01

E   |     |  

 දිනය: 2022-02-08   පිළිතුර ලබා දී ඇත 

1465/2022: 2021 වර්ෂයේ දේශීය ලොකු ලූනු නිෂ්පාදනය: විස්තර

----

අසන ලද දිනය

2022-02-08

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2021 වර්ෂයේ දේශීය ලොකු ලූනු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 83,351ක් වේ.

              (ii) 

දිස්ත්‍රික්ක අනුව ලොකු ලූනු වගාව වපසරිය (හෙක්ටෙයාර) හා නිෂ්පාදනය (මෙට්‍රික්ටොන්) 2021

 දිස්ත්‍රික්කය

මහ 2020/2021

යල 2021

වාර්ෂික 2021

 

වපසරිය (හෙක්ටෙයාර)

නිෂ්පාදනය (මෙට්‍රික්ටොන්)

වපසරිය (හෙක්ටෙයාර)

නිෂ්පාදනය (මෙට්‍රික්ටොන්)

වපසරිය (හෙක්ටෙයාර)

නිෂ්පාදනය (මෙට්‍රික්ටොන්)

මාතලේ

 

 

1706

43364

1706

43364

හම්බන්තොට

 

 

2

48

2

48

යාපනය

8

105

20

486

28

591

කිලිනොච්චිය

23

0

13

260

36

260

මන්නාරම

16

154

16

159

32

313

 දිස්ත්‍රික්කය

මහ 2020/2021

යල 2021

වාර්ෂික 2021

 

වපසරිය (හෙක්ටෙයාර)

නිෂ්පාදනය (මෙට්‍රික්ටොන්)

වපසරිය (හෙක්ටෙයාර)

නිෂ්පාදනය (මෙට්‍රික්ටොන්)

වපසරිය (හෙක්ටෙයාර)

නිෂ්පාදනය (මෙට්‍රික්ටොන්)

වව්නියාව

12

141

152

2160

164

2301

මුලතිව්

11

188

10

181

21

369

ත්‍රිකුණාමලය

 

1

3

70

3

71

කුරුණෑගල

6

119

35

648

41

767

පුත්තලම

 

 

6

127

6

127

අනුරාධපුරය

2

18

1236

19974

1238

19992

බදුල්ල

0

1

 

 

0

1

මොනරාගල

2

10

2

40

4

50

පොළොන්නරුව

 

 

23

355

23

355

මහවැලි

6

83

812

14787

818

14870

ශ්‍රී ලංකාව

85*

820*

4035*

82531*

4120*

83351*

 

                        ප්‍රභවය : බෝග පුරෝකථන දත්ත - 2020/2021 මහ සහ 2021 යල (සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව) (* - හානි ප්‍රමාණ අඩු කළ පසු)

 

(iii) 01. ලොකු ලූනු මිල ස්ථාවර කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත්ව අස්වනු නෙළන අවධියේදී ආනයනික බදු පැනවීම සිදු කරයි. මෙය ලොකු ලූනු නිෂ්පාදනය වැඩිකිරීම සඳහා ගොවීන් දිරිමත් කිරීමට වඩාත් මහෝපකාරී වනවා.

02. බහුලව ලොකු ලූනු වගා කරන මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු අස්වැන්න ගොවීන්ගෙන් මිලදී ගැනීම ප්‍රධාන වශයෙන්, එනම් සියයට 80ක් පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මඟින් සිදුවනවා. මෙහිදී තොග මිලදී ගැනීම් කරන්නන්, සුපිරි වෙළෙඳසැල් සහ සුළු වෙළෙඳසැල් මඟින් ගොවීන්ගෙන් මිලදී ගැනීම සිදුකරනවා. ඉතිරි ප්‍රමාණය කොළඹ පිටකොටුව (හරස්වීදිය) හරහා සිදුවනවා.

03. මීට අමතරව ලොකු ලූනු අස්වනු නෙළන සමයේදී එම අස්වනු මිලදී ගැනීම සඳහා යන්ත්‍රණයක් සතොස ආයතනය මඟින් ක්‍රියාත්මක කරනවා.

අපි අවශ්‍ය වෙලාවට රජයේ ආයතනත් දැනුවත් කරනවා.

04. දැනට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන්නේ වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාවෙන් සියයට 28 - 30 අතර වන බැවින් අළෙවි කර ගැනීම සඳහා ගැටලු ඇති‍ නොවේ.

05. ගොවීන් අස්වැන්නෙන් කොටසක් වෙළෙඳ පොළේ ඉහළ මිලක් ලැබෙන තෙක් තාවකාලිකව ගබඩා කර තබා ගැනීම සිදුකරයි. නොවැම්බර් මස මැද වනවිට ගොවීන් සතු ලොකු ලූනු තොග වෙළෙඳ පොළ වෙත යවා අවසන් කරනවා.

 

(ආ) අදාළ නොවේ.  

පිළිතුරු දුන් දිනය

2022-02-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks