01

E   |     |  

 දිනය: 2022-03-08   පිළිතුර ලබා දී ඇත 

0250/2022: දුම්රිය ෂන්ටින් රියැදුරු සහ රියැදුරු සහායක තනතුරු: පුරප්පාඩු

----

අසන ලද දිනය

2022-03-08

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)       දුම්රිය ෂන්ටින් රියැදුරු සංඛ්‍යාව -147

                        රියැදුරු සහායක සංඛ්‍යාව - 540

              (ii)       දුම්රිය ෂන්ටින් රියැදුරු සංඛ්‍යාව -14

                        රියැදුරු සහායක සංඛ්‍යාව - 191

             (iii)      ඔව්.

                        දුම්රිය ෂන්ටින් රියැදුරු සංඛ්‍යාව -133

                        රියැදුරු සහායක සංඛ්‍යාව   -  349

(ආ) ඔව්.

දුම්රිය ෂන්ටින් රියැදුරු :

මේ වන විට රාජ්‍ය සේවා ‍කොමිෂන් සභාවේ අනුමැතියට යොමු කර ඇති දුම්රිය ෂන්ටින් රියැදුරු බඳවා ගැනීමේ පටිපාටිය අනුමත වූ වහාම බඳවා ගැනීම් සිදු කෙරේ.

රියැදුරු සහායක:

තරග විභාගයක් පවත්වා 2022.01.03 දින රියැදුරු සහායකයින් 60ක් බඳවා ගෙන ඇති අතර, සුදුසුකම් සනාථ කිරීමට ප්‍රමාද වූ 07 දෙනෙකුගේ පත්වීම් ලිපි ද මේ වන විට සකසා ඇත.

ඉතිරි පුරප්පාඩු සඳහා තරග විභාගය සමත් තවත් 80දෙනෙකු සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට මූලික කටයුතු සූදානම් කරමින් පවතී. තාක්ෂණික ශිල්පි සහායක III තනතුරේ වසර 10ක සක්‍රිය හා පූර්වාසන්න අවුරුදු පහක සතුටුදායක සේවා කාලයක් සහිත නිලධාරින් සඳහා ලිඛිත පරීක්ෂණයක් පවත්වා ඉන් සමත් වන්‍නන් වෘත්තීය පරීක්ෂණයකට යොමුකර රියැදුරු සහායක තනතුරට උසස් කිරීමට කටයුතු කරන්නත් මේ වන කොට සූදානම් කරලා තිබෙනවා.

 

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-03-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිලුම් අමුණුගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks