01

E   |     |  

 දිනය: 2022-03-24   පිළිතුර ලබා දී ඇත 

1475/2022: කටියාව ප්‍රාදේශීය රෝහල: ජල පහසුකම්

----

අසන ලද දිනය

2022-03-24

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.              

                        අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කටියාව ප්‍රාදේශීය රෝහල පිහිටා ඇත.

              (ii)      ඔව්.

                        එම ගැටලුව නිරාකරණය කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කර ඇත.

(ආ)     එම ජල ප්‍රශ්නය විසඳීම සඳහා 2022 වර්ෂයේ ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සවිබල ගැන්වීමේ වැඩසටහන (PSSP) යටතේ කටියාව රෝහල තුළ නළ ළිඳක් ඉදිකිරීමට කටයුතු සිදු කර ඇති අතර, මේ වන විටත් එම ව්‍යාපෘතියේ සියයට 90ක වැඩ කටයුතු අවසන් කර ඇත.

එහි විදුලි මෝටරය සවි කරලා තව මසක් ඇතුළත ජල සැපයුම ස්ථිර වශයෙන්ම රෝහලට ලබා දෙන්න පුළුවන් කියලා අද උදේ මම කථා කරපු වෙලාවේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දැනුම් දුන්නා. ගරු මන්ත්‍රීතුමනි, එතැන දැනට වතුර ලබා ගන්නේ ග්‍රාමීය ප්‍රජා සමිතියක් මඟින් පවත්වාගෙන යන නළ පද්ධතියකින් සහ රෝහල් භූමියේ තිබෙන ළිඳකින්. නමුත් වසරේ නියං කාලයට එම ළිං සිඳී යන නිසා තමයි නළ ළිඳක් ඉදිකරන්න කටයුතු යොදා තිබෙන්නේ. අපි හිතනවා, මේ අවුරුද්දේ නියං සමයේ මේ ප්‍රශ්නය පැන නඟින එකක් නැහැ කියලා.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2022-03-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) චන්න ජයසුමන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks