E   |     |  

 දිනය: 2022-03-24   පිළිතුර ලබා දී ඇත 

1734/2022: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම: විස්තර

----

අසන ලද දිනය

2022-03-24

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)        

අංකය

වර්ෂය

ආදායම (සංඛ්‍යාත්මක)

01

2015

රු. 384,074,046.79

02

2016

රු. 408,964,418.89

03

2017

රු. 429,111,893.20

04

2018

රු. 418,221,297.74

05

2019

රු. 435,021,224.65

06

2020

රු. 364,773,040.11

07

2021

රු. 431,778,246.86

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ii) 01.  තිරිඟු පිටි

02.  පෙට්‍රෝලියම් නිෂ්පාදන

03.  ආනයනික ආහාර ද්‍රව්‍ය

04.  සිමෙන්ති

05.  හුණුගල්

06.  විවිධ කාර්මික නිෂ්පාදන

07.  යන්ත්‍රෝපකරණ

08.  ගල් අඟුරු

09.  යකඩ හා වානේ

10.  වැලි

(iii) ඔව්.

· දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම ප්‍රචලිත කිරීමට මේ වන විට ගෙන ඇති ක්‍රියා මාර්ග

01. භාණ්ඩ ප්‍රවාහනය සඳහා විද්‍යාත්මක ගාස්තු ක්‍රමයක් සැකසීමට කමිටුවක් පත් කිරීම.

02. භාණ්ඩ ප්‍රවාහනය සඳහා ව්‍යාපාරික ආයතන දුම්රිය දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි කර ගැනීම.

03. ඉන්ධන ප්‍රවාහනය සංවර්ධනයට ක්‍රියා මාර්ග ගැනීම.

04. කෘෂි නිෂ්පාදන ප්‍රවාහනයට පියවර ගැනීම.

05. 2021 වර්ෂයේදී චීන වරාය / සීදූව අතර බහලුම් සහිත විශේෂ දුම්රිය මඟින් ප්‍රීමා පිටි ප්‍රවාහන ව්‍යාපෘතිය ආරම්භ කිරීම.

06. දුම්රියෙන් ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය.

07. දුම්රියෙන් වැලි ප්‍රවාහනය හඳුන්වා දීමට කටයුතු කිරීම.

· දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීම ප්‍රචලිත කිරීමට ඉදිරියේදී

ගැනීමට අපේක්ෂිත ක්‍රියා මාර්ග

 

01. දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින බහලුම් ප්‍රවාහනය කළ හැකි ගැල් (BCF ගැල්) උපරිම ආකාරයෙන් උපයෝජනය වන පරිදි දුම්රියෙන් බහලුම් ප්‍රවාහනය සංවර්ධනය කිරීම.

02. ඉන්ධන ප්‍රවාහනය සියයට 40ක් දක්වා දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට කටයුතු කිරීම හා ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා එක්ව කන්කසන්තුරය දක්වා දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනයට කටයුතු කිරීම.

03. ආරම්භක අදියරේ පවතින දුම්රියෙන් එළවලු ප්‍රවාහනය කිරීමේ කටයුතු වර්ධනය කිරීම.

04. තවමත් දුම්රිය මඟින් භාණ්ඩ ප්‍රවාහනයට යොමු වී නොමැති විශාල තොග ප්‍රවාහන අවශ්‍යතා ඇති ආයතන සමඟ සාකච්ඡා කර, එම ආයතන ද දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොමු කරවා ගැනීම.

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-03-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිලුම් අමුණුගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks