පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-02-25
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
(අ) (i) පිරිසිදු පානීය ජල පහසුකම් නොමැති ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 102ක් පමණ වේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 694ක් ඇති අතර එයින් ග්‍රාම නිලධාරී වසම් 259ක් සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් පානීය ජල පහසුකම් ලබා දී ඇත.
මෙයට අමතරව RO සහ නැනෝ ජල පිරිපහදු යන්ත්‍ර මඟින් ග්‍රාම නිලධාරී වසම් 163ක් හා ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන ක්‍රම මඟින් ග්‍රාම නිලධාරි වසම් 170ක් සඳහා පානීය ජල පහසුකම් ලබා දී ඇත. ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන ක්‍රම මඟින් ලබා දෙන ජලය පූර්ණ පිරිපහදුවකට ලක් නොකරන බැවින් මෙම ප්‍රදේශ ද නව ජල සම්පාදන ව්‍යාපෘති මඟින් ආවරණය කිරීමට සැලසුම් කර ඇත. අදාළ තොරතුරු ඇමුණුම 01හි දක්වා ඇත. මේ අනුව පානීය ජල පහසුකම් ලබා දී නොමැති ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 102ක් පමණ වේ.
(ii) එම පිරිසිදු පානීය ජල පහසුකම් නොමැති ග්‍රාම නිලධාරී වසම් හා පවුල් සංඛ්‍යාව ඇමුණුම 02හි දක්වා ඇත.
(iii) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත.
• විදේශ ණය මත පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
1. තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය.
2 අනුරාධපුර උතුර අදියර I ජල සම්පාදන ව්‍යාපෘතිය
3. අනුරාධපුර උතුර අදියර II ජල සම්පාදන ව්‍යාපෘතිය
• අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන "සැමට ජලය" වැඩසටහන යටතේ පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
1. අනුරාධපුර දකුණ අදියර II ජල සම්පාදන ව්‍යාපෘතිය
2. පලුගස්වැව ජල සම්පාදන ව්‍යාපෘතිය
3. කණුගහවැව ජල සම්පාදන ව්‍යාපෘතිය
4. ගල්නෑව ජල පවිත්‍රාගාරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය
5. තිසා වැව ජල පවිත්‍රාගාරය වැඩි දියුණු කිරීම
6. තුරුවිල ජල පවිත්‍රාගාරය වැඩි දියුණු කිරීම
7. කලා වැව ජල සම්පාදන ක්‍රමය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය
8. තන්තිරිමලය ජල පවිත්‍රාගාරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය
9. හබරණ ජල සම්පාදන ක්‍රමයෙහි බෙදා හැරීමේ නළ පද්ධතිය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය
10. මඩාටුගම ජල සම්පාදන ක්‍රමයෙහි බෙදා හැරීමේ නළ පද්ධතිය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය
11. තඹුත්තේගම ජල සම්පාදන ක්‍රමයෙහි බෙදා හැරීමේ නළ පද්ධතිය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය
• ගම සමඟ පිළිසඳරක් වැඩසටහන් යෝජනා සඳහා RO ජල පෙරණ ඉදිකිරීම. ඇමුණුම 03හි දක්වා ඇත.
ඉහත ක්‍රියාමාර්ග මඟින් ආවරණය කිරීමට යෝජිත ග්‍රාම නිලධාරී වසම් ඇමුණුම 04හි සඳහන් වේ.
ඇමුණුම් 01, 02, 03 සහ 04 සභාගත* කරමි.
(ආ) අදාළ නොවේ
පිළිතුරු දුන් දිනය
2022-03-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සනත් නිශාන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks