පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-02-24
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ මානව පරිභෝජනයට සුදුසු පලා වර්ග 100කට අධික ප්‍රමාණයක් වාර්තා වී ලැයිස්තුගත කර ඇත.
(ii) බහුලව භාවිත වන බොහොමයක් පලා වර්ගවල පෝෂණ තත්ත්වය පිළිබඳ විධිමත් පර්යේෂණ සිදු කර ලේඛනගත කර ඇත.
(iii) පර්යේෂණ සිදු කර ඇති ආයතන,
1. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
2. විශ්වවිද්‍යාල
3. ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
එමෙන්ම මානව පෝෂණය සඳහා ජෛව විවිධත්වය යන ව්‍යාපෘතිය යටතේ මේ පිළිබඳ විශේෂයෙන් අධ්‍යයනය කර ඇත. (www.bfnsrilanka.org)
(iv) ඒකදේශික සහ ආවේණික පලා වර්ග සංඛ්‍යාවක් ලෙස ගණනය කර නැත. මේවා ප්‍රදේශය අනුව වෙනස් වේ.
(v) මැල්ල, පුපුල, ගිරි තිල්ල, කෙකටිය, බදුල්ල ඒකදේශික පලා වර්ග සමහරකි.
(ආ) (i) දේශීය පලා වර්ග පෝෂණීය හා ඖෂධීය ගුණයෙන් ඉහළයි. මේ පිළිබඳව අධ්‍යයනය කර ලේඛනගත කර ඇත.
(ii) ස්වාභාවිකව ව්‍යාප්ත වන කොළ එළවලු වශයෙන් භාවිත කෙරෙන ශාක වර්ග පාරිසරික හා කාලගුණික වෙනස්කම් නිසා ද, ඉඩම් පරිහරණ රටාවේ ඇතිවන වෙනස්කම් හේතුවෙන් ද වඳවීමේ තර්ජනයට ලක්ව ඇත. ඒකදේශික වර්ග වඳවී යාම සඳහා රසායනික පොහොර භාවිතය ඍජුවම හේතු වන බවට තොරතුරු නොමැත.
(iii) දේශීය පලා වර්ග වැඩි වශයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යාප්තව පවතින බැවින් ඉහත කරුණුවලට අමතරව ඒ පිළිබඳව ඇති පාරම්පරික දැනුම අඩුවීම හා ආහාර රටා වෙනස්වීම හේතුවෙන් මෙම දේශීය කොළ එළවලු භාවිතයෙන් ඉවත් වෙමින් පවතී. මෙය මඟ හරවා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය වැනි ආයතන පාරම්පරික දැනුම ලේඛනගත කිරීමට පියවර ගෙන ඇත.
(ඇ) (i) ඔව්.
(ii) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බහුල වශයෙන් වගාවන් සඳහා යොදා ගන්නා පලා වර්ගවල වගාවට සුදුසු වර්ග නිර්දේශ කර ඇත. නිර්දේශ කළ කොළ එළවලු වර්ගවල එකතුවක් පවත්වාගෙන යන අතර පර්යේෂණ, දැනුවත් කිරීම් හා ව්‍යාප්ති කටයුතු සිදු කරයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් කොළ එළවලු වගාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති ප්‍රකාශන මහජනතාව වෙත ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.
පවුලට අවශ්‍ය පෝෂණය කොළ එළවළු වගාව තුළින් සපුරා ගැනීම සඳහා ගෙවතු තුළින් දිරි ගැන්වීම සිදු කරයි.
කොළ එළවලුවල ජෛව විවිධත්ව වටිනාකම් හඳුනා ගැනීමට කටයුතු කර ඇත.
අගය එකතු කළ ආහාර නිෂ්පාදන හඳුන්වා දීම තුළින් කොළ එළවලු භාවිතය ඉහළ නැංවීම සඳහා පියවර ගෙන ඇත.
මීට අමතරව කොළ එළවලු වගාවේ ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම, නිවැරදි පොහොර භාවිතය සහ ආරක්ෂිත රෝග පළිබෝධ පාලන ක්‍රම පිළිබඳව පර්යේෂණ සිදු කරන අතර, එම තොරතුරු ව්‍යාප්ති අංශය හරහා ගොවීන්ට ලබාදීමට කටයුතු කර ඇත. ඒ සඳහා ප්‍රකාශන ද මුද්‍රණය කර ඇත.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-02-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks