පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-02-24
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
(අ) (i) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පොළොන්නරුව ප්‍රාදේශීය කාර්යාලයේ ගංගා වැලි කැණීම් බලපත්‍ර ලබාගෙන ඇති, දැනට වලංගු බලපත්‍ර සංඛ්‍යාව 373ක් බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් වාර්තා කර ඇති අතර, ඉන් බලපත්‍ර 130ක් පුද්ගලයින් වෙත සහ බලපත්‍ර 243ක් GSMB තාක්ෂණික සේවා ආයතනය වෙත ලබා දී ඇති බව වාර්තා කර ඇත.
(ii) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ඉදිරිපත් කර ඇති බලපත්‍රලාභීන්ගේ නම් හා ලිපිනයන් ඇමුණුම ලෙස ඉදිරිපත් කරමි.
ඇමුණුම සභාගත* කරමි.
(iii) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් වාර්තා කර ඇති පරිදි ගංගා වැලි කැණීම් බලපත්‍ර ලබා දීමේදී සලකා බලන ලද නිර්ණායක පහත පරිදි වේ.
ගංගා වැලි කැණීම් බලපත්‍ර ලබාදීම සඳහා ඉඩම් හිමි ආයතනය මඟින් නිර්දේශිත පුද්ගලයින් ඉදිරිපත් කරන අයදුම්පත්‍ර පමණක් සලකා බලන අතර, බලපත්‍ර නිකුත් කිරීමට පෙර ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කර වැලි කැණීම් බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ ප්‍රදේශයේ යෝග්‍යතාව සලකා බලනු ලබයි. එහිදී වැලි සංචිතවල ප්‍රමාණය, ගඟට ප්‍රවේශ වන මාර්ගය හා වැලි ගබඩා කර තබා ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳව අවධානය යොමු කරනු ලබයි.
කුඩා ගංගා ඇළ දොළ සඳහා කුඩා ප්‍රමාණයක් (කියුබ් 35ක් පමණ) කැණීම් සිදුකිරීමට අවසර ලබා දී ඇති අතර, විශාල වැලි සංචිත ප්‍රමාණයක් ඇත්නම් එම වැලි නිධි සමීක්ෂණය කර කැණීම් සිදු කළ හැකි ප්‍රමාණය තීරණය කරනු ලබයි.
තව ද, ගං ඉවුරට අවම හානියක් වෙන පරිදි වැලි ගොඩ දැමීමට අවශ්‍ය උපදෙස් ද ලබා දෙන අතර, කැණීම් කටයුතු නිරන්තර අධීක්ෂණයට ලක් කරනු ලබයි.
(ආ) වැලි බලපත්‍ර නිකුත් කිරීමේදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ගංගා, ඇළ දොළවලට වන හානිය අවම කිරිම සඳහා හරිත වැලි සංකල්පය යටතේ උපදෙස් ලබා දෙන අතර, එහිදී
* ගඟට බහින ප්‍රවේශ මාර්ගයේ සිට මීටර් 10ක් පමණ ඈතින් මංකඩ සෑදිය යුතුය.
* ගඟට බහින ප්‍රවේශ මාර්ගය (පළල) මීටර් එකකට නොවැඩි විය යුතු අතර, එය ඉනි වැටකින් මායිම් කළ යුතුය.
* ගං ඉවුරට හානි නොවන සේ ගඟ මැදින් වැලි කැණීම් සිදු කිරීමටත් දැනුවත් කර ඇත.
* ගං ඉවුර ආශ්‍රිත යෝග්‍යතාව, රෝපණය කර රැකබලා ගැනීම සිදු කළ යුතු බව දන්වා ඇත.
* තව ද, ගඟට වන හානිය හෝ හානි වීමට ඇති හැකියාව අනුව එම තොටුපළින් ඉවත් කළ හැකි උපරිම වැලි ප්‍රමාණය සීමා කිරීම ද සිදු කරනු ලබයි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2022-02-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks