01

E   |     |  

 දිනය: 2021-12-01   පිළිතුර ලබා දී ඇත 

2273/2021: Consultant details appointed to Min. of Parliament and Mass Media during 2015-2019 period

2273/2021

ගරු ඩී. වීරසිංහ මහතා,—ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වර්ෂ 2015 සිට 2019 දක්වා ජනමාධ්‍ය විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද එක් එක් අමාත්‍යවරයාගේ නම හා ධූර කාලය වෙන් වෙන් වශයෙන් කවරේද;

            (ii)       ඉහත එක් එක් අමාත්‍යවරයා විසින් සිය ධූර කාලය තුළ පත් කරන ලද උපදේශකවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම එක් එක් උපදේශකවරයාගේ නම, වයස, අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) එම එක් එක් උපදේශකවරයා සඳහා ගෙවන ලද මාසික වැටුප, දීමනා සහ ලබා දී තිබූ වෙනත් පහසුකම්  කවරේද;

(v) එම එක් එක් උපදේශකවරයා වෙත පවරා දී තිබූ වගකීම් වෙන් වෙන් වශයෙන් කවරේද;

 

 

(vi) එම එක් එක් උපදේශකවරයා නිරත වී ඇති විදේශ සංචාර, එම විදේශ සංචාරවල නිරත වීම සඳහා හේතු වූ කරුණු, එම සංචාර සඳහා දරන ලද වියදම් හා එමඟින් අමාත්‍යාංශයට අත්වූ ප්‍රතිලාභ වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-12-01

අසන ලද්දේ

ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks