්ලෝමාව (රබර් පර්යේෂණ ආයතනය - මැලේසියාව)

1971 වසරේ සිට රබර් වැවිලි ක්ෂේත්‍රයට අදාළව දේශීය හා විදේශීය ආයතනවල විවිධ තනතුරු දරා ඇත.

2015.11.01 - 2018.10.31

ඒ.බී. ටයිටස් සුනිල් සිල්වා මහතා

අවුරුදු 66  1953.03.28

· අ.පො.ස. (සා. පෙළ)

ගරු අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ නිලධාරි (1994 ජුනි සිට සැප්තැම්බර් දක්වා), අලෙවි නිලධාරි (1986 අප්‍රේල් සිට 1994 ජුනි දක්වා) - මහවැලි අධිකාරිය   සහකාර සාමාන්‍යාධිකාරිගේ සම්බන්ධීකරණ නිලධාරි - 1980 මැයි සිට 1986 අප්‍රේල් දක්වා (ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය)   වතු අධිකාරි, කොටගල වැවිලි සමාගම - 1978 අප්‍රේල් සිට 1980 මැයි දක්වා

2019.01.21 - 2019.11.20

·          උපදේශක - ලක්නා පරණවිතාන මහතාගේ ජීව දත්ත තොරතුරු පත්‍රිකාව ඇමුණුම 01* ලෙස ද,

·          උපදේශක - ඒ.බී. ටයිටස් සුනිල් සිල්වා මහතාගේ ජීව දත්ත තොරතුරු පත්‍රිකාව ඇමුණුම 02*  ලෙස  ද අමුණා ඇත.

 

 

          (iv)         

 

අංකය

උපදේශකගේ නම

මාසික වැටුප

දීමනා සහ ලබා දී ඇති වෙනත් පහසුකම්

කාල සීමාව

01

ලක්නා පරණවිතාන මහතා

රු. 100,000

අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකුට හිමි පහසුකම් ලබා දී ඇත. (අංක අමප/15/0180/613/008 හා 2015.04.09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයේ 03 වගන්තියට අදාළව)

2015.11.01-2017.10.31

 

 

රු. 125,000

අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකුට හිමි පහසුකම් ලබා දී ඇත. (අංක අමප/17/2391/726/050 හා 2017.11.01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව)

2017.11.01-2018.10.31

02

ඒ.බී. ටයිටස් සුනිල් සිල්වා මහතා

රු.  75,000

අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකුට හිමි පහසුකම් ලබා දී ඇත. (අංක අමප/19/0087/117/001 හා 2019.01.07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව)

2019.01.21 -2019.11.20

 

(v) අමාත්‍යාංශය මඟින් රාජකාරි පැවරීමක් සිදු කර නොමැති අතර ගරු අමාත්‍යතුමාගේ උපදේශක ලෙස කටයුතු කර ඇත.

 

(vi)

 

උපදේශකගේ නම

විදේශ සංචාරය

සංචාරයේ නිරත වීමට හේතුව

දරන ලද වියදම්

අමාත්‍යාංශයට  අත් වූ ප්‍රතිලාභ

ලක්නා පරණවිතාන මහතා

චීනය Boao Forum for Asia 2019 සහභාගි වීමට (2019.03.24 සිට 2019.03.31 දක්වා)

ගරු අමාත්‍යතුමාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස

චීන රජයෙන් ලද ආරාධනාවක් පරිදි විදේශගත වී ඇති අතර අමාත්‍යාංශයෙන් ඒ සඳහා වියදම් දරා නොමැත.

ශ්‍රී ලංකාවේ වැවිලි භෝගවල සංවර්ධනය සඳහා චීන රජයේ සහයෝගිතාව ලබා ගැනීම පිණිස, නිවර්තන කෘෂිකාර්මික සංවර්ධනය සහ වැවිලි භෝගවල අගය එකතු කිරීම සඳහා සහයෝගිතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට වැවිලි අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ හයිනාන් පළාත් මහජන රජය අතර අත්සන් කිරීමට මූලික කටයුතු සිදු කිරීම

ඒ.බී. ටයිටස් සුනිල් සිල්වා මහතා

විදේශ සංචාර සඳහා සහභාගි වී නැත

 

·          මීට අමතරව ලක්නා පරණවිතාන මහතා විවිධ අවස්ථාවලදී පෞද්ගලික මට්ටමින් විදේශ සංචාර සිදු කර ඇති අතර ඒ සඳහා අමාත්‍යාංශයෙන් කිසිදු වියදමක් දරා නොමැත.

 

 

(ආ)     අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-06-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks