පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-02-22
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
(අ) (i) සූර්ය බල විදුලි බලාගාර කිසිවක් නොමැත.
සුළං බල විදුලි බලාගාර 01කි. එහි ධාරිතාව මෙගාවොට් 103කි.
(ii) සූර්ය බල විදුලි බලාගාර 77කි. (බිම සවිකර ඇති) ඒවායේ ධාරිතාව මෙගාවොට් 237කි.
සුළං බල විදුලි බලාගාර 05කි. ඒවායේ ධාරිතාව මෙගාවොට් 35කි.
(iii) සියඹලාණ්ඩුව, මන්නාරම සහ පුනරීන් යන ප්‍රදේශවල පුනර්ජනනීය බලශක්ති උද්‍යාන ස්ථාපනය කිරීම ඇතුළත්ව, 2022 වසරේ සිට 2030 දක්වා වන ඉදිරි වසර 08ක කාලය තුළ පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 9,000කට වඩා වැඩි ප්‍රමාණයක් (සූර්ය බලය: මෙගාවොට් 5,000, සුළං බලය: මෙගාවොට් 3,500 හා අනෙකුත් ප්‍රභව: මෙගාවොට් 500 පමණ) ජාතික පද්ධතියට එකතු කර ගැනීමට සැලසුම් කර ඇත.
ඒ සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවන ලද අතර, ඊට ප්‍රතිචාර වශයෙන් යෝජනා 500කට අධික ප්‍රමාණයක් ලැබී ඇත.
(ආ) පැන නඟින්නේ නැත.
පිළිතුරු දුන් දිනය
2022-02-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දුමින්ද දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks