04

E   |     |  

 දිනය: 2022-03-24   පිළිතුර ලබා දී ඇත 

1027/2022: ප්‍රාදේශීය ලේකම් කාර්යාල: පහසුකම්

----

අසන ලද දිනය

2022-03-24

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්. සමස්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල 336 සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ලද වාර්තා අනුව, ශ්‍රී ලංකාව පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියයට 54ක (180) ප්‍රමාණයක අවශ්‍ය ඉඩ පහසුකම් නොමැති බවත්, සියයට 46ක (156) ප්‍රමාණයක ඉඩ පහසුකම් ප්‍රමාණවත් බවත් දන්වා ඇත.

(ආ)      ඔව්. කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් වෙතින් කැඳවන ලද වාර්තාවට අනුව අලව්ව හා නාරම්මල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකෙහි ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවේ.

 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ගොඩනැඟිලි වර්ග අඩි ප්‍රමාණය

සේවයේ නියුතු මුළු සේවක සංඛ්‍යාව

ඉඩ පහසුකම්

අලව්ව

3932.6

153

ප්‍රමාණවත් නැත.

නාරම්මල

10552

389

ප්‍රමාණවත් නැත.

(ඇ) ඔව්.

නව ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට පෙර ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුය. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් විසින් අලව්ව හා නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නව කාර්යාල ගොඩනැඟිලි ඉදිකිරීමට ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති ව්‍යාපෘති සංකල්ප වාර්තා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇත. අමාත්‍යාංශය විසින් එම ව්‍යාපෘති වාර්තා නිර්දේශ කර අංක HA/Devp/02/NPD/2020/VOI.II හා 2021.02.12 දිනැති ලිපිය මඟින් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කර ඇත. නමුත්, ජාතික අය වැය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අය වැය චක්‍රලේඛ 05/2020 හි සඳහන් විධිවිධාන පරිදි සහ 2020.05.20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව රජයේ ආයතන සඳහා නව කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම් ඉදිරි වසර දෙකෙන් පසුව සලකා බැලීමට තීරණය කර ඇත.

තවද, ගරු මුදල් අමාත්‍යතුමන් විසින් 2021.08.28 දින රාජ්‍ය වියදම් සමාලෝචනය මැයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් "නියමිත අනුමැතීන් යටතේ ප්‍රතිපාදන වෙන් වී තිබුණ ද දැනට ආරම්භ කර නොමැති වැඩසටහන්, මිලදී ගැනීම්, ඉදිකිරීම්, ගොඩනැඟිලි නවීකරණය හා වැඩිදියුණු කිරීම ආදිය තාවකාලිකව අත්හිටුවීමට සුදුසු බව" දැනුම් දී ඇති බැවින් ද රජයේ කාර්යාල සඳහා නව ගොඩනැඟිලි ඉදිකිරීම සම්බන්ධයෙන් රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ගයන්ට යටත්ව කටයුතු කිරීමට සිදු වන බව සඳහන් කරමි.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-03-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks