01

E   |     |  

 දිනය: 2022-02-08   පිළිතුර ලබා දී ඇත 

1186/2022: බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාර : විස්තර

----

අසන ලද දිනය

2022-02-08

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාර සංඛ්‍යාව 24කි.

              (ii)      නිෂ්පාදනාගාරවල නම් ඇමුණුමෙහි සඳහන් වේ.

ගරු මන්ත්‍රීතුමනි, (අ) (ii) ප්‍රශ්නයට අදාළ උත්තරය ඇමුණුමෙහි සඳහන් වෙනවා. එකින් එක කියවන්න ඕනෑද? [බාධා කිරීමක්] නිෂ්පාදනාගාර 24ක් තිබෙනවා. ඒ ඇමුණුම ඔබතුමාට එවන්නම්.

             (iii)      ඔව්. නිෂ්පාදනාගාර පවත්වාගෙන යනු ලබන ස්ථානවල ලිපිනයන් ඇමුණුමෙහි සඳහන් වේ.

           ගරු කථානායකතුමනි, නම් සහ ලිපිනයන් ඇමුණුමෙහි සඳහන් කර තිබෙනවා.

(ආ)         (i)      ඔව්.

 

නිෂ්පාදනාගාර බලපත්‍රවල නම් සහ ලිපිනයන්

නිෂ්පාදනාගාරයේ නම

ලිපිනය

I

ෆීන්ලෑන්ඩ් ඩිස්ටිලරීස් කෝපරේෂන් නිෂ්පාදනාගාරය  2020.12.08 දින නාමය වෙනස් වූ රන්දිය ඩිස්ටිලරීස් (පුද්.) සමාගමයි.

නො.09, මොරුක්කුලිය පාර, දංකොටුව

II

ශ්‍රී ලංකා ඩිස්ටිලරීස්

මෙස්ටිය, වාද්දූව

III

ස්කොට්ලන්ඩ් ඩිස්ටිලරීස්

නො.28, විනීතගම, බදුල්ල

IV

ඇක්මී ලංකා නිෂ්පාදනාගාරය

නො.73/1, පරණ අවිස්සාවේල්ල පාර, හංවැල්ල

V

සිනරිජි නිෂ්පාදනාගාරය

රජවත්ත, බොම්බුවල, පයාගල

VI

වී.ඒ. ඩිස්ටිලරි

නො.324, හයිලෙවල් පාර, ගලගෙදර, පාදුක්ක

VII

රෝයල් කාස්ක් ඩිස්ටිලරීස්

නො.324/1, හයිලෙවල් පාර, ගලගෙදර, පාදුක්ක

VIII

වරණි ඩිස්ටිලරීස්

පේදුරුතුඩුව පාර, වරණි

IX

ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම

අංක 350, ගාලු පාර, මීගමුව, වැලිසර

X

රොක්ලන්ඩ් නිෂ්පාදනාගාරය

7ඊ, ඕවිටිමුල්ල, ආටිගල, තොටුපළ පාර, තිත්තපත්තර, වෙල්ගම

XI

නිපොන් එක්ස්පෝ නිෂ්පාදනාගාරය

පාලුගම, දොම්පේ

XII

රන්දෙනිගල නිෂ්පාදනාගාරය

කොරතොට, කඩුවෙල

XIII

DCSL සමාගම

අංක 120, නොරිස් කැනල් පාර, කොළඹ 10 (බණ්ඩාරවත්ත, සීදූව, බදුල්ල, නවයාලතැන්න, කළුතර ගුදම්)

XIV

පෙරිසිල් (පුද්ගලික) සමාගම

නො.53, නවයාලතැන්න, මහනුවර

XV

වලිකාමම් ඩිස්ටිලරීස්

නාවාලි, මනිපායි

XVI

සිග්නේචර් ඩිස්ටිලරීස් පුද. සමාගම  (මනෝරි ලංකා පුද්ගලික සමාගම ලෙස පැවැති නිෂ්පාදනාගාරය 2021.01.27 දින නාමය වෙනස් කර ඇත)

නො.279, ජයමාලපුර, ගම්පොල

XVII

අයි.ඩී.එල්. නිෂ්පාදනාගාරය

මෙල්ෆෝට් වත්ත, කොරතොට, කඩුවෙල

XVIII

ක්ලැසික් ඩිස්ටිලරීස්

මිහිඳු මාවත, මාලබේ

XIX

තික්කම් ඩිස්ටිලරීස්

වඩමරච්චි තල් සං: සමු: සමිතිය, බටහිර අල්වායි, අල්වායි

XX

හිඟුරාන ඩිස්ටිලරීස්

මල්වාන පාර, සමනබැද්ද, තිත්තපත්තර

නිෂ්පාදනාගාර බලපත්‍රවල නම් සහ ලිපිනයන්

නිෂ්පාදනාගාරයේ නම

ලිපිනය

XXI

ඌව ග්ලේන් සමාගම

දූවහේනවත්ත, මොරගහහේන, මිල්ලෑව, හොරණ

XXII

ලයන් බෲවරි සමාගම

නො.254, කොළඹ පාර, බියගම

XXIII

හයිනෙකන් ලංකා සමාගම

ග්‍රීන් හවුස්, නො.260, නාවල පාර, නාවල

XXIV

රෝයල් සිලෝන් ඩිස්ටිලරීස්  (වයඹ ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම ලෙස පැවති නිෂ්පාදනාගාරය 2020.12.18 දින නාමය වෙනස් කර ඇත)

නො.79, මල්කඩුවාව, කුරුණෑගල

 

(ආ) (i) ඔව්.

2015 වර්ෂයෙන් පසුව වසා දමන ලද මත්පැන් නිෂ්පාදනාගාර 02ක් පමණක් තිබේ.

(ii) 01. වයඹ ඩිස්ටිලරීස්

(2020.12.18 වන දින සිට රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් නිෂ්පාදනාගාරය ලෙස නාමය වෙනස් කර ඇත.)

02. ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම

(2020 ජනවාරි සිට මොරගොල්ල ස්කාගාරය හා නිෂ්පාදනාගාරය ද වසා තබා ඇති අතර, 2020 නොවැම්බර් මස සිට වැලිසර ප්‍රධාන නිෂ්පාදනාගාරය ද වසා ඇත.)

(iii) වයඹ ඩිස්ටිලරීස් නිෂ්පාදනාගාරය (රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් නිෂ්පාදනාගාරය) මත්පැන් නිෂ්පාදන කටයුතු 2020.11.16 දින නැවත ආරම්භ කර තිබේ. නමුත්, ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම රජයට ගෙවිය යුතු හිඟ ආදායම් බදු මෙතෙක් ගෙවා නොමැති බැවින් 2021 වසරේ බලපත්‍රය නිකුත් කර නොමැත.

(iv) වයඹ ඩිස්ටිලරීස් (රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් නිෂ්පාදනාගාරය) රජයට ගෙවිය යුතුව පැවැති බදු මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇති අතර, ප්‍රමාද ගාස්තු වාරික වශයෙන් ගෙවීම සඳහා ගිවිසුමකට එළඹීමට කටයුතු කර ඇත.

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2022-03-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks