පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-11-08
අසන ලද්දේ
ගරු එම්. එස්. තවුෆික් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) විශ්‍රාම වැටුප් අංක 01-802666 හිමි එම්. නයිමුල්ලාහ් මහතා වෙත 2016.03.10 දින අවසන් වරට විශ්‍රාම වැටුප් ගෙවීම් කර ඇති අතර එම විශ්‍රාම වැටුප පහත පරිදි වේ.
මූලික විශ්‍රාම වැටුප - රු. 6233.24
ජීවන වියදම් දීමනාව - රු. 3675.00
විශේෂ දීමනාව - රු. 6000.00
එකතුව - රු. 15,908.24
(ii) එම්. නයිමුල්ලාහ් මහතාගේ විශ්‍රාම වැටුප සංශෝධනය සඳහා අයදුම්පත්‍රයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර, ඊට අදාළ කටයුතු සිදු කිරීම සඳහා ඔහුගේ විශ්‍රාම වැටුප් ගොනුව, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ගෙන ඇත. ඒ අනුව නයිමුල්ලාහ් මහතාගේ විශ්‍රාම වැටුප් සංශෝධනය සිදු කර ඇත. ප්‍රදාන පත්‍රයෙහි පිටපතක්** මේ සමඟ අමුණා ඇති බව කාරුණිකව දන්වමි.
(iii) ඉහත (ii) මඟින් පිළිතුරු ලබා දී ඇත.
(ආ) අදාළ නොවේ
පිළිතුරු දුන් දිනය
2021-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks