පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-02-08
අසන ලද්දේ
ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
(අ) (i) 2021 ජනවාරි මාසයේදී ඉතාලියේ ආගමන හා ඒකබද්ධතා ප්‍රතිපත්ති පිළිබඳ සාමාන්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව ඉතාලියේ නීත්‍යනුකූලව පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මුළු සංඛ්‍යාව 104,688කි. එය පහත පරිදි වර්ගීකරණය කර ඇත;
දිගුකාලීන නේවාසික වීසා දරන්නන් - සියයට 66.1
කෙටි කාලීන වීසා දරන්නන් - සියයට 33.1
එය නැවත categorize කර තිබෙනවා.
රැකියා වීසා - සියයට 43.9
පවුල් වීසා - සියයට 52
වෙනත් හේතු - සියයට 3.5
ඒ අනුව ඉතාලියේ පදිංචි රැකියා වීසාලාභීන්ගේ සංඛ්‍යාව 45,016කි.
(ii) කොවිඩ්-19 වසංගතය පැතිරීම හේතුවෙන් රට සම්පූර්ණයෙන් වසා දැමීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයත් සමඟ ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් 2020.03.18 දිනෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ඉල්ලුම් කර තිබුණි. ඒ අනුව 2020.03.18 සිට 2021.03.24 දක්වා කාලය තුළ ඉතාලියේ ලියාපදිංචි වී මෙරටට ගෙන්වා ගත් මුළු ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 8,685කි.
(iii) ලියාපදිංචි වූ 8,685ක් ශ්‍රී ලාංකිකයන් 2021.04.05 දින දක්වා නැවත මෙරටට පැමිණ ඇති අතර, ඉන් 4,290ක් එරටෙහි රැකියාවල නියුතු පුද්ගලයන් විය.
එමෙන්ම, 2021.04.06 දින සිට ක්‍රියාත්මක වන පරිදි විදේශගතව සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට පූර්ව අනුමැතියකින් තොරව නැවත මෙරටට පැමිණීමට අවසර ලබා දී ඇති බව වැඩිදුරටත් දන්වනු කැමැත්තෙමි.
(iv) ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට රජයේ මුදල් යොදාගෙන නොමැති බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2022-02-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks