01

E   |     |  

 දිනය: 2022-02-25   පිළිතුර ලබා දී ඇත 

1193/2022: පුත්තලම සිමෙන්ති කම්හල සතු ඉඩම්: අනවසරයෙන් අත්පත් කර ගැනීම

----

අසන ලද දිනය

2022-02-25

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)   (i) 

 

ඉඩමේ නම

බදු ගිවිසුමේ / ඔප්පුවේ අංකය

අයිතියේ ස්වභාවය

ඉඩම් ප්‍රමාණය (අක්කර: රූඩ්: පර්චස්)

ඇමුණුම

සිමෙන්ති කම්හලට අයත් ගොඩනැඟිලි පිහිටි පරිශ්‍රය

 ඔප්පු අංක: 111

සින්නක්කර අයිතිය

570:00:18

ඇමුණුම 01

අරුවක්කාලු හුණුගල් නිධිය පිහිටි ඉඩම

අංක: 495 දරන බදු ගිවිසුම

බදු අයිතිය

5141:00:10

ඇමුණුම 02

පාලවි

අංක: 26 දරන බදු ගිවිසුම

බදු අයිතිය

 12: 03:30

ඇමුණුම 03

එකතුව

 

 

5723:03:58

 

 

සටහන: මේ වන විට මෙම සිමෙන්ති කම්හල පුත්තලම සිමෙන්ති කම්හල වශයෙන් හඳුන්වනු නොලබන අතර, වර්තමානයේ එම කම්හල Siam City Cement (Lanka) Limited -INSEE CEMENT- සමාගම යටතේ පවත්වාගෙන යනු ලබයි.

 

(ii) අරුවක්කාලු හුණුගල් නිධිය පිහිටි ඉඩම තුළ පහත සඳහන් කර ඇති පරිදි දැනට අනවසර අත්පත් කර ගැනීම් සිදු වී ඇත.

නිවාස තනාගෙන අනවසරයෙන්

පදිංචිව සිටින ඉඩම් ප්‍රමාණය   - අක්කර 15ක් පමණ

අනවසරයෙන් වගා කර ඇති

ඉඩම් ප්‍රමාණය - අක්කර 351ක්   පමණ

එකතුව - අක්කර 366ක් පමණ

(iii)

  • අරුවක්කාලු හුණුගල් නිධිය පිහිටි ඉඩම අංක: 283/2 හා 1977.09.20 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වෙත පවරා ඇත. විස්තර ඇමුණුම 04හි දක්වා ඇත.
  • අංක 01 සිට 04 දක්වා ඇමුණුම් සභාගත* කරමි.
  • ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව විසින් මෙම ඉඩම් කොටස 1996.08.23 දිනැති අංක: 495 දරන බදු ගිවිසුම මඟින් එවකට පැවැති Puttalam Cement Company Limited වෙත බදු පදනම මත ලබා දී ඇති අතර එහි වර්තමාන බදු ගැනුම්කරු වන්නේ Siam City Cement (Lanka) Limited - INSEE CEMENT සමාගමයි.
  • බදු කාල සීමාව තුළ ඉහත ඉඩම් කොටස අනවසරයෙන් අත්පත් කර ගැනීමට කිසිදු පුද්ගලයෙකුට අවස්ථාව ලබා නොදීමට බදු ගැණුම්කරු විසින් වග බලා ගත යුතු බව බදු ගිවිසුමෙහි 2 (ජී) වගන්තියෙහි සඳහන් කර ඇත. ඒ අනුව,

ඉහත ඉඩම් කොටස වෙත කිසිදු අනවසර පදිංචිකරුවකුට ඇතුළුවීමට අවස්ථාව ලබා නොදෙන ලෙස Siam City Cement (Lanka) Limited සමාගමේ පාලනාධිකාරිය දැනුවත් කරන ලෙසත්, ඒ පිළිබඳව අධීක්ෂණය කරන ලෙසත් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති වෙත දැනුම් දී ඇත.

2020.09.05 දින මෙම ඉඩම තුළට අනවරසයෙන් ඇතුළු වී කැලෑ කපා ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයා විසින් 2020.09.06 දින අංක: MOIB 250/14 යටතේ වනාතවිල්ලුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

දැනට මෙම ඉඩම් කොටස තුළ අනවසරයෙන් වගා කටයුතු කරනු ලබන පුද්ගලයන්ට එම වගා කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ඉඩ ලබා දෙන ලෙස වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයා සහ ප්‍රාදේශීය ලේකම් අතර සාකච්ඡා සිදු කරමින් පවතී.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-03-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks