01

E   |     |  

 දිනය: 2022-02-25   පිළිතුර ලබා දී ඇත 

0036/2022: ශ්‍රී ලංකාවට ආවේණික ඒක දේශික උභය ජීවී විශේෂ: විස්තර

----

අසන ලද දිනය

2022-02-25

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      2012දී නිකුත් කර ඇති ජාතික රතු දත්ත ලේඛනයට අනුව ශ්‍රී ලංකාවට ආවේණික ඒකදේශික උභය ජීවී විශේෂ සංඛ්‍යාව 95කි.

              (ii)      ඇමුණුම අංක 01**හි වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති රතු දත්ත පොතට ඇතුළත් නාම ලේඛනය ඇතුළත් කර ඇත.

              (iii)      ඇමුණුම 02**හි වඳ වී ගොස් ඇති ඒක දේශික උභය ජීවී විශේෂ නාම ලේඛනය ඇත.

(ආ)          (i)      වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෑතකදී එවැනි සමීක්ෂණයක් සිදු කර නොමැත.

(ii) අදාළ නොවේ.

(iii) දැනට එවැනි සමීක්ෂණයක් කිරීමට සැලසුමක් නොමැත.

(ඇ) (i) ඔව්.

(ii) වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ ප්‍රතිපාදන යටතේ සියලු උභය ජීවී විශේෂ ආරක්ෂා කෙරේ.

එසේම වනජීවී රක්ෂිත පිහිටුවීම හා එම රක්ෂිත නිසි පරිදි කළමනාකරණය සිදු කරමින් පවත්වාගෙන යාම තුළින්ද මෙම ජීවීන් සංරක්ෂණය සිදු වේ.

වනජීවී සංර්ක්ෂණ කටයුතු සහ සියලු ජීවීන් සංරක්ෂණය කිරීමේ කටයුතු පිළිබඳ පාසල් සිසුන් සහ මහ ජනතාව දැනුවත් කිරීම.

උභයජීවී සත්ත්ව විශේෂ සංරක්ෂණයට අදාළ පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහා සහයෝගය ලබා දීම.

(iii) අදාළ නොවේ.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-03-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks