logo

03

E   |     |  

 දිනය: 2022-02-24   පිළිතුර ලබා දී ඇත 

0248/2022: රත්නපුර කම්කරු කාර්යාලය: විතැන් කිරීම

----

අසන ලද දිනය

2022-02-24

අසන ලද්දේ

ගරු නීතිඥ හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය අංක 243, බණඩාරනායක මාවත, රත්නපුර යන ස්ථානයේ ස්ථාපනය කර ඇත.

              (ii)      2015 වර්ෂයේ අප්‍රේල් මස 30 වන දින රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය එම ස්ථානයේ ස්ථාපිත කර ඇත.

            (iii)      රත්නපුර නගරයේ ස්ථාපිත මෙම දිස්ත්‍රික් කම්කරු කාර්යාලය අවිස්සාවේල්ල නගරයට ගෙන යාමට කිසිදු තීරණයක් ගෙන නොමැත.

(iv) රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය දැනට අංක 243, බණ්ඩාරනායක මාවත, රත්නපුර දරන ස්ථානයේ පිහිටි කුලී ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යනු ලබයි. එසේ වුවද, මීට පෙර  මෙම දිස්ත්‍රික් කම්කරු කාර්යාලය රත්නපුර නගරයේ ධර්මපාල මාවතේ පිහිටා තිබූ කම්කරු දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැඟිල්ලක ස්ථාපිත කර තිබුණි. එම ගොඩනැඟිල්ලේ පැවති අනාරක්ෂිතභාවය හේතුවෙන් කුලී පදනම මත ලබා ගත් ගොඩනැඟිල්ලක් වෙත 2015 වර්ෂයේදී මෙම දිස්ත්‍රික් කම්කරු කාර්යාලය විතැන් කිරීමට සිදුවිය. මේ වන විට  කම්කරු දෙපාර්තමේන්තුවට අයත් ධර්මපාල මාවතේ පිහිටි පැරණි ගොඩනැඟිල්ල නවීකරණය කරමින් පවතින අතර, එම කටයුතු අවසන් අදියරේ පවතී.  එම නවීකරණ කටයුතු නිම වූ වහාම හා ජාතික ගොඩනැඟිලි හා පර්යේෂණ සංවිධානයේ නිර්දේශ හා උපදේශකත්වය ලබා ගැනීමෙන් අනතුරුව ආරක්ෂිතභාවය සනාථ කිරීමෙන් පසු කම්කරු දෙපාර්තමේන්තුව සතු එම ගොඩනැඟිල්ල වෙත රත්නපුර දිස්ත්‍රික් කම්කරු කාර්යාලය ගෙන යෑමට කටයුතු කරන බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2022-02-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks