01

E   |     |  

 දිනය: 2022-02-08   පිළිතුර ලබා දී ඇත 

0243/2022: අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු: සබරගමුව පළාත

----

අසන ලද දිනය

2022-02-08

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සබරගමුව පළාත සඳහා අනුමත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු සංඛ්‍යාව පහත පරිදි වේ.

ශ්‍රේණිය

අනුමත තනතුරු සංඛ්‍යාව

I

10

II

32

III

115

එකතුව

157

              (ii)      එම තනතුරුවල මේ වනවිට සේවය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින් සංඛ්‍යාව පහත පරිදි වේ.

ශ්‍රේණිය

සේවය කරන නිලධාරින් සංඛ්‍යාව

I

08

II

37

III

90

එකතුව

135

(iii) ඔව්.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සබරගමුව පළාතට අනුමත කර ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු සංඛ්‍යාව අනුව එම පළාත සඳහා පුරප්පාඩු 22ක් ඇති බව නිරීක්ෂණය වේ.

ඒ අනුව 2020.06.30 දිනට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ පවතින පුරප්පාඩු 442 සීමිත තරග විභාග මඟින් සම්පූර්ණ කිරීමටත්, ජ්‍යෙෂ්ඨතා හා කුසලතා පදනම මත පුරප්පාඩු 67ක් සම්පූර්ණ කිරීමටත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2231 හා 2021.06.04 දිනැති ගැසට් පත්‍රයේ පළ කර ඇති දැන්වීම මඟින් නව බඳවා ගැනීම් සඳහා නි‍වේදනයක් නිකුත් කර ඇත.

තවද, ශ්‍රී ලංකා  අධ්‍යාපන පරිපාලන සේවයට  විවෘත පදනම මත  නිලධාරින් 113දෙනෙකු බඳවා ගැනීම සඳහා අංක 2237 හා 2021.07.16 දිනැති නව බඳවා ගැනීම සඳහා වන ගැසට් නිවේදනය ද නිකුත් කර ඇති අතර, ඒ අනුව  ඉදිරි‍යේදී තරග විභාග පවත්වා සුදුසු නිලධාරින් ශ්‍රී ලංකා  අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට බඳවා‍ ගෙන සබරගමුව පළාත ඇතුළු අනෙකුත් පළාත්වල පුරප්පාඩු පිරවීමට අවශ්‍ය  කටයුතු සිදු කරනු ඇත.

මෙම පුරප්පාඩු සිදු වී ඇත්තේ 2016/ 2017/2018/2019/2020 වර්ෂවල බඳවා ගැනීමේ  නිවේදනය ප්‍රසිද්ධ නොකිරීම හේතුවෙනි.

(ආ) අදාළ නොවේ.  

පිළිතුරු දුන් දිනය

2022-02-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks