01

E   |     |  

 දිනය: 2021-11-08   පිළිතුර ලබා දී ඇත 

2976/2021: වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල්: පුරප්පාඩු

----

අසන ලද දිනය

2021-11-08

අසන ලද්දේ

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පාලනය කරනු ලබන රෝහල් සංඛ්‍යාව 145කි.

              (ii)      එම රෝහල්වල නම් ඇමුණුම 01 මඟින් දක්වා ඇත.

             (iii)      එම රෝහල්වල පවතින පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් තනතුරු නාම අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 මඟින් දක්වා ඇත.

                        ඇමුණුම 01 සහ 02 සභාගත* කරමි.

(iv) එම රෝහල්වල පවතින පුරප්පාඩු පිරවීමට ගනු ලබන ක්‍රියාමාර්ග:

  • සේවා අවශ්‍යතාව අනුව වාර්ෂික ස්ථාන මාරු හා අනුප්‍රාප්තික ලැයිස්තුව මත විශේෂඥ වෛද්‍යවරුන් අදාළ රෝහල් වෙත අනුයුක්ත කිරීම වාර්ෂිකව සිදු කෙරේ. තවද, විශේෂඥ පුහුණුව අවසන් කර දිවයිනට පැමිණෙන විශේෂඥ වෛද්‍ය නිලධාරින් හඳුනා ගන්නා ලද පුමුඛතාව අනුව අනුයුක්ත කරනු ලැබේ.
  • ස්ථිර පත්වීම් ලබා දෙන ලද වෛද්‍ය නිලධාරින් 132ක් වයඹ පළාත සඳහා වෙන් කර ඇති අතර, ඉන් වෛද්‍ය නිලධාරින් 44දෙනෙකු වයඹ පළාතේ රෝහල්වලට අනුයුක්ත කර ඇත.
  • දන්ත වෛද්‍ය නිලධාරි වාර්ෂික ස්ථාන මාරු මත 2022 ජනවාරි වන විට අනුයුක්ත කිරීමට නියමිතය.
  • හෙද පුහුණු අවසන් විභාගයට පෙනී සිටින ලද 2,685ක කණ්ඩායම සඳහා 2022 ජනවාරි මස පත්වීම් ලබා දීමේ දී හෙද කාර්ය මණ්ඩල අනුයුක්ත කිරීමට අපේක්ෂා කෙරේ. තවද, වාර්ෂික ස්ථාන මාරු යටතේ වයඹ පළාතට ඉල්ලුම් කර ඇති පිට පළාත්වල සේවය කරනු ලබන හෙද නිලධාරින්ගේ ස්ථාන මාරු 2022 ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමකට නියමිතයි.
  • අනුස්ථාපන හා සමායෝජන පුහුණුව අවසන් කළ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ, ඖෂධවේදී සහ විකිරණ ශිල්පී උපාධිධාරින් ඉදිරි වසරේ අනුයුක්ත කිරීමට අපේක්ෂා කෙරේ.
  • පවුල් සෞඛ්‍ය සේවිකා පුහුණුව සඳහා ජාතික මට්ටමින් සිසුන් 1,000ක් බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ මේ වන විටත් සිදු කරමින් පවතී. පුහුණුව අවසානයේ පවුල් සෞඛ්‍ය සේවිකා නිලධාරින් අනුයුක්ත කිරීමට අපේක්ෂා කෙරේ.
  • මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පි සහ ඛන්තු රේඛණ ශිල්පි පුහුණුව සඳහා නිලධාරින් බඳවා ගෙන ඇති අතර, පුහුණුව අවසානයේ නිලධාරින් අනුයුක්ත කරනු ලැබේ.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2021-11-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks