01

E   |     |  

 දිනය: 2022-02-25   පිළිතුර ලබා දී ඇත 

0570/2022: ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 85,000ක් අළෙවි කිරීම: විස්තර

----

අසන ලද දිනය

2022-02-25

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය විසින් දැනුම් දී ඇති පරිදි ඛනිජ වැලි මෙට්‍රික්ටොන් 85,000ක් අළෙවි කළ දිනය පහත පරිදි වේ.

                        ටෙන්ඩරය ප්‍රසිද්ධ කළ දිනය  -    2020.06.13

                        ටෙන්ඩරය විවෘත කළ දිනය  -    2020.07.28

                        ඛනිජ වැලි අළෙවි කළ දිනය (ටෙන්ඩරය ප්‍රදානය කළ දිනය: 2020.10.28)

(ii) එම ඛනිජ වැලි මිලදී ගැනීම සඳහා අයදුම් කරන ලද එක් එක් සමාගමේ නම, ලිපිනය හා ඉදිරිපත් කරන ලද මිල වෙන් වෙන් වශයෙන් පහත පරිදි වන බව ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය විසින් දැනුම් දී ඇත.

නම

ලිපිනය

ඉදිරිපත් කරන ලද මිල ගණන් (ඉල්මනයිට් මෙට්‍රික්ටොන් 1ක් සඳහා)

රක්ෂානා ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් ප්‍රයිවට් ලිමිටඩ්

අංක 181, මෝදර වීදිය, කොළඹ 15.

ඇමෙරිකන් ඩොලර් 165.2

ඔස්මෝසිස් ප්‍රයිවට් ලිමිටඩ්

අංක 107/22, බලගල පාර, හැදල, වත්තල.

ඇමෙරිකන් ඩොලර් 163

OSC මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ්

අංක 107/22, බලගල පාර, හැඳල, වත්තල.

ඇමෙරිකන් ඩොලර් 146

සෙරන්ඩිබ් ලොජිස්ටික් වල්වඩයිඩ් ප්‍රයිවට් ලිමිටඩ්

අංක 51, ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙස, කොළඹ 07.

ඇමෙරිකන් ඩොලර් 130.5

(iii) ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනය විසින් වාර්තා කර ඇති පරිදි ටෙන්ඩර් කරන ලද මුළු ඛනිජ වැලි (ඉල්මනයිට්) මෙට්‍රික් ටොන් 85,000ක ප්‍රමාණය ප්‍රදානය කරන ලද්දේ OSC Management  (Pvt.) Limited ආයතනය වන අතර, ඔවුන්ගේ විස්තර පහත පරිදි වේ.

 

නම

ලිපිනය

ප්‍රදානය කළ මිල  (මෙ. ටො. 1ක් සඳහා)

OSC Management  (Pvt.) Limited

අංක 107/22, බලගල පාර, හැඳල, වත්තල

මෙම සමාගම ඉදිරිපත් කරන ලද මිල ගණන ඇ. ඩො. 146ක් වුවත් පසුව ටෙන්ඩර් කමිටුව විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම මිල ඇ. ඩො. 147 දක්වා වැඩි කර ඇත.

 

(iv) ටෙන්ඩරය ප්‍රදානය කිරීමේ දී ලැබුණ මිල ගණන්, ලංසු ඇගයීම් කමිටුව විසින් ලබා දෙන නිර්දේශය සලකා බලා අමාත්‍ය මණ්ඩලය පත් කළ ටෙන්ඩර් කමිටුව (CATC) මඟින් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ නිගමනය අමාත්‍ය මණ්ඩලය වෙත ලබා දී ඇති බවත්, ලංසු සම්බන්ධයෙන් පැන නැඟුණු කරුණු මත ප්‍රසම්පාදන අභියාචනා කමිටුව මඟින් ද නිර්දේශ ලබා දී ඇති අතර, මේ සියලු නිර්දේශ සැලකිල්ලට ගෙන කැබිනට් මණ්ඩලය විසින් ඛනිජ වැලි (ඉල්මනයිට්) මෙට්‍රික් ටොන් 85,000ක්, මෙට්‍රික් ටොන් 1ක් ඇමෙරිකානු ඩොලර් 147 බැගින් OSC Management (Pvt.) Limited ආයතනයට අළෙවි කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවත් ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් විසින් වාර්තා කර ඇත.

මෙම ටෙන්ඩරයේ දී ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 1ක් සඳහා ඇමෙරිකානු ඩොලර් 165.2ක ලංසුවක් ලබා දුන් රක්ෂානා ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ලංසු ඇපකරය වගකීමෙන් තොර ඇපකරයක් බවට ටෙන්ඩර් මණ්ඩලය මඟින් නිගමනය කරන ලද නිසා එම ලංසුව ප්‍රතික්ෂේප කර ඇති බව ද ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් විසින් වාර්තා කර ඇත.

එසේම, ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් විසින් වාර්තා කර ඇති පරිදි, ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 1ක් සඳහා ඇමෙරිකානු ඩොලර් 163ක ලංසුවක් ලබා දුන් ඔස්මෝසිස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 5,000කට පමණක් ලංසු ඉදිරිපත් කර තිබූ බැවින්, ටෙන්ඩර් නීති-රීතිවලට අනුව එම ලංසුව ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා කර ඇත.

සෙරන්ඩිබ් ලොජිස්ටික්ස් වර්ල්ඩ්වයිඩ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මුලදී ඉල්මනයිට් මෙට්‍රික්ටොන් 1ක් සඳහා ඇමෙරිකානු ඩොලර් 130.50ක ලංසුවක් ඉදිරිපත් කිරීමෙන් පසුව එම ලංසුව අනෙකුත් ලංසු හා සැසඳීමේදී තරගකාරිත්වයෙන් තොරවූ නිසා ඔවුන් විසින්ම එම ලංසුව ඉවත් කර ගන්නා ලද බවත්, පසුව මෙම ආයතනය ඉල්මනයිට් මෙට්‍රික්ටොන් 1ක් ඇමෙරිකානු ඩොලර් 150කට මිලදී ගත හැකි බව ටෙන්ඩර් මණ්ඩලයට දන්වා ඇති නමුත්, ටෙන්ඩර් නීති-රීතිවලට අනුව ටෙන්ඩර් මණ්ඩලය විසින් මෙම ලංසුව ප්‍රතික්ෂේප කර‍ ඇති බවත් ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් විසින් වාර්තා කර ඇත.

ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් විසින් වාර්තා කරන ලද ඉහත කරුණු අනුව, එම ගනුදෙනුවේදී මූල්‍යමය අලාභයක් සිදු වී ඇති බවට නිරීක්ෂණය නොවේ.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2022-03-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks